යුද්ධයෙන් නැගීසිටි ලෙබනනය

ලෙබනනය වරින්වර අධිරාජ්‍යවාදී පාලනයට නතු වී තිබුණු අතර එය අවසන් වන්නේ 1518 දී ඔටෝමාන් අධිරාජ්‍යයෙන් පසුවයි. නිදහසින් පසු එහි ඉතිහාසය සනිටුහන් වූයේ මූල්‍ය හා වෙළඳාම සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස. නමුත් පසුකාලීනව ලෙබනන් සිවිල් යුද්ධය 1975 සිට 1990 දක්වා කාලසීමාව තුළ දරුණු ලෙස ඇවිලී ගියා. 2012 වසර වන වන විට ආසන්න වශයෙන් 76 000ක ජනයා ලෙබනනයේ අවතැන්ව සිටියා. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ලෙබනනයේ සිට මිලියනයක් පමණ ජනයා පිටවී ගියා. ලෙබනනයේ වසර පහළොවක් පුරා පැවති සිවිල් යුද්ධය හා අවට රටවල තවමත් ඇවිල්ල යුදගිනි ලෙබනන් ජනතාවගේ අමිරි මතකයන් මකා දමන්නට සමත් නොවුණු බව ලෙබනනයේ සංචාරය කරන කෙනෙකුට ඉතාම පැහැදිලි කාරණයක්.
නගරය පුරාම යුද සෙබළුන් තැනින් තැන ඉදිවී ඇති ආරක්ෂක මුර කපොලු මෝටාර් සහ පිපිරීම් වැදීමෙන් තැනින් තැන තවමත් ඉතිරිව ඇති නටඹුන් වූ සුවිසල් ගොඩනැගිලි මෙන්ම දහස් ගණනින් ලැබෙන රටට ඇතුළු වී ඇති සිරියානු සරණාගතයන් ලෙබනන ජනතාව තුළ තුල අමිහිරි අතීත සිදුවීම් වලට තවමත් වගකියනවා. කොහොම නමුත් පහළොස් වසරක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් වූ විශාල මිනිසා දේපළ හානිය සුළු පටු නොවුවද මේ වන විට ලෙබනනය සීග්‍ර වර්ධනයක් දක්වමින් ඉදිරියට යමින් සිටිනවා.
වර්තමානය වන විට එය සංචාරක කර්මාන්තයෙන් සහ කෘෂිකර්මාන්තයට මුල් තැන දෙන ස්ථානයක් බවට පත්ව තියෙනවා. ලෙබනන සංචාරක කර්මාන්තයේ දේශීය ආර්ථිකයට ඓතිහාසික වැදගත්කමක් එක් කරන අතර අද දක්වාම ලෙබනනය සඳහා ප්‍රධාන මූල්‍ය මාර්ගය බවට පත්ව තියෙන්නෙත් එයමයි. සිවිල් යුද්ධයට පෙර නැගෙනහිර ස්විස්ටර්ලන්තය මැදපෙරදිග පැරීසිය මැද පෙරදිග මුතු ඇටය ලෙසද ලෙසද ලෙබනනය හැඳින්වූවා. මධ්‍යධරණී සංස්කෘතිය ආහාර සංස්කෘතිය ඉතිහාසය පුරාවිද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය ලෙබනනය එසේ හැඳින්වීමට හේතු වුණා. මෙහිදී ගල් යුගයේ සිට ෆීනීෂියානු නගරවලින් රෝම විහාරස්ථාන දක්වාවිද ඔටෝමන් දක්වා පුරාණ හා නූතන ලෝක ඉතිහාසයේ පිළිබිඹු කරමින් රටේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් එහිදී දැකගන්න ලැබෙනවා. විවිධාකාර හැලහැප්වීම් කැලඹීම් වලින් පසුවත් ලෙබනනය නැවත ගොඩ නැගෙමින් පවතිනවා. පුරාණ රෝමානු නටබුන්වලින් සුරක්ෂිත කොට ඇති බලකොටු වලින් ගල් ගුහාවලින් ඓතිහාසික පල්ලි හා මධ්‍යධරණී මුහුද නිසා ලොව ප්‍රසිද්ධ කීර්තිමත් ලෙබනනයේ ආහාර වගේම නොනවතින රාත්‍රී ජීවිත හා ඩිස්ටොක්ටික් වැනි කඳුකර සුඛෝපභෝගී නිවාඩු නිකේතන මේ වන විට රටේ සංවර්ධනයට සෘජුවම දායක වෙමින් තියෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
738 Views
Comments