JAN
15
ජාතික කොඩිය හා එහි සිංහයා

අපි අපේ දුවා දරුවන්ට විෂයානුකූලව පාඩම් මාලාවක් මෙන්ම විෂයන්ගෙන් බැහැර වූ දැනුමත් අපි ඔබට ලබා දෙන්නට සිතුවා. ඉතින් අද අපි ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය හා එහි ඇති සිංහයා පිළිබඳව ඔබ නොදත් තොරතුරු පිළිබඳව අපි සොයා බලමු.
- සිංහ කොඩියේ පසුබිමෙහි රතු පැහැය මගින් ජාතික අභිමානය විදහා දක්වයි.
- කොඩිය වටා ඇති කහ වර්ණැති තීරු මගින් කොඩියෙහි නිමාව සේම ජාතීන් අතර වූ එකමුතු බව පෙන්වයි.
- බෝ කොළ සතර මගින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයත් පිළිඹිබු වේ.
- මෙහිදී අසිපත අතැති සිංහයා මගින් සිංහල ජනයා විදහා දක්වන අතරම බුදුන් වහන්සේටත් " ශාක්‍ය සිංහ " ලෙස හදුන්වනු ලබන බැවින් එයද නිරූපණය වනවා. සිංහයාගේ කහ වර්ණයෙන් යොදා ඇත්තේ නුවණැති බව ඉස්මතු කිරීමයි. ඊට අමතරව සිංහයාගේ විවිධ වූ ශරීර අංගයන් තුළින්ද යම් යම් කරුණු පිළිබඳව විස්තර කෙරේ.
> සිංහයාගේ හිස
- හිසෙහි කේෂර 3 න් අලෝභ, අදේස, අමෝහ හා
- කන - අපක්ෂපාතීව සවන් දීමත්,
- හිස පිටුපස පිහිටි කේෂර 20 න් දස කුසල හා දස පාරමිතා,
- නිකටෙහි පිහිටි කේෂර මගින් සත්‍යවාදී බවත්,
- එළියට පැමිණි දිව මගින් කතාවෙහි ඇති එඩිතර භාවය,
- දත් 3 න් තුන්දොර සංවරය
- ඇස මගින් සිහි නුවණින් දැකීමත්,
- නාසය තුළින් ඉව හෙවත් බුද්ධියෙන් විමසා බැලීමත් පිළිබිඹු වේ.
> සිංහයාගේ පාද
- පාද සතරින් උට්ඨාන සම්පදා , ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තා, සම ජීවිතා ලෙස කෙනෙකු සතුටින් සිටීමට අවශ්‍ය වන කරුණුද,
- පාද 3 න් සිටගෙන සිටීම තුළින් ත්‍රිලක්ෂණය හෙවත් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම
- පාද 4 හිම ඇති නිය 8 තුළින් අටලෝ දහමත්
- ඉහළට එසවුණු නිය 4 න් සද්ධා, ශීල, වාග්, ප්‍රඥා
- වලිගයේ ඇති කේෂර 8 තුළින් ආර්ය අශ්ටාංගික මාර්ගයද වේ.
> කඩුව
- කඩුවෙහි බදෙහි අවසානය නෙළුම් පුෂ්පයෙන් නිවනද ,
- කඩුවෙහි අල්ලන කොටසේ ඉදිරියට නෙරූ කොටස් 4 න් ආපෝ , තේජෝ , වායෝ , පඨවි
- කඩුව අල්ලා සිටින ඇගිලි සතරෙන් චතුරාර්ය සත්‍යයද
- තලය බඳට එක්වන කොටසින් මධ්‍යම ප්‍රතිපදාවද
- කඩුවේ තලයෙන් දස රාජ ධර්ම හෙවත් රටෙහි ආරක්ෂාවද පිළිඹිබු වෙයි.
by Kaushalya De Silva
Photo source : Internet
2112 Views
Comments