ලෝකයේ විවිධ රටවල පාසල් දිවා ආහාර වේල් (VIDEO)

ලෝකයේ සෑම රටකම පාසල් ආහාර සඳහා අනුකූල වූ ප්රමිතීන් ඇත. සමහර පාසල් වල දිවා ආහාරය සඳහා සැහැල්ලු ආහාර හා ක්ෂණික ආහාර පිරිනමන අතර තවත් සමහර රටවල් වල පාසලේ අරක්කැමියන් විසින් ම විශේෂ වූ ආහාර පිළියෙල කරයි. ඔබේ පාසල් ආහාර වේලේ වඩාත් ප්‍රියතම ආහාරය කුමක්දැයි කෙනෙකු ඔබෙන් ඇසුවහොත් බොහෝ විට එයට බත්, පාන්, මාළු පාන්, කඩල වැනි ආහාර පිළිතුරු ලෙස ඔබ දක්වනු ඇත. නමුත් සමහර රටවල් වල සිසුන් හට පිළිගන්වන විවිධාකාරයේ සැකසූ අමුතු වර්ගයේ ආහාර කිහිපයක් පිළිබඳව අද අපි විමසා බලමු.
> දකුණු කොරියාව
දකුණු කොරියාවේ පාසල් ආහාර සැලසුම් කිරීමේ ක්‍රමය ලෝකයේ හොඳම ආහාර සැකසුම් කිරීමේ ක්‍රමය ලෙස සලකනු ලබයි. විශේෂයෙන් සැකසූ තැටිවලට බෙදා එම දිවා ආහාරය පිළිගන්වනු ලබන අතර එම තැටිවල විශාල කොටස් දෙක සාමාන්‍යයෙන් බත් හා සුප් සඳහා වෙන්කර ඇත. අනෙකුත් කුඩා තැටි සලාද, මුහුදු ආහාර, එළවළු සහ පලතුරු බෙදා ගැනීම සඳහා සිසුන්ට වෙන්කර ඇත. ඊට අමතරව සිහින් සිරුරු සහිත දරුවන්ට මිනුම් හැන්දකින් මෝරතෙල් සලාකයක් ද ලබා දෙනු ලබයි. එම කෑම වේලෙහි අඩංගු සාම්ප්‍රදායික ආහාර වර්ග අතර තල කොළ බත්, මී පැණි සෝස්, වට්ටක්කා, අර්තාපල්, බූවල්ලන් සහිත පෑන් කේක්, පිපිඤ්ඤා සහ කැරට් අඩංගු වේ. එය ඉතා ඉහළ මට්ටමේ පෝෂණ ගුණයක් සහිත ආහාර වේලකි.
> ජපානය
ජපන් පාසල් වල දිවා ආහාරය දකුණු කොරියානු පාසල්වල දිවා ආහාරයට බෙහෙවින් සමානය. උණු උණු සුප් සහ බත්, කුකුල් මස් හෝ මාළු, සලාද, කිරි වලින් එම ආහාර වේල සමන්විත වේ. උසස් පාසල් වලට සුදුසුකම් ලබන වයස එළඹෙනතෙක් සිසු සිසුවියන් හට ඔවුන්ගේ ආහාර රැගෙන ඒමට අවසර හිමිවන්නේ නැත. ආපනශාලාවල කෑම බීම විකුණුම් යන්ත්‍ර පවා සවි කර නැත.
> තුර්කිය
තුර්කි සිසුන් හට දිවා ආහාර වේල සඳහා පැයක කාලසීමාවක් වෙන්කර ඇත. එයට හේතු වන්නේ එම රටේ ආපනශාලා දුර්ලභ වීමයි. මේ නිසා සිසුන් දිවා ආහාරය සඳහා තම නිවාස කරා යන අතර තරමක් දුරින් පිහිටි නිවාස හිමි දිවා ආහාරය පාසලට රැගෙන එ්ම සිදුකරයි. තුර්කි පාසල් සිසුවෙකු ගන්නා සාමාන්‍ය ආහාර වේලකට රයිස්, පාන්, වෝල් නට්, මිදි, ඇපල්, දෙළුම් ඇතුලත්ය, ඒවා රසවත් මෙන්ම සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබාදීමට උපකාරී වන අතර ඒ මොළේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටද හේතු වේ.
> තායිලන්තය
තායිලන්තයේ සිසුන්ද ජපන් සිසුන් මෙන් ආපන ශාලාවේ දී ආහාර ලබාගැනීම සිදු නොකරයි. ඔවුන්ගේ ආහාර අතරට සාමාන්‍යයෙන් පැණි රස/ඇඹුල් රසැති සෝස් වල තැවරූ ඌරු මස්, බත් සහ කෙසෙල් කොළ වලින් ඔතා ඇති පුඩින් ද ලබා දෙයි. තමාගේ ආහාරවේල ලබාගැනීමෙන් පසුව සිසුන්ට ඔවුන්ගේ රුචිකත්වය මත සෝස් සහ කුළුබඩු එකතු කරගැනීමට අවස්ථාව උදාවේ. ඉන් පසුව පන්ති කාමරයට ගොස් සියලු දෙනා අසුන් ගන්නා තෙක් බලා සිට ඔවුන් සියලු දෙනා අසුන් ගත් පසුව ආහාර ගැනීම ආරම්භ කළ හැකිය.
> ප්‍රංශය
ප්‍රංශයේ සිසුන් සඳහා දිවා ආහාරය පිළිගන්වන්නේ බටහිර ආරට අනුවයි. ඒ අනුව එම ආහාර වේල ප්‍රධාන වශයෙන් මාළු, නිවිති, අර්තාපල් සහ පාන් වලින් සමන්විතයි. ප්‍රංශ ජාතිකයින් සිය දිවා ආහාරය දවසේ ප්‍රධාන ආහාරය ලෙස සලකන බැවින් ඒ තරමක් විශාල ආහාර වේලක් ලෙස ගනු ලබයි. දිවා ආහාර විවේකය පැය 1 සිට පැය 2 දක්වා තරම් දිගුය. මේ විවේක කාලය තුලදී සිසුන්ට කෑම සඳහා නිවසට යාමට අවසර ඇත.
ෆින්ලන්තය
ෆින්ලන්තයේ පාසල්වල දිවා ආහාරය ඉතා වැදගත් ලෙස සලකනු ලබයි. සෑම සිසුවෙකුටම උදෑසන සහ සවස පන්ති අතරතුර දිවා ආහාරය මෙන්ම විවිධාකාරයේ කෙටි ආහාර වර්ග ද පිරිනමනු ලබයි. ළමුන් තම දිවා ආහාරය ආපනශාලා වලදී අනුභව කරන අතරම ඔවුන්ට ලැබෙන විවිධ කෑම වර්ග අතරින් තමන්ට අවශ්‍ය ඕනෑම ආහාර වර්ගයක් තෝරා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. එම සෑම පාසලක්ම සෞඛ්‍ය ගැටළු හෝ ආගම සම්බන්ධ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂ දිවා ආහාර ලබාදීම සිදුකරනු ලබයි. පාසල් දිවා ආහාරය සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ අර්තාපල්, සලාද හා මීට්බෝල්ස් වර්ගයි.
රුසියාව
රුසියාවේ පාසල් සිසුන්හට උදෑසන 9.00 සිට දහවල් 12 දක්වා නොමිලේ උදෑසන ආහාර ලබා ගත හැකිය. දිවා ආහාරය සඳහා මුදල් ගෙවීමක් සිදු කළ යුතු අතර පාසල අසල ජීවත් වන සිසුන් සඳහා දිවා ආහාරයට නිවසට ගොස් ආහාර ගැනීමට අවසර ලබා දී ඇත. ඔවුන්ගේ දිවා ආහාර අතර මාළු හෝ මස්, බත්, බඩඉරිඟු හා දෝසි වර්ගයක් ද ඇතුළත් වේ.
හංගේරියාව
හංගේරියාව විශාල ප්‍රමාණයේ ආහාර වේල් ලබාදෙන අවන්හල් හා කැෆේ සඳහා ප්‍රසිද්ධියක් උසුලන රටකි. පාසල් දිවා ආහාරය සඳහාද එය එසේමය. එම රටවල් පාසල් ළමුන් සඳහා දිවා ආහාරයට නූඩ්ලස්, සුප්, කුකුල් මස් සමග බේක් කළ බෝංචි, විවිධ ඇට වර්ග ඇතුලත් ආහාර වට්ටෝරු කිහිපයක්ම ඇත.
ඊශ්‍රායලය
සෞඛ්‍ය සම්පන්න දිවා ආහාර වේලක් සිසුන්ට ලබාදීමේ ප්‍රතිපත්තියක් ඊශ්‍රායලය සතුව ඇත. රජය විසින් පාසල් දිවා ආහාරය සඳහා අධික මේද සහ සීනි එක් කිරීම තහනම් කර ඇති අතර නමුත් ගැටලුව වන්නේ ළමුන් වැඩි පිරිසක් නිවසේ සිට ආහාර රැගෙන ඒමයි කෙසේ නමුත් ඔවුන් ගන්නා ආහාර සමස්ථයක් ලෙස ගත් විට සම බල ආහාර වේලකි. සුදු චීස්, බිත්තර හෝ ටූනා මසුන්, පැතලි පාන්, එළවළු , රසකැවිලි සහිත පැතලි පාන් සැන්විච් එම පාසල් ආහාර වේලේ අඩංගු වේ.
ඉතාලිය
සූපවේදය සඳහා ලොව සුප්‍රකට ම ඉතාලිය තුළ පාසල් සිසුන්ගේ දිවා ආහාරය කලාපයෙන් කලාපයට වෙනස් වේ. නමුත් එම ආහාර රසවත් වීම හා සමබර වීම ප්‍රධාන වශයෙන් පොදු ස්ථානයක් ගනී. දිවා ආහාරයට පෙර උදෑසනට පාන්, පලතුරු හෝ නිවසේ සෑදූ cookies වැනි සුළු ආහාරයක් සිසුන්ට ලබා දීම සිදු කරයි. දිවා ආහාරය සඳහා ඔවුන්ට වට්ටෝරු දෙකක් ඇති අතර ඉන් පළමුවැන්න පාස්ටා හෝ සහල් සහ මුහුදු ආහාර අඩංගු එකකි. දෙවැන්න එළවළු වර්ග අඩංගු මාලු, මස් හෝ චීස් සහිත ආහාර වේලකි.
2481 Views
Comments