මොකක්ද මේ Rapid Antigen Test

මේ දිනවල වැඩිපුරම අසන්නට ලැබෙන වචනයක් තමයි Rapid Antigen Test කියන්නේ. මේ පිළිබඳ ඔබ තොරතුරු දන්නවාද?. මේ ඒ පිළිබඳ සටහනක්. කොරෝනා වෛරස පරික්ෂා කරන ප්‍රධාන ක්‍රම තුනකි. ඒ PCR test, Rapid Antigen Test හා Antibody Test යන ක්‍රමවේදයන්. ඉන් එකක් වන්නේ මෙම ක්ෂනික ප්‍රතිදේහ පරික්ෂාවයි. පීසීආර් තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිඵල ලබාගැනීමට ගතවන කාලය හා එහි පිරිවැය සාපේක්ෂව ඉහළය. මේ නිසා රෝගයක් දැඩි ලෙස සහ බහුල ලෙස පැතිර යන අවස්ථාවේදී එය ආශ්‍රිතව රෝගීන් හඳුනාගැනීම් කඩිනම් කිරීම සඳහා ප්‍රතිදේහ ජනක පරික්ෂාවද සාර්ථකව යොදා ගන්නා තාක්ෂණ උපක්‍රමයක් ලෙස වෛද්‍යවරුන් පෙන්වාදෙයි. මේ පරීක්ෂාවේ ඇති වාසිදායක තත්ත්වයක් වන්නේ එය සඳහා ගතවන කාලය සහ මුදල් විශාල ලෙස අඩුවීමයි. එය සාමාන්‍යයෙන් රුපියල් 1000කට අඩු මුදලකටද කරගත හැකිය. එසේම මේ පරීක්ෂාව පුහුණු කාර්යය මණ්ඩලය ඇතිවිට රෝගීන් සිටින ස්ථානයේදීම ක්ෂේත්‍රයේදී පහසුවෙන් සිදුකළ හැකිය. ඊට පර්යේෂණාගාර භාවිතය අනවශ්‍යය. එය සංකීර්ණ පරීක්ෂාවක්ද නොවේ. එනිසා විනාඩි 10-15ක් තුළ ප්‍රතිඵල ලබාගන්නටද හැකිය.
ස්වොබ් කූර (පර්‍යේෂණය සඳහා යොදාගන්න විශේෂ උපකරණය) යොදා නාසයෙන් හෝ උගුරෙන් ලබාගන්නා ජෛව තරලයේ ඇති වෛරසවල පිටත ප්‍රෝටීන කොපුවෙහි ඇති විශේෂ ප්‍රතිදේහ ජනකය හඳුනාගැනීම මෙහිදී සිදුවෙයි. එය අතේ ගෙන යා හැකි තරමේ පුංචි කට්ටලයකි. සාම්පල ලබා ගැනීම, එයින් වෛරස වෙන්කර ද්‍රාවනයක් තැනීම සහ එම ද්‍රාවන බිඳක් පරීක්ෂකය මතට එක් කිරීම යන සරල පියවර ඔස්සේ විනාඩි 15ක පමණ කාලයකදී මෙයින් වෛරසය සිරුරු ගතව ඇති - නැති බව තහවුරු කර ගන්නට හැකිය.
නමුත් මේ පරීක්ෂාවේ ප්‍රතිඵල සාර්ථකව ලැබෙන්නේ ඉහළ වෛරස් සාන්ද්‍රණයක් රෝගියාගේ සිරැරැගතව ඇතිවිටය. ගොඩක් වෛරස ප්‍රමාණයක් ඇඟේ නැතිවිට මෙයින් රෝගියා නිශ්චිතව හඳුනාගන්නට හැකියාව නැත. එය එම පරික්ෂාවේ අවාසිදායක පැතිකඩකි. එසේම Rapid Antigen Test යනු Antibody Test වලින් සම්පුර්ණයෙන්ම වෙනස් පර්‍යේෂණයකි. වෛරසය ශරීර ගතවූ පසු වැළඳෙන රෝගය සමඟ සටනට එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙයි. Antibody Test හරහා පරීක්ෂාවට ලක්වන්නේ එම ප්‍රතිදේහයන්ය. මේ නිසා රෝගීන් හඳුනාගැනීම උදෙසා මෙම ප්‍රතිදේහ පරීක්ෂාව සුදුසු නැත. මේ නිසා රෝගය සමාජය තුළ කෙතෙක් දුරට ව්‍යාප්තව අත්දැයි සොයන්නට මෙය යොදාගත හැකිය. දැනටමත් මෙම පරීක්ෂාව යම් පමණකට අපේ රටේ සිදුකෙරේ. ඒ රෝගියා සුවය ලබා ඇත්දැයි තහවුරු කරන්නටය.
by Dilki Shamani
Photo source : Internet
692 Views
Comments