නිදාගෙන සිටියදීත් මුදල් සෙවිය හැකි අපූරුතම ක්‍රම

වැඩක් කළත් නොකළත් ඔබට මාසිකව හොඳ ආදායමක් ලැබෙනවනම් ඔබ ඒ ගැන මොකද හිතන්නේ? ඔව් එහෙම මුදල් හොයන්න පුළුවන්. අද අපි කථා කරන්නේ ඔබට අක්‍රිය ආදායමක් හෙවත් Passive Income එකක් ලැබෙන සුපිරිම ක්‍රම කිහිපයක් ගැනයි.
" කොහොමද ඉතින් වැඩක් නොකර සල්ලි හොයන්නේ? " මේ ලිපිය අවසානය වන තෙක් කියවන්න. ඔබට හැකි හා පහසු ක්‍රමය තෝරා ගන්න මෙය උපකාරී වෙයි.
- ස්ථාවර තැන්පතුවක් ( Fixed Deposit )
ඔබ ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ මොකක්ද කියලා හොඳින් දන්නවා. නිශ්චිත කාල සීමාවකට ඔබේ මුදල් බැංකුවට ලබා දීමයි මෙහිදී කරන්නේ. සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක ලොකු පොළියක් නොලැබුණත් ඔබට යම් ප්‍රමාණයක සැලකිය යුතු පොළී ප්‍රමාණයක් ඔබ තැන්පත් කරන මුදල සදහා මාසිකව එකතු වේ.
මෙහිදී ඔබට ඔබේ ස්ථාවර තැන්පතුවක වැඩි පොළියක් ලබා ගැනීමට නම් නිවසේ සිටින වැඩිහිටියෙකු හා සමඟ බද්ධ තැන්පතුවක් ආරම්භ කරන්න. ඒ ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සදහා හොඳ පොළියක් ලබා දෙන නිසාවෙනි.
- ඒකක භාර ( Unit trust )
මෙහිදී සිදුවන්නේ කිහිප දෙනෙකුගේ මුදල් එකතු කර භාණ්ඩාගාර බිල්පත්, කොටස් වෙළෙඳපොළ, ඉඩකඩම් හා ගොඩනැගිලිවල ආයෝජනය කිරීමයි. මෙසේ ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ මුදල් ලබා දුන් කිහිප දෙනා අතරේ බෙදා දෙනු ලබයි. මෙම ඒකක භාර තුළ ආයෝජනය පිළිබඳව කිසිදු දැනුමක් අවශ්‍ය නොවේ.
- කොටස් වෙළෙඳපොළ ආයෝජනය ( Stock Market )
නිවැරදිව කොටස් වෙළෙඳපොළ තුල ඔබ ආයෝජනය කළහොත් ඔබට වසර කිහිපයකදීම පොහොසතෙකු වීමේ අවස්ථාව ඇත.
මෙය ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව හොඳ අවබෝධයක් සහ අධ්‍යාපනයක් කළ යුතු අතර, එසේ කරන තැරැව්කාර සමාගම් වල සහය පැතිය හැකියි. මෙම කොටස් වෙළෙඳපොළ ආයෝජනය හරහා ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ යන දෙආකාරයට ඔබට මුදල් ලැබෙනවා.
- භාණ්ඩාගාර හා බැදුම්කර බිල්පත් ( Bonds and Treasury Bills )
මෙහිදී සිදුවන්නේ අපගේ මුදල් ණයක් ලෙස රජයට ලබා දීමයි. නිශ්චිත කාලය අවසානයේදී ඔබට ඔබ ලබා දුන් මුදල හා එහි පොළිය ලබා ගත හැකියි. රජයට නැවත මුද්‍රණය කර හෝ ඔබගේ මුදල් ලබා දීමට ඇති හැකියාව නිසා මුළු ලෝකයේම ඉතා සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය ලොව පුරා පිළිඅරගෙන තිබෙනවා.
- ෆොරෙක්ස් ට්‍රේඩින් ( Forex Trading )
ට්‍රේඩින් වලදී ඔබ සක්‍රිය වී වැඩ කළ යුතු වුවත්, මෙහිදී ට්‍රේඩින් බොට් හෝ කොපි ට්‍රේඩින් ක්‍රමය මගින් ඔබේ මැදිහත් වීමක් නොමැතිව වුණත් ෆොරෙක්ස් ට්‍රේඩින් කළ හැකියි. ඒ සදහා විශාල දැනුමක් අවශ්‍ය නැ.
- ව්‍යාපාරයක් ආරම්භ කිරීම ( Business )
මුලාරම්භයේදී ඔබට රැකියාවක් කරනවාටත් වඩා ගොඩක් මහන්සි වී කැපවීමෙන් වැඩ කළ යුතු වුණත් ඔබේ ව්‍යාපාරය යම් ස්ථාවරත්වයකට පැමිණි පසු ඔබ නැතුව වුවද ව්‍යාපාරයට තනිවම නැගී සිටීමට පුළුවන්. ඒ ඔබගේ සේවක සේවිකාවන්ට වගකීම පවරා නිදහස් වීමෙනි.
- හොඳ පොතක් ලිවීම ( Book Writing )
ඔබට මිනිසුන්ට වැදගත් වන හා ප්‍රිය කරන අන්දමේ පොතක් ලිවීමට නිර්මාණශීලී හැකියාවක් ඇත්නම් පසුබට නොවන්න. මන්ද පොත මුද්‍රණය කර පිටපත් අලෙවි වන වාරයක් පාසාම ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර වෙන නිසා.
ඔබට එම පොත ඉංග්‍රීසි භාෂාවෙන්ම ලිවිය හැකි නම් අමතර වාසියක්ද වනවා මන්ද විදේශ රටවල පවා එය අලෙවි කිරීමේ හැකියාව ඇත්නම් ඔබගේ ආදායම දෙගුණ තෙගුණ වේ.
- ඇෆීලියේට් මාකටිං ( Affiliate Marketing )
අන්තර්ජාලය හරහා වෙළදාම් කිරීම හෝ වෙළදාම් කරන අයගේ භාණ්ඩ ප්‍රවර්ධන වෙබ් අඩවියක් පවත්වාගෙන යාම. මෙහිදී සිදු වන්නේ ලාභ හුවමාරු කරගැනීමක්. භාණ්ඩය විකුණන කෙනාගේ දැන්වීමක් ඔබ වෙබ් අඩවියේ ප්‍රචාරය වීමෙන්, යම් අයෙකු මිලදී ගන්නා අවස්ථාව වන තෙක් ඔබට ආදායමක් ලැබීම. මෙහි ගෙවීම් කොටස් 3 කට සිදුවේ.
1. Pay per click - දැන්වීම් සහිත ලින්ක් මත යමෙකු ක්ලික් කළ විට ලැබෙන ආදායම.
2. Pay per lead - ලින්ක් එක ක්ලික් කර භාණ්ඩය හෝ සේවාව විකුණන පුද්ගලයාගේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වූ විට අමතර මුදලක් ලැබීම.
3. Pay per sale - එම වෙළඳ දැන්වීම හරහා වෙබ් අඩවියට ගොස් භාණ්ඩය මිලදී ගත් විට ලැබෙන මුදල් ප්‍රමාණය.
- මොබයිල් ඇප් ( Mobile apps )
ඔබට ඩයලොග් idea mart, App maker වැනි platform එකක් උපයෝගී කර ගෙන ඉතා සරලව කෝඩින් පිළිබඳව දැනුමක් නැතත් ඇප් එකක් නිර්මාණය කරගත හැකියි. එවගේම ඒ පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකුනම් ඔබටමද නැතහොත් වෙනත් අයෙකු ලවා App එක සාදා ගත හැකියි. යමෙකුට ප්‍රයෝජනවත් වන ආකාරයේ ඇප් එකක් නිර්මාණය කිරීම අනිවාර්ය වේ. Play store වලට එය upload කිරීමෙන් ආදායමක් උපයාගත හැකියි.
- යූ ටියුබ් චැනල් ( Youtube channel )
මෙහිදී ඔබට යූ ටියුබ් චැනල් එකක් පහසුවෙන්ම නිර්මාණය කළ හැකියි. ඔබගේ දක්ෂතාව හා නිර්මාණශීලී හැකියාවන් අනුව නිර්මාණය කරන ලද වීඩියෝවක් Youtube channel එකට upload කරගත හැකියි. එම විඩියෝව නරඹන වාරයක් පාසාම ඔබට ජීවිත කාලය පුරාවටම මුදල් ලැබෙනවා.
ඊට අමතරව ඇඩ්සෙන්ස් හරහා සහ ස්පොන්සර් දැන්වීම් හරහාද ආදායමක් උපයන්න පුළුවන්. Affiliate Marketing හරහා ලින්ක් එක ප්‍රවර්ධනය වීමෙන්ද මුදල් උත්පාදනය වැඩි වෙයි. Facebook පෝස්ට් ලෙස ශෙයා කිරීමෙන්ද මුදල් ලබා ගත හැක. විශාල ලෙස මුදල් උත්පාදන ක්‍රම Youtube හරහා ලබා ගැනීමට මෙම මාර්ග මගින් හැකි වේ.
- ඊබේ හරහා භාණ්ඩ අලෙවිය ( Ebay selling )
ඔබගේ නිවසේ වැඩක් නොගෙන එහෙත් වටිනාකමක් ඇති හෝ භාණ්ඩ අලෙවි කිරීමේ හැකියාව ඊබේ හරහා ලබා ගත හැක. Dropshipping හරහාද ඔබ ලග මේ වන විට නොමැති භාණ්ඩයක් වුවද විකිණිය හැකියි. තොග මිලට භාණ්ඩ ගෙන සිල්ලර මිලට විකිණීමේ ක්‍රියාවලිය මෙහිදී සිදු වේ.
- බදු දීම / කුලියට දීම ( Renting )
ඔබගේ අතේ මුදල් ඇත්නම් ඉඩමක් මිදලී ගෙන වගාවන්ට බදු දීම, ගොඩනැගිල්ලක් සාදා ව්‍යාපාරයකට බදු දීම, ඔබ සතු වාහනය කුලියට දීම, ඔබේ නිවසේ කොටසක් කුලියට දීම යන ආකාරයට අක්‍රිය ආදායමක් ලබා ගත හැකියි. මෙහි තියෙන වාසිය වනුයේ කාලයක් සමඟම මේ ඉඩම්, නිවාස, වාහන හා ගොඩනැගිලි වල වටිනාකමත් වැඩි වීම නිසා මේ හරහා ඔබට ලැබෙන ආදායමත් ක්‍රමක්‍රමයෙන් වැඩි වීමයි.
අප මේ සදහන් කළ අක්‍රිය ආදායම් ක්‍රම මගින් ඔබේ සෘජු මැදිහත්වීමකින් තොර මුදල් ඉපයීමේ හැකියාව ඇති අතර මුලාරම්භයේදී ඔබට මෙය සාර්ථක කර ගැනීමට මහන්සි විය යුතු බව ඇත්ත. එහෙත් එය සාර්ථක කරගත් පසුව ඔබ නිදාගෙන සිටියත්, කෑම කෑවත්, ගමනක් බිමනක් ගියත් ඔබේ බැංකු ගිණුමට මුදල් වැටෙන්නේ නොනැවතීය. ඒ නිසා හොඳ සැලැස්මක් සමඟ අක්‍රිය ආදායමක් ලබා ගැනීම අදම ආරම්භ කරන්න.
by Kaushalya De Silva
Photo source : Internet
791 Views
Comments