ඉස්ලාම් ධර්මයේ ආරම්භය සහ ව්‍යාප්තිය ගැන දැනුවත් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

ඉස්ලාම් ධර්මයේ ආරම්භය සහ ව්‍යාප්තිය ගැන දැනුවත් වෙමු

ඉස්ලාම් ධර්මයේ ආරම්භය සහ ව්‍යාප්තිය ගැන දැනුවත් වෙමු

ඉස්ලාම් ධර්මයේ ආදී කර්තෘ ලෙස සලකන්නේ මහම්මත් තුමාය. එතුමා උපන්නේ ක්‍රිස්තු වර්ෂ 570 දී. වෙළෙඳාමේ යෙදුණ එතුමා මක්කම පදිංචිව සිටියේය. khadijah නම් ධනවත් වැන්දබුව එතුමාගේ භාර්යාව වූවාය. දෙවියන්ගෙ එකම නියෝජිතයා තමන් බව එතුමා දේශනා කරන ලද අතර එතුමා දේව වාක්‍ය දේශනා කළ අතරම එම ඉගැන්වීම් ඇතුලත් ග්‍රන්ථය ශුද්ධවූ කුරානයයි. පිළිම සහ චිත්‍ර වන්දනය ප්‍රතික්ෂේප කළ මෙතුමා කුල භේදය වැනි සංකල්ප මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. සියලුම මුස්ලිම්වරුන් එකම සහෝදර පිරිසක් ලෙස සලකන ලද අතර ඉස්ලාම් ධර්මය සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ගැන විශ්වාසය තබයි. ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ඉස්ලාම් ආගමට එරෙහිව සටන් කළ ආගම් අතර ක්‍රිස්තියානි සහ යුදෙව් ආගම් ප්‍රධාන වේ. ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි ලෙස නිකායන් දෙකක් පවතී. කුරාණය පමණක් පිළිගත් පිරිස ෂියා නිකායට අයත් වූ අතර හදීත් නම් ග්‍රන්ථය ද පිළිගත් පිරිස සුන්නි නිකායට අයත් වූහ.

මහම්මත් තුමා ගෙන් පසුව ඉස්ලාම් ධර්මයේ ආරක්ෂකයා හෙවත් කලීෆා වූයේ අබූ බකර් තුමාය. ඔහුට පසුව ආරක්ෂකයා වූයේ උමාර් ය නම් කලීෆාය. මුස්ලිම් ආගමික සහ රාජ්‍ය නායකයා ලෙස කලීෆා සලකන ලදී. ඉස්ලාම් ධර්මය කලීෆාවරුන්ගේ අනුදැනුම මත ව්‍යාප්ත විය. යුරෝපීය බලය ක්‍රිස්තු වර්ෂ 2016 සිට 19 සියවස් වල ලොව පුරා ව්‍යාප්ත වූවාමෙන් ඉස්ලාම් බලය ද ව්‍යාප්ත වීම ලොව විවිධ ප්‍රදේශවලට එකවරම වාගේ සිදුවිය. මහම්මත් තුමා මියගොස් වර්ෂ දහයක් යන විට සිරියාව ඉරාකය සහ මිසරය මුස්ලිම් බලයට යටත් විය. ඊට පසු පර්සියාව ඇනටෝලියාව සුලු ආසියා ප්‍රදේශ යටත් විය. 8 වෙනි ශත වර්ෂයේදී උතුරු අප්‍රිකානු ප්‍රදේශවලටද යුරෝපයේ තුර්කිය ස්පාඤ්ඤය සහ දකුණු ප්‍රංශය දක්වා ද ඉස්ලාම් බලය ව්‍යාප්ත විය. මධ්‍ය ආසියාව ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාවද මුස්ලිම් බලයට යටත් වූ අතර ඊටත් පසුව ඉන්දුනීසියාව මලයාසියාව මාලදිවයින ආදී ටවලටද මුස්ලිම් බලය ව්‍යාප්ත විය.

 

 

 


මුලින්ම ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණයක් එල්ල වූයේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ මුල්තාන් සින්ධි ප්‍රදේශයටයි. එයට පෙර අනාදිමත් කලක පටන් අරාබිවරුන් වෙළඳාම පිණිස ඉන්දියාවට පැමිණියහ. ක්‍රිස්තු වර්ෂ 636 දී භාරුකව්ව ප්‍රදේශයේ රැඳී සිටි මුස්ලිම්වරුන් පලවා හරින ලද බව වාර්තා වේ. ක්‍රිස්තුවර්ෂ 636 සිට 664 දක්වා මුස්ලිම්වරුන්ගෙන් කොල්ලකාරී ආක්‍රමණ කිහිපයක් ඉන්දියාවට එල්ල වී ඇත. එහිදී සුළු වශයෙන් ප්‍රදේශද අල්ලා ගන්නා ලදී. ක්‍රිස්තු වර්ෂ හත්සීය වන විට ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ආක්‍රමණ දේශපාලනමය ස්වරූපයක් ගෙන ඇත. ක්‍රිස්තුවර්ෂ 711 712ත් අතර ඉන්දියාව ආක්‍රමණය කරන ලද්දේ ඉරාක ප්‍රදේශයේ මුස්ලිම් පාලකයෙකු විසිනි. ඔහු යටතේ ඉන්දියාවට පැමිණියේ මොහොමඩ් බින් කාසිම්ය. කාසිම් මෙම ආක්‍රමණයෙන් මහා ධනස්කන්ධයක් රැගෙන ගියේය. කාසිම්ගෙ ආක්‍රමණයෙන් පසු සින්ධ් සහ මුල්තාන් නගර වන හමුදා රඳවා තවදුරටත් ඒවා මුස්ලිම්වරුන් අතේම තබා ගන්නා ලදී. මුස්ලිම් ආගමික ප්‍රතිපත්තිය මත සත්‍යය වූ එකම ආගම ඉස්ලාම්. යුදෙව් සහ ක්‍රිස්තියානි දේවභාෂිත ආගම් ලෙස සලකන ලද නිසා ඒවා අදහන්නන්ගෙන් ජෙසියා නම් බද්දක් අයකරන ලදී. හින්දු බෞද්ධ ආගම් පිළිම අදහන්නන් වූ නිසා ඒවා විනාශ කරන ප්‍රතිපත්තියක් පැවතුණි. මේ නිසා කාසිම්ගේ සේනා වෙහෙර විහාර දාගැබ් කෝවිල් විනාශ කළහ. වස්තුවද කොල්ලකා තිබේ. ක්‍රිස්තුවර්ෂ එකොළොස් වන සියවස වන විට ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන බලය දුර්වල වී තිබුණි. මේ වන විට මක්‍රාන් සහ බයිබර් දුර්ග මාර්ග මුස්ලිම්වරුන් අත පැවතුණි.

 

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

3236 Views

Comments

arrow-up