හල්ෆෙටි හි කළු රෝස මල

තුර්කියේ, හල්ෆෙටි හි කළු රෝස මලට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. මෙම රෝස මල් වයින් පැහැයෙන් යුත් තද රතු පැහැයක් ගනී. නමුත් මල් පිපෙන විට ඒවා කළු පැහැයක් ගනී. ඇලැටින් අයිඩන් සිනාසෙමින් තම මුනුබුරු මිනිබිරියන් කැඳවා ඔහුගේ ගෙවත්තෙහි අසිරිය නරඹන්නන්ට ඡායාරූප ගැනීමට අවසර ලබා දෙයි. ඔහු රෝස මල් පැළ ඔහුගේ ගෙවත්තෙහි විශාල ටින් වල සිටුවා තබා ගනී. ඔහුද හල්ෆෙටි හි බොහෝ මහලු අය මෙන්, ඔහුගේ ජීවිතයෙන් වැඩි ප්‍රමාණයක් රෝස මල් වගා කරමින් කළු රෝස සොයමින් පැමිණෙන අමුත්තන්ට විකුණයි.
තුර්කි භාෂාවෙන් "කරා ගොල්" ලෙස හඳුන්වන මෙම රෝස මල් මිලදී ගැනීමට දස දෙසින් විදේශීය සංචාරකයින් පැමිණෙති. විශේෂයෙන් තුර්කිය තුළ සහ විශේෂයෙන් පසුගිය දශකය තුළ මිථ්‍යා ගුණාංගයක් එය සතුව ඇත. තුර්කි රූපවාහිනී වැඩසටහනක්ද, නවකතාවක් සහ සුවඳ විලවුන් වර්ගයක්ද මෙම නමින් නිපදවනු ලැබීය. ප්‍රදේශවාසීන් පවසන පරිදි, මෙම කළු රෝස වර්ධනය වන්නේ තුර්කියේ මෙම කුඩා නගරය වන හල්ෆෙටි වල පමණක් බවයි. මෙම රෝස මල් පිළිබඳව දිනෙන් දින දැනගන්නා විවිධාකාර සංචාරකයින් වැඩි වැඩියෙන් නගරයට පැමිණෙන්නේ එය දැක බලා ගැනීම සඳහා යි.
වසන්ත සමයේ කාලගුණය උණුසුම් වන විට, හල්ෆෙටි නගරය කලබල සහිත ස්ථානයක් බවට පරිවර්තනය වන අතර වෙළෙන්දෝ කළු රෝස මල් චුම්බක, යතුරුපුවරු සහ ස්ප්‍රිට්සර් වෙළඳසැල් තුළ දැකිය හැකිවේ. සංචාරකයින් මල් පෝච්චි මිල දී ගන්නා අතර, ළමයින් සුවඳ විලවුන් වර්ගයන්ට බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. කළු රෝස මල් වල සුන්දරත්වයත්, නගරයේ සුන්දරත්වයත් සියළුම සංචාරකයින් දකින බව ඇඩ්නාන් පවසයි, එය එම ස්ථානය පිළිබඳ ඔහුගේ මතකයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් බව ඔහු පවසයි. “අප ජීවත් වූ සිදුවීම් ආර්ථික හා දේශපාලන දෘෂ්ටිකෝණයකින් [සංචාරකයින් දකින දේට වඩා] බෙහෙවින්ම වෙනස් ය. පරම්පරාවකට දඩුවම් ලැබුණි. ඔවුන් සියල්ල අවසන් කළා. ” අවසානයේදී පැවසීය. හල්ෆෙටි හි කළු රෝස මල යනු බොහෝ විට කතාබහට ලක්වන නමුත් කලාතුරකින් දක්නට ලැබෙන මලකි.
by Kaushalya De Silva
Photo source : Internet
2207 Views
Comments