සාධාරණ ඉටු වූ තනි අලියා

අලි ඇතුන් පිළිබඳ විවිධ කතා බහ වරින්වර ලෝකයේ විවිධ ස්ථානවලින් අනාවරණය වෙනවා. ලෝකයේ හුදකලා අලියා' ලෙස හැඳින්වෙන්නේ ‘කාවන්’. ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට 1985 දී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සමයේ දී පකිස්තානයට කළ ප්‍රදානයක් ලෙස එහි සත්වෝද්‍යානයට ගිය කාවන් මුලින්ම වාසයකලේ පාකිස්ථානයේ මාගසාර් සත්වෝද්‍යානයේ. පසුව ඉන් ඉවත් කර කාම්බෝජය වෙත රැගෙන යාමට එරට මහාධිකරණය නියෝග කර තිබුණා.
කාවන්ට සහාකාරිය වශයෙන් ලංකාවේ සිට සහෙලි නම් ඇතින්නක් 1990දී පකිස්තානයට යවන ලදී. මෙම අලි යුවළ සත්වෝද්‍යානයේ කුඩා වපසරියක දිවි ගෙවූ අතර පාදයේ තුවාලයක් නිසා සත්වෝද්‍යාන නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් 2012දී සහෙලි මිය ගියා. එතැන් පටන් කාවන් තනිව හා වඩාත් ප්‍රචණ්ඩ වූ බව වාර්තා වෙනවා. මේ නිසාම දිනකට දහස් ගණනක දුරක් ඇවිදයන සාමාන්‍ය අලියකුට මෙන් ඇවිද යාමට ඔහුට අවසර නොවීය. ටකරං මඩුවක සිටි කාවන් දැඩි අව් රශ්මියෙන් පීඩා විඳිමින් පාදවලට විලංගු යොදා දම්වැල්වලින් ගැට ගසා සිටියා. සත්වෝද්‍යානයේදී ලැබුණු හිංසකාරී සැලකිලි හේතුවෙන් කායික වශයෙන් පමණක් නොව කාවන් මානසිකව ද පීඩාවට පත්ව සිටියේය.
මෙලෙස හිංසාවට ලක් වූ කාවන්ගේ ඡායාරූප අන්තර්ජාලය හරහා හුවමාරු වීමත් සමග සත්ව ක්‍රියාකාරීන් 2016 වසරේ සිට කාවන් වෙනත් ස්ථානයකට රැගෙන යා යුතු බවට එරටින් දිගින් දිගටම ඉල්ලීම් කළහ. කාවන්ගේ නිදහස වෙනුවෙන් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චෙරිලින් සාකීෂියන්(චෙර්), සත්ව ක්‍රියාකාරී එකමුතු සහ ස්වේච්ඡා සංවිධාන විරෝධතාවක් ආරම්භ කර තිබිණි. ඒ වෙනුවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ද පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. මේ අලියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් අතර සිටින අමීර් නම් පශු වෛද්‍යවරයා කාවන්ගේ මනස සුවපත් කිරීම සඳහා ගීත ගායනා කර තිබේ. ඒවා අසන කාවන් ප්‍රචණ්ඩ හැසිරීම් ඉවත ලා සාමාන්‍ය තත්වයට පත්වන බව නිලධාරීන් හඳුනාගෙන ඇත. අමීර් මහතා, යුද කලාපවල සතුන් බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ පශු වෛද්‍යවරයෙකු වන අතර කාම්බෝජයට රැගෙන යන තුරු කාවන් එක බලා ගැනීම ඔහුට පැවරුණි. අවසානයේ පාකිස්තාන මහ අධිකරණය විසින් මේ තනි අලියාගේ ප්‍රචණ්ඩත්වය වළක්වාලීම සඳහා ඔහුගේ නිදහස වෙනුවෙන් කාම්බෝජය වෙත පිටත් කර හැරීමට නියෝග කරනු ලැබුවා.
කාවන් වෙනුවෙන් ලොව පුරා හඬ නැගූ සත්ත්ව ක්‍රියාකාරීන් ගේ උත්සාහය ඒ අනුව සාර්ථක විය. මනුෂ්‍යන්ට සේම සත්වයන්ටත් ආදරය කරුණාව මෙන්ම නිදහස අවශ්‍ය බවට ඔප්පු කරනු ලැබූ මෑත මෑත කාලීන සාක්ෂියක් වන්නේ කාවන්.
by Dilki Shamani
Photo source : Internet
811 Views
Comments