කොරෝනා නිසා වසා දැමූ ක්‍රීඩා පිටිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කොරෝනා නිසා වසා දැමූ ක්‍රීඩා පිටිය

කොරෝනා නිසා වසා දැමූ ක්‍රීඩා පිටිය

මේ වන වන විට සීග්‍රයෙන් ලොව පුරා පැතිර යන වෛරස වසංගතය නිසා මේ වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙල එළැඹෙන වසර දක්වා කල් ගිය බව කාටත් නොරහසක්. මීට අමතරව ලොව පුරා සෑම ක්‍රීඩා ඉසව්වකටම මේ වෛරසය තදබල ලෙස බලපෑම් කර තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

කොරෝනා ගැන පළමු ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නේ පාපන්දු ක්‍රීඩාවෙන්. ඉතාලි ජාතික සහ මේ වන විට ජුවෙන්ස්ටන් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ඩැනියෙල් රුගානි මෙලෙස වාර්තා වූ පළමු ක්‍රීඩකයායි. අසනීපව ඉතාලියේ සිටින තම මවගේ සැපදුක් සොයා බැලීමට ගොස් නැවත පැමිණි මොහු ඉන්ටර් මිලාන් තරඟයට ක්‍රීඩා කර තියෙනවා. මේ අවස්ථාවේදී තමාට තමාට තිබූ අසනීප තත්ත්වය මත රුගානි වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති අතර එයින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බව සනාථ වුණා. එම තරගයෙන් අනතුරුව ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ රුගානි සමග විවේකාගාරයේ එකට සිට තිබෙනවා. මේ නිසා රොනාල්ඩෝ ස්වයං නිරෝධයට ලක්ව තියෙනවා.

පසුගිය සතියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකා සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලිය අතරමඟ නැවතුණා. නමුත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරඟය පසුගිය මාර්තු 13 පැවැත්වූවා. ඒ තරගය සඳහා ලෝක මට්ටමේ වැඩි අවධානයක් හිමි වුණේ අනෙක් තරගාවලි අතරමග නවත්වාදී මෙය පැවැත්වීමට කටයුතු යොදා තිබීම නිසායි. නමුත් මේ තරගය සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය තහනම් වුණා. ප්‍රේක්ෂක ඔල්වරසන් ඇති නැති පාළු සොහොනක් බදු සිඩ්නි පිටියේ එය පවත්වනු ලැබුවා .

 

 

 


මේ අතර කොරෝනා වෛරසය ශරීර ගතවූ පළමු මලල ක්‍රීඩකයා වූයේ මැලේසියාවේ 27 හැවිරිදි ජැක්වොන්ග්. මැලේසියාවේ මිටිය විසි කිරීමේ ජාතික ශූරයා ඔහු. තම පියාගෙන් මෙසේ වෛරසය ශරීරගත වූ බවට ඔහු විශ්වාස කරන අතර මේ වනවිට ඔහු ආරක්ෂිතව සීබූ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මැලේසියාවද මේ වන විට කොරෝනා වෛරස් ආසාධිතයන් වැඩි පිරිසක් සිටින රටක් නිසා සියලු ක්‍රීඩා පුහුණුවීම් මේ වන විට ඇනහිට තියෙනවා.

මේ වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර පැසිපන්දු පිටියේ ජනප්‍රිය එන්. බී.ඒ තරගාවලිය දින නියමයක් නොමැතිව අවලංගු කර තියෙනවා. තවද ලොව සියලු තරගාවලි අවලංගු කරන විට පැවැත්වූ එකම තරගාවලිය වූ පාකිස්ථාන ප්‍රිමියර් ලීග් තරගාවලිය ද හදිසියේ නතර වුණා. ඒ තරගාවලියේ ක්‍රීඩාව කර නැවත සිය රට බලා ගියේ එංගලන්තයේ ඇලෙක්ස් හට කොරෝනා වෛරසයට ආසන්න රෝග ලක්ෂණ මතු වීමත් සමඟයි. මෙලෙස ලොව ක්‍රීඩා පිටිය මෙන්ම ජන ජීවිත අඩාල කරමින් කොරෝනාව හිස ඔසවමින් සිටිනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

563 Views

Comments

arrow-up