ව්‍යාපාර ලෝකයේ බලවතුන් ගැන ලියවුන පොත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

ව්‍යාපාර ලෝකයේ බලවතුන් ගැන ලියවුන පොත්

ව්‍යාපාර ලෝකයේ බලවතුන් ගැන ලියවුන පොත්

වේගයෙන් වෙනස්වන ලෝකයේ ව්‍යාපාර ලෝකය කියන්නේ මිනිසුන්ගේ දෛවය වෙනස් කරන ස්ථානයක්. ඉතින් වෙනස් විදිහට හිතන පුද්ගලයන් ව්‍යාපාර ලෝකය තුළ සාර්ථක වුණු කතන්දර ඉතා විශාල ප්‍රමාණයක් ඉතිහාසය පුරාම අපිට අහන්න දකින්න ලැබෙනවා. ගොඩක් දෙනෙක් ඒ මිනිසුන්ගේ සාර්ථකත්වය ගැන කතා කරනවා. ඒ වගේම ඔවුන් ගැන පොත්පත් ලියනවා. මේ සූදානම් වෙන්නේ ලොව සාර්ථක ව්‍යාපාරිකයන් ගැන ලියවුණු පොත් පිළිබඳ ඔබව දැනුවත් කරන්න.

ස්ටීව් ජොබ්ස්

ස්ටීව් ජොබ් ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝකප්‍රසිද්ධ නව නිර්මාණකරුවකු ව්‍යාපාරිකයෙකු වූ ස්ටීව් ජොබ්ස් ඇපල් උපාංග වල නිර්මාණකරු ලෙස සලකනවා. ඉතින් ස්ටීව් ජොබ්ස් ඔහුගේ මරණයෙන් පසුව තවත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. මේ නිසාම ඇමරිකානු ලේඛකයකු හා මාධ්‍යවේදියෙකු වුණු වෝල්ටර් ඉසාක්සන් විසින් ස්ටීව් ජොබ්ස් නමින් පොතක් ලියනවා. ඒ ඔහුගේ චරිතාපදානය ලෙස. ස්ටීව් ජොබ්ස් කෘතියෙන් ඔහුගේ වෘත්තිය ජීවිතය පෞද්ගලික ජීවිතය සහ සමාජයට ගත හැකි ආදර්ශ ඇතුළත් වෙලා තියෙන සාර්ථක කෘතියක් ලෙස ලොව පුරා පාඨකයන් අතර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා.

ඉන්දියානු යකඩ කතුන් ගැන කියවෙන The woman in power: there voice their stories

ඉන්දියාවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ කාන්තාවන්30 දෙනෙකුගේ විස්තර ඇතුළත් කරමින් ඔවුන් ගැන කෘතියක් ලියන්නේ ඉන්දියන් පවර් වුමන් කෙනෙක් ලෙස සැලකෙන නයිනා ලාල් කිද්වායි විසින්. මේ පොතේ ඇතුළත් වෙන්නේ සාර්ථක ව්‍යාපාරිකාවන් පමණක් නොවේ. බැංකු ක්ෂේත්රයේ නීති ක්ෂේත්‍රයේ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවයේ නියුතුව සාර්ථකත්වයට පත් ඉන්දියානු කාන්තාවන් පිළිබඳ මෙහි ඇති විස්තර ඇතුලත් වෙනවා. ඉතින් ඒ අය තමන්ගේ ජීවිතය ජයගන්න වයස විවාහක අවිවාහක බව බාදාවක් කර නොගත් බව මේ කෘතිය කියවපු යම් දවසක ඔබට වැටහේවි.

 

 

 


වොරන් බුෆට් ගැන ලියවුනු snowball

ආයෝජනය පිළිබඳ තොරතුරු එක් රැස් කරන කෙනෙකුට වොරන් බුෆට් කියන්නේ අමුතු කෙනෙක් නම් නෙමේ. ඉතින් මෑත කාලීන අති සාර්ථක ආයෝජකයන් අතරට එකතු වෙන වොරන් බුෆට් ගැන ලියවුණු කෘතිය රචනා කරලා තියෙන්නේ ඇලිස් ශෝඩර් විසින්. වොරන් බුෆට් තමන්ගේ ධනයෙන් 99% කටත් වඩා සුබසාධන කටයුතුවලට පරිත්‍යාග කරලා තියෙන බවත් ලොව සෙසු බිලියනපතියන්ට ඒ විදියට කරන්න ඔහු ආරාධනා කරන නිසා ලොව පුරා ජනතාව අතර ඔහු අති මහත් කීර්තියට පත් වෙලා තියෙනවා. ඔහුගේ මේ සාර්තකත්වයේ රහස් ගැන දැනගන්න ඔබත් මේ පොත කියවන්න.

Losing my virginity


ආයතන හාරසියයකට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන රිචඩ් බ්‍රැන්සන් නම් ලොකප්‍රසිද්ධ ව්‍යාපාරිකයා පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් මේ කෘතිය රචනා වෙලා තියෙනවා. කුඩා අවධියේ සිට ව්‍යාපාරික ලෝකයට අත්පොත් තැබූ රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ සාර්ථකත්වයට පත් වූ ගමන් මග මේ කෘතිය හරහා විස්තර කෙරෙනවා. විශේෂත්වය තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ ඔහු විසින්මයි.

 

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

905 Views

Comments

arrow-up