මිසරයෙන් රන් ආලේපිත මමී 100ක් හමු වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

මිසරයෙන් රන් ආලේපිත මමී 100ක් හමු වේ

මිසරයෙන් රන් ආලේපිත මමී 100ක් හමු වේ

මිසරය ලෙස හැඳින්වූ පුරාණ ඊජිප්තුවේ මමීකරණයට ලක් කෙරුණේ පාරාවන් සහ පාරාවන්ට සමීපව කටයුතු කළ ප්රභූවරුන්ගේ සිරුරු පමණි. සිරුරු නරක් නොවන ආකාරයට මමීකරණය කරමින් ඒවා මිනී පෙට්ටිවල තැන්පත් කර තිබුණේ මිසර ඇදහිලි අනුගමනය කරමිනි. මෙලෙස සිරුර මමීකරණය කිරීමෙන් ඊළඟ ආත්මයට යා හැකි බව මිසර වැසියන්ගේ විශ්වාසය කළ අතර එසේ යෑමට නම් එම තැනැත්තාට ඔහුගේ හෝ ඇයගේ බරට සමානව වස්තුව ද තිබිය යුතු බව විශ්වාසය විය.

 

විවිධ වස්තුව සොහොන් ගෙවල් තුළ තැන්පත් කෙරුණේ මෙම පිළිගැනීම නිසයි. විවිධ පුරාවිද්යාත්මක කැණීම් හරහා ඊජිප්තුවේ වැළලුණු යටගියාව නිතර ඉස්මතු වන අතර වැළලුණු පිරමීඩවල, නටබුන්, මමීකරණය කළ සිරුරු, මමීකරණය කළ බළලුන් ඇතුළු සතුන් හමුවීම එහිදී සිදුවේ.

 

ඊජිප්තුවේ ගීසා නිම්නය සොහොන් බිමක් ලෙස ද සැලකෙන අතර මහා පිරමීඩ ඇති ගීසා නිම්නය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරට වන්නටය. මීට අමතරව සක්කාරා නම් තවත් සොහොන් බිමක් පිහිටා ඇත්තේ කයිරෝ අගනුවරට කිලෝමීටර් 30 ක් දකුණු දෙසිනි. එම භූමිය ද ලෝක උරුමයක් ලෙස සැලකෙන අතර ලොව පළමු පිරමීඩය දකින්න ලැබෙන්නේ මෙහිදීය. පඩි පිරමීඩය ලෙස හඳුන්වන ලොව පළමු පිරමීඩය ක්රි.පූ. 27 වැනි සියවසේ දී ඉදිකළේ යැයි විශ්වාස කෙරේ. මෙම පිරමීඩය ඉහළට ඉදිකර ඇත්තේ පඩි පෙළක් ආකාරයට වන අතර ගීසා පිරමීඩ මෙන් දැවැන්ත නොවේ. මෙම් පඩි පිරමීඩයට නුදුරින් පසුගිය වසර කිහිපය පුරා කැණීම් සිදුවූ අතර ඊට ඊජිප්තු පුරාවිද්යාඥයන් පමණක් නොව, යුරෝපා රටවල පුරාවිද්යාඥයෝ පවා ඊට දායක විය. එම කැනීම් වලදී පසුගිය නොවැම්බරයේ වැළලී ගිය විශාල අංගණයකින් ඉතා අලංකාර ලෙස සිතුවම් ඇඳ වර්ණ ගැන්වූ දැව මිනී පෙට්ටි සොයා ගැනීමට මෙම පුරාවිද්යාඥයෝ සමත්ව තිබේ.

 

 

ඉන්පසු සිදුකළ කැණීම්වලින් එලෙස හමුවුණු දැව මිනී පෙට්ටි ගණන 100 කි. සිදුකළ කාබන් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම මිනී පෙට්ටිවල මමීකරණයට ලක් කළ සිරුරු, එසේත් නැතිනම් මමී වසර 2,500 ක් පැරණි බවයි. සාමාන්යයෙන් මිසරයේ මමීකරණයට ලක් කළේ පාරාවන් සහ පාරාවන්ට සමීපව කටයුතු කළ ප්රභූවරුන් පමණක් බැවින් එකවර හමුවූ මෙම සිරුරු කාගේදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැත. මේ පිළිබඳ වෙනම විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මෙලෙස මමී 100 ක් හමුවීම පිළිබඳ ලොව කාගේත් අවදානය දිනා ගත් සිදුවීමක් වූ අතර ඊට මාධ්යවලින් පුළුල් ප්රචාරයක් ද හිමිවිය. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද මෙම මිනීපෙට්ටි සමඟ සොයාගෙන තිබේ. මෙම පෙට්ටි නිර්මාණයේ විශේෂත්වය වන්නේ ඒවා එක් එක් සිරුරේ හැඩයට අනුව දැවමය වශයෙන් නිමව තිබීමයි. කර තිබීම ද. “මේක එසේ මෙසේ සොයා ගැනීමක් නොවෙයි.

 

ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහ ලේකම් මොස්ටාෆා වසිරි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මෙය එදා මෙදා තුළ සිදු කළ විශිෂ්ටතම සොයා ගැනීම්වලින් එකක් බවයි. මෙලෙස මමීකරණය කළ මෙම සිය දෙනා කවුරුන් විය හැකිද යන්න ප්රශ්නාර්ථයක් හා අබිරහසක් යැයි ඔහු තවදුරටත් ප්රකාශ කරනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

799 Views

Comments

arrow-up