සාගරයේ ගැඹුරුම ආගාධය " මරියානා ආගාධය"
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

සාගරයේ ගැඹුරුම ආගාධය " මරියානා ආගාධය"

සාගරයේ ගැඹුරුම ආගාධය " මරියානා ආගාධය"

ලෝකයේ විවිධ වූ භූ විෂමතාවයන්ට අනුව විවිධ කඳු හා අගාධ නිර්මාණය වී ඇත.

 

ලෝකයේ ගැඹුරුම තැන ලෙස දක්වා ඇත්තේ මරියානා ආගාධයයි. මෙය සාගරයේ ඇති ගැඹුරුම ස්ථානයද වේ.

 

මෙහි ගැඹුර මීටර් 11034ක් පමණ වේ. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්වුවද එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133 ක් පහළින් පවතී.

 

මේ අනුව මරියානා ආගාධය කෙතරම් ගැඹුරුද යන්න අප සියල්ලන්ටම වැටහේ.

 

මරියානා ආගාධය පිහිටා ඇත්තේ බටහිර පැසිපික් සාගරය තුළයි. මෙහි දිග සැතපුම් 1580ක් පමණ වන අතර පළල සැතපුම් 43ක් පමණ වේ.

 

මරියානා ආගාධය සඳහා නම ලැබී ඇත්තේ මරියානා දූපත් නම් කිරීමෙන් පසුවයි. මෙම ආගාධය අර්ධ කවාකාර හෝ අඩ සඳක හැඩයක් ගනී.

 

විද්‍යාඥයින්ට අනුව මෙය නිර්මාණය වී ඇත්තේ පෘතුවි පෘෂ්ඨය සාගර තලයෙන් ඉහළට එසවීමෙනි.

 

සාගර තලයේ ඇති මරියානා ආගාධ කොටසේ උණුසුම් ජල විවර දක්නට ලැබේ. මෙම විවර තුළින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි ඛනිජ වර්ග නිකුත් කරයි.

 

මරියානා ආගාධයේ උෂ්ණත්වය ඉතා පහළ අගයක පවතී. මෙහි පීඩනය සාමාන්‍ය මුහුදේ පීඩනය මෙන් දහස් ගුණයක් පමණ වේ.

 

මරියානා ආගාධයේ පතුල කහ පැහැයට හුරු පැහැයක් ගනී. ඊට හේතුව දිරාපත් වූ සත්ව කොටස්, ශාක කොටස්, කවච ආදිය නිරන්තරයෙන් එහි තැන්පත් වී තිබීමයි.

 

මෙහි ගැඹුර මුලින්ම මැනීම සිදු කරන ලද්දේ වර්ෂ 1875 වසරේදීය. ඒ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි.

 

ඉන් පසු මෙහි ගැඹුර මනින ලද්දේ 1899 වසරේදීය. මෙයද සිදු කරන ලද්දේ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි.

 

1957 වසරේදී සෝවියට් පර්යේෂණ නැවක් විසින් මෙහි පෙර සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් ගැඹුරට වඩා ගැඹුරක් ඇති බව සොයා ගන්නා ලදි.

 

ඔවුන් වාර්තා කළ ගැඹුර වන්නේ මීටර් 10,990 කි. මීට පසු නවීන තාක්ෂණයත් සමඟ අඛණ්ඩව මෙහි ගැඹුර මැනීම සිදු කරන ලද අතර වර්තමානය වන විට මෙහි ගැඹුර මීටර් 11034ක් බව සොයාගෙන ඇත.

 

මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ විශාල සාගර පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙනි.

 

මේවා භූ තැටි ලෙසින්ද හඳුන්වයි. මෙම ගැටීම නිසා එක් පෘෂ්ඨයක් අනෙකෙන් ඈතට තල්ලු වී පහළට ගොස් ඇත..

 

 

views

20612 Views

Comments

arrow-up