ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ඔබ නොදත් දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ඔබ නොදත් දේ

ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ඔබ නොදත් දේ

ප්‍රාග් ඓතිහාසික යුගය යනු ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර අවධියයි. මෙරට විජයාවතරණයට පෙර යුගය ප්‍රාග් ඓතිහාසික යුගයයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලේඛනගත තොරතුරු වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ පමණ සිටයි. එහෙත් ඊට පෙර සිට ශ්‍රී ලංකාව ජනාවාසව තිබූ බව පුරාවිද්‍යාත්මක සාධක වලින් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. ලේඛණගත මූලාශ්‍ර නොමැති, පුරාවිද්‍යාත්මක සාධක මත පමණක් ගොඩනැඟෙන ඉතිහාසයට අයත් අවධිය ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ජනාවාස පිළිබඳ සාධක හමුවී ඇති ස්ථාන රාශියකි.

රත්නපුර ප්‍රදේශයේ දියලු පස් තට්ටු අතර තිබේ තිරුවානා සහ කහද පාෂාණ වලින් සාදන ලද ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලම් සහ වානර මානවයකුගේ යැයි සිතිය හැකි දත්ද හමුවී ඇත. මෙම සාධක ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රාග් ඓතිහාසික ජනාවාසයකට අයත් යැයි සැලකේ. මේවා පූර්ව ශිලා යුගයට අයත් සාධක ලෙස හඳුන්වයි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක ස්ථාන රාශියකින් ලැබී තිබේ. බුලත්සිංහල පාහියන්ගල ලෙන, කුරුවිට ආසන්නයේ බටදොඹලෙන, කෑගල්ල ආසන්නයේ අත්තනගොඩ පිහිටි අලුලෙන, බෙල්ලන්බැඳිපැලැස්ස සහ කිතුල්ගල බෙලිලෙන ආදී ස්ථාන ඒවායින් කිහිපයකි.

 

 

 


ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳ මානව අවශේෂ පාහියන්ගල, බටදොඹලෙන, බෙල්ලන්බැදිපැලැස්ස ආදී ස්ථානවලින් සොයා ගෙන ඇත. නිල්ගල බෙලිගල්ගේ සහ රාවණාඇල්ල ලෙන්වල කැණීම් මගින්ද මිනිස් ඇට කැබලි සොයාගෙන ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව පිළිබඳ කරුණු අධ්‍යයනයේදී ඔවුන් ගත් ආහාර, වාසස්ථාන, තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කළ මෙවලම් ආදිය ගැන අවධානය යොමු කළ යුතු වේ. මොවුන්ගේ වාසස්ථාන ප්‍රමාණයෙන් කුඩා වූ අතර ඉන් අදහස් වන්නේ කුඩා පවුල් එකක් හෝ දෙකක් එම වාසස්ථානවල ජීවත් වන්නට ඇති බවයි. කිතුල්ගල කැණීම්වලින් සොයාගත් ආහාර පිසීම සඳහා භාවිතා කල ලිප් තරමක් කුඩා ඒවා වීම එයට සාක්ෂියක් ලෙස දැක්විය හැකියි. ඒවා පවුල් වැඩි ගණනකට පාවිච්චිය සඳහා ප්‍රමාණවත් නොවූ බව පැහැදිලි වෙයි.

ආහාර සපයා ගැනීමේ පහසුව, පවුල් ඒකක සංඛ්‍යාව කුඩා වීම කෙරෙහි බලපාන්නට ඇත. කිතුල්ගල කැනීම් වලින් ගොඩනැගිල්ලක සක්ක ගල් අත්තිවාරමක කොටසක් හමුවී ඇත. මෙම නිර්මාණය මෙයට වසර 12, 500 කට පෙර කාලයට අයත් යැයි පිළිගැනේ. බලංගොඩ මානවයා ඉත්තෑවන් ලේනුන් වඳුරන් වැනි කුඩා සතුන් ආහාර ලෙස ගෙන ඇත. වල් ඌරන් සහ ගෝනුන් වැනි විශාල සතුන්ගේ මස් ද කලාතුරකින් ආහාරයට ගෙන ඇත. දිය සහ ගස් බෙල්ලන් වර්ග වර්ග ආහාර වේලේ වැදගත් තැනක් ගත් බව ලැබී ඇති බෙලිකටු වලින් පැහැදිලි වේ. මින් වසර 24 කට පෙර කාලවකවානුවකදී පවා ලුණු භාවිතා කළ බවටද බෙලිලෙනෙන් සාක්ෂි හමුවී ඇත

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

6264 Views

Comments

arrow-up