පිරිමින් සතු නොවන කාන්තාවන්ගේ විශේෂත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
13

පිරිමින් සතු නොවන කාන්තාවන්ගේ විශේෂත්වය

පිරිමින් සතු නොවන කාන්තාවන්ගේ විශේෂත්වය

කාන්තාව හා පිරිමියා යන දෙදෙනා පිළිබදව කතා බහට ලක් කිරීමෙදි කායිකව මෙන්ම මානසිකවත් පැහැදිලි වෙනස්කම් මොවුන් දෙපිරිස අතර දක්නට ලැබෙනවා.

කාන්තාවන් අනුගමනය කරනු ලබන්නේ පිරිමින්ගෙන් වෙනස්ම වූ චර්යා රටාවන්, එම චර්යා රටාවන්ට බලපාන ලබන කායිකමානසිකජීව විද්‍යාත්මක හා ප්‍රජනන වෙනස්කම් ගැහැණු දරුවෙකුට මවගෙන් උත්පත්ති අවස්ථාවේදීම සහජයෙන් උරුම වනවා.

කාන්තාවන් සතුව පවතිනවා පිරිමින්ට උරුම නොවූ ඉතා වැදගත් හා විශේෂිතවූ කායික විද්‍යාත්මක කාර්යන් තුනක් වෙනවා.

# ආර්තවය (ඔසප්වීම)
# ගැබ් ගැනීම
# කිරි එරීම

කාන්තාවන්ටම අවේනික වූ චර්යා රටාවන් නිර්මාණය වීම කෙරෙහි මෙම එක් එක් යාන්ත්‍රණයන් බොහෝ සේ බලපානු ලබනවා. එසේම කානතාවන්ටම වෙන් වූ මානසික විද්‍යාත්මක ලක්ෂණද දක්නට ලැබෙනවා.

කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කැමැත්තක් දක්වනු ලබනවා අදහස් බෙදා හදා ගැනීමට හා අරපිරිමැස්මට. කාන්තාවන් බොහෝ විට පිරිමින් මෙන් නොව මිත්‍ර සමාගම් හා කතා බහ කරගෙන ප්‍රශ්න සදහා පිළිතුරු ලබා ගැනීමට උත්සහ කරනු ලබනවා.

 



විශේෂයෙන්ම කාන්තාවන් යනු පිරිමින්ට වඩා වැඩි සංවේදී බාවයෙන් යුතු පිරිසක්. කාන්තාවන් සතු සංවේදී භාවයන්ගේ දුර්වලතා නිසා බොහෝ විට ඔවුන් වැඩි වශයෙන් ආතතිමය තත්වයන්ට ගොදුරු වෙනවා.

නමුත් කාන්තාවන්ගේ සන්නිවේදන කුසලතාවය හා සංවේදන සංවේදීතාවය පිරිමින්ට වඩා වැඩි ඉහල අගයක පවතිනවා. මේ සියලු ගුණාංගයන් කැටි වූ කාන්තාව සතුව පවතින සුවිශේෂීම හැකියාව වන්නේ නව ජිවින්ට උප්පත්තිය ලබා දෙමින් තම පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යාමට ඇති සුවිශේෂී හැකියාවයි.

ඇය පිරිමියෙකු තරම් කායිකව හා මානසිකව ශක්තිමත් නොවුනත්, ඇය සතු මෙම සුවිශේෂිතා නිසා " සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් සිටින බව" සාමාන්‍ය ව්‍යවහාරයේදී අප පවසනු ලබනවා.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

756 Views

Comments

arrow-up