මයිකල් ඇන්ජලෝගේ විස්මිත ප්‍රතිමා කලාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

මයිකල් ඇන්ජලෝගේ විස්මිත ප්‍රතිමා කලාව

මයිකල් ඇන්ජලෝගේ විස්මිත ප්‍රතිමා කලාව

මයිකල් ඇන්ජිලෝ ඉතාලියේ නව ප්‍රබෝධ සමාජයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ක්‍රිස්තු වර්ෂ 1475දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ කාසල් කැප්‍රිස් නම් ස්ථානය මයිකල් ඇන්ජලෝ මෙලොව එළිය දුටුවා. මොහුගේ පියා විනිශ්චයකාරවරයෙක්. කුඩාවී චිත්‍ර ශිල්පය කෙරෙහි කැමැත්තක් දැක්වූවා. ගර්ලැඩ්‍යු නම් චිත්‍ර ශිල්පියා හමුවට ගොස් වසර දෙකක් පමණ ඔහු යටතේ ඉගෙන ගත්තා. ඇන්ජලෝ චිත්‍ර හා ප්‍රතිමා ශිල්පය ඉගෙන ගන්නා තරුණ කාලෙදි විවිධ දස්කම් පා ලොව මවිත කලා. දිනක් ඇන්ජලෝ ප්‍රතිමා හා චිත්‍ර ශිල්පය ඉගෙනගත් පාසලේ සියලුම සිසුන්ට කිරිගරුඬින් තරුණ මුහුණක් සහ වයස්ගත මුහුණක් අඹාගෙන එන ලෙස ගුරුවරයා නියම කලා. සියලුම සිසුන් ගුරුවරයා පැවසූ පරිදි තරුණ හා වයස්ගත මුහුණක් සකස් කරගෙන ආවා. අනෙක් සිසුන් සියලු දෙනාම ඇසුවේ මයිකල් පමණක් තරුණ මුහුණක් පමණක් සකස් කරගෙන ආවේ ඇයි කියලා. මෙයට මයිකල් සෑම දෙනාටම කිව්වේ වයස්ගත මුහුණ සකස් කරගෙන ඒමට අමතක වුණු බවයි. සමහර මිත්‍රයන් වයස්ගත ප්‍රතිමාව ගෙන නොඒම නිසා ගුරුවරයාගෙන් බැනුම් ඇසීමට සිදු වන බව කිව්වා. ඒත් මයිකල් ඒ කිසිවක් ගණන් ගත්තේ නෑ.

නියමිත වෙලාවට ගුරුවරයා පන්ති කාමරේට ආවා. පන්තියේ වැඩ ආරම්භ කර පළමුවෙන් තරුණ ප්‍රතිමා මුහුණු පරික්ෂා කිරීමට පටන් ගත්තා
සියලුම සිසුන් පේලියට තමන්ගෙ තරුණ මූණ අල්ලගෙන හිටියා. සියලුම මුහුණු පරික්ෂා කරල මයිකල් ආන්ජලෝගේ මුහුණ අනෙක් සිසුන්ටත් පෙන්වා ක්‍රමානුකූලව තරුණ මූණක් සකස් කොට ඇත්තේ මයිකල් ඇන්ජලෝ පමණක් බව කිව්වා. ඉන්පසු වයස්ගත මුහුණ පරික්ෂා කිරීම ඇරඹුනා. සියලුම සිසුන් වයස්ගත මුහුණ එක පේලියට ප්‍රදර්ශනය කර සිටියදී මයිකල් ඇන්ජලෝ පමණක් තරුණ මුහුණ ප්‍රදර්ශනය කර ගෙන සිටියා. ගුරුවරයා මේ ඇයි කියලා ඇහුවා. සර් මට වයස්ගත මුහුණක් අඹන්න බැරි වුණා යැයි කී විට ගුරුවරයා මයිකල්ට බැන වැදුනා. වයස්ගත මුහුණක් හැදුවේ නැත්නම් කොහොමද ඔබේ දක්ෂතාවය මනින්නෙ කියා පැවසුවා. එවිට පොඩ්ඩක් ඉන්න යැයි පැවසූ මයිකල් වහාම සාක්කුවෙන් කුඩා මිටියක් ගැන පහරවල් කීපයක් ගසා මුහුණ පලදු කළා. නියන අතට ගත් ඔහු කම්මුල් දෙක තරමක් වල ගැස්සුවා. දෙනෙත තරමක් යට ගිල්ලුවා. අවසන් වරට බෙල්ලෙ දික් අතට රැළි කිහිපයක් මතුකර ඔන්න සර් අවුරුදු අසූවක මහල්ලෙක් ගේ මුහුණක්. දැන් ඔබතුමා මොකද කියන්නේ කියා ඇසුවා. විනාඩි 5ක් ඇතුලත ලස්සන තරුණ මුහුණක් අවුරුදු අසූවක මහල්ලෙකුගේ මුහුණක් බවට පත්කළ අයුරු ගුරුතුමා දෑසින්ම දුටුවා.

 

 

 


ඉතින් ඔහු ප්‍රකාශයක් කළා මයිකල් තමයි කවදා හරි මේ ලෝකයේ දක්ෂතම ප්‍රතිමා ශිල්පියා වෙන්නේ. මොහුට සම කළ හැකි අයෙක් මේ මිහිපිට තවම ඉපදිලා නැහැ. මොහු සොබාදහමේ දායාදයක් ලෙස පැවසුවා. චිත්‍ර මූර්ති හා ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි මයිකල් ඇන්ජලෝගේ දස්කම් ප්ලෝරන්ස් නගරයේ පමණක් නොව සමස්ත ඉතාලිය පුරාම විහිදුණා. රෝමයේ වතිකානු මාලිගයේ සිස්ටයින් මන්දිරයේ සිවිලිම චිත්‍රවලින් සැරසීමට ඔහුට ඇරයුම් ලැබුණා. සිස්ටයින් මන්දිරය අඩි හතළිහක් පමණ හා සිවිලිම ඉතාම විශාලයි. ඉතා දක්ෂ ශිල්පියකුට වුවද එය සුළුපටු නෑ. ඒත් ඇන්ජලෝ දැඩි උනන්දුවකින් කටයුතු ආරම්භ කළා. මේ විස්මිත කලා ශිල්පියා මියයන විට වයස අවුරුදු අනූවක් වුණා. ඒත් ඔහුගේ නිර්මාණ තාමත් ලොව සුපතළ නිර්මාණ බවට පත්ව තියෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1335 Views

Comments

arrow-up