එක්සත් ජනපදයේ බොහෝදෙනා broken heart syndrome තත්වයේ

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යනයකින් ඔහියෝ රෝහල් දෙකක කොරෝනා වයිරස නොමැති රෝගීන් අතර broken heart syndrome තත්වය දැඩි ලෙස වර්ධනය වී ඇති බව පෙන්නුම් කරනවා. මානසික ආතතියෙන් පෙලෙන හෘද චිකිත්සාව හෝ ටකෝට්සුබෝ සින්ඩ්‍රෝමය බොහෝ විට broken heart syndrome ලෙස හඳුන්වනවා. මෙම තත්වයේදී හෘයේද මාංශ පේශි දුර්වල වන විට එය පපුවේ වේදනාවක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයට හේතු වෙනවා. බැලූ බැල්මට හෘදයාබාධයක් මෙන් පෙන්නුම් කරන නමුත් එය ආතති සහගත සිදුවීම් නිසා ඇතිවන තත්ත්වයක් මිස රුධිර ප්‍රවාහයේ අවහිරතාවයක් නොවේ. නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී මෙම තත්වය මාරාන්තික විය හැකියි. මෙම රෝග තත්ත්වය සාමාන්‍යයෙන් දිනයක් හෝ සති කිහිපයක් තුළ සුව අතට පත්වෙනවා.
ක්ලීව්ලන්ඩ් සායනයේ පර්යේෂකයන් මෙම වසන්තයේ ප්‍රතිකාර ලැබූ හෘදයාබාධ ඇති රෝගීන් රෝහල් දෙකකදී අධ්‍යනය කළ අතර පසුගිය වසර දෙක තුළ ඔවුන් හා සමාන ගැටළු ඇති රෝගීන් සමග සංසන්දනය කර තිබෙනවා. ජමා නෙට්වර්ක් ඕපන් නම් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යනය අනුව මෙම වසංගත කාලය තුළ නැවත සින්ඩ්‍රෝම තත්ත්වයට පත්වන රෝගීන් දෙගුණයකින් වැඩිවී තිබෙන බව අනාවරණය වෙනවා. වසංගතය මුල් අවධියේ දී මාර්තු සහ අප්‍රේල් මාස වල රෝහල්ගත කළ රෝගීන් 250ට වැඩි පිරිසකගේ නියැදියක් මාස දෙක කල් පරිච්ඡේද පහක රෝගීන් 1914 දෙනෙකු මෙම අධ්‍යනය සඳහා යොදාගනු ලැබුවා. එම අධ්‍යනයෙන් නිගමනය කළේ වසංගතය නිසා ඇතිවූ මානසික සමාජ සහ ආර්ථික ආතතිය සමඟ මේ රෝග තත්වයේ වර්ධනය සම්බන්ධව ඇති බවයි.
එක්සත් ජනපදයේ සහ විදේශයන්හි මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් කොරෝනා වෛරසය මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් කර ඇති අතර සමාජීය වශයෙන් දුරස්ථ ජීවත්වීම හුදෙකලා කිරීම කෙරෙහි මේ වන විට විශේෂ අවධානය යොමුකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂක ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මැයි මාසයේ පවසා ඇත්තේ වසංගතයෙන් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති වන බලපෑම දැනටමත් අතිශය ඉහළ බවයි. ටකෝට්සුබොඉ සින්ඩ්‍රෝමය ලෙස විධිමත් ලෙස හැදින්වෙන broken heart syndrome පිළිබඳව එක් විශේෂඥයෙක් මෙම නව අධ්‍යනයේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න මතුවන අවස්ථා පෙන්වා දුන්නා. ඒ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ හෘද රෝග පිළිබඳ මහාචාර්යවරයකු වන වෛද්‍ය ජෝන් හොරොව්ට්ස් පැවසූවේ වී සම වයසේ මිතුරන් විස්සකට වැඩි තොරතුරු ප්‍රකාශයට පත් කර ඇති ඒවා සම්පූර්ණයෙන්ම නිවැරදි බවත් ඔහු මෙම අධ්‍යනයේ උපකල්පන වලට විරුද්ධ නොවන නමුත් සංඛ්‍යනමය ක්‍රමවේදයට විරුද්ධ නව මේ අධ්‍යනය පිළිබඳ සමාලෝචනය කර ඇති ලිපියේ දැක්වෙනවා. කෙසේ වෙතත් පවතින වසංගත තත්වය තවත් බොහෝ කායික මානසික රෝගාබාධ උග්‍ර කරන බවනම් සත්‍යක්.
by Dilki Shamani
source : edition.cnn.com
485 Views
Comments