යූ ටර්න් හි මායා වූ ගම්‍යයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

යූ ටර්න් හි මායා වූ ගම්‍යයා

යූ ටර්න් හි මායා වූ ගම්‍යයා

2020 වර්ෂය සදහා චිත්‍රපට ලෝලීන් අතරට පැමිණි මේ දිනවලත් සිනමාහල් වල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ප්‍රචාරය වන චිත්‍රපටයකි u-turn. මෙම චිත්‍රපටය හරහා රිදී තිරයට පිවිසෙන අපූර්වතම රංගනවේදිනියකි ගම්‍යයා. යූ-ටර්න් චිත්‍රපටයෙහි මායා නමැති චරිතයට පණපොවන්නේ ඇයයි.

 

චිත්‍රපටයට අනුව මායා යනුවෙන් හඳුන්වන්නේ මිනිසුන්ගේ ආදරය ආකර්ෂණය දිනාගත් ගැහැනියක්. මායා ගේ චරිතය තුළදී මෙන්ම ගම්‍යයාගෙ චරිතය තුළින් ද එවැනිම ගති ලක්ෂණ දැක ගැනීමට පුළුවනි. ඇය රියැලිටි තරගයක නිවේදිකාවක් ලෙසින් ශ්‍රී ලාංකීය ජනතාව අතරට සමීප වුණු සුන්දර යුවතියකි. ඇය විසින් රංගන දායකත්වය ලබා දුන් පළමු චිත්‍රපටය love story වුවද යම් යම් හේතූන් නිසාවෙන් එය තිරගත කිරීම ප්‍රමාද විය. ඉන් අනතුරුව රංගන දායකත්වය සැපයූ චිත්‍රපටය වූයේ මෙම u turn චිත්‍රපටයයි. කුඩා කාලයේ දී ඇය බොහෝමයක් bollywood නිර්මාණ ප්‍රිය කළාය. ඊට හේතුව වූයේ සය වැනි වියේදී පටන් කාලයක් ඇය ඉන්දියාවෙහි ඉගෙනීමේ කටයුතුවල නිරත වීමයි. එම කාලය තුළ bollywood නිර්මාණ තුනක රඟපෑ ඇය ඉන්දියාවේ දී පූර්ණකාලීනව රංගනය විෂයක් වශයෙන් ද හදාරන ලදී. ඊට අමතරව භාෂාව සහ භරත කතක් නර්තන වින්‍යාසයන් ද එහිදී ඉගෙන ගැනීමට අමතක නොකළාය. පසුව ඇය උසස් අධ්‍යාපන කටයුතු සහ පශ්චාත් උපාධි කටයුතු සියල්ලක්ම හදාරන ලද්දේ ඕස්ට්‍රේලියාවෙනි. මේ දිනවල ඇය විසින් ශ්‍රී ලංකාවේ වරලත් අලෙවිකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටි. තවද ඇය විසින් මුද්රා නාට්‍ය කිහිපයකින් ද සිය රංගන කුසලතාවය එළි දැක්වූ අතර ඇගේ නවතම මුද්‍රානාට්‍ය උරුමයක පෙළහරයි.

 

 

ඇය වෘත්තිමය වශයෙන් සිදුකරන්නේ ව්‍යාපාර කළමනාකරණයයි. ඇය පෞද්ගලික අධ්‍යාපන ආයතන කිහිපයකම බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් ද සේවය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ද බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් ඇය කාලයක් සේවය කළාය. ඇය විසින් සැම විටම විශ්වාස කරන්නේ තමන්ගේ ක්‍රියාවන් සමඟ දෛවය වෙනස් කළ හැකි බවයි. එමෙන්ම ඕනෑම දෙයක් ඕනෑවට වඩා අනවශ්‍ය බවත් ඇය නිරන්තරයෙන්ම පවසන කරුණකි. යූ-ටර්න් චිත්‍රපටය හරහා ඇයට සුබදායී ප්‍රතිචාර රාශියක් ලැබී ඇති අතර ඇය විසින් අසුබදායි ප්‍රතිචාරද බලාපොරොත්තු වන්නියකි. මක්නිසාද එම අසුබවාදී ප්‍රතිචාර ඇයගේ රංගන කුසලතාවය තව තවත් වැඩි කර ගැනීමෙහිලා දායක කරගත හැකි බැවිනි. රූ රැජිනක් වශයෙන්ද රංගන වේදිණියක් වශයෙන්ද නිවේදිකාවක් වශයෙන්ද ලොවක් හඳුනන ඇය ඇත්තෙන්ම අපූරු යුවතියකි. රිදී තිරය තුළ තව තවත් වැජඹෙන්නට ඇයට හැකියාව වාසනාව උදාවේවා යැයි අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

775 Views

Comments

arrow-up