අතීතයේ මිනිසුන් බිලි ගත් වෛරස

වෛරස ව්‍යාප්තීන් තුළින් මිනිසුන් දස දහස් ගණන් බිලිගන්න පටන් ගත්තේ අද ඊයෙක නොවේ. එය ඈත අතීතයේ ඉඳන් සිදුවූවක්. එලෙස සිදු ව්‍යසන පිළිබඳ විස්තර මේ ලිපියේ දැක්වෙනවා.
කළු මරණය හෙවත් මහාමාරිය ආසන්න වශයෙන් ජන ජීවිත මිලියන 75- 200 ත් අතර ප්‍රමාණයක් විනාශ කළා. එම වසංගත උපත ලැබුවේ ආසියාවේ. වරායන් මගින් වෙළෙඳ නෞකා වල වාසය කළ මීයන් හා මැස්සන් මෙම වසංගතය ව්‍යාප්ත කළේ යැයි ජන සම්මතයේ පවතිනවා. 1347 වසරෙ වසරේ කළු මුහුද හරහා ගමන් කර නෞකා 12ක් මගින් මෙසීන් හි සිසිලි වරාය ඔස්සේ යුරෝපයට මේ වෛරසය ව්‍යාප්ත වූ වග වාර්තාවල සටහන් වෙනවා. නෑ හිත මිතුරන් හමුවීමට වරායට පැමිණි නගරවාසීන්ට හමු වූයේ මියගිය ඕජස වැගිරෙන සොල්දාදුවන්ගේ සිරුරු පමණයි. ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලිස් විසින් රචිත oedipus Tyrnnos නාට්‍යයේ ප්‍රධාන චරිතයේ තිබෙස් පුරවරය පුරා පැතිර ගිය වසංගත හඳුනා ගැනීමට මහත් වෙහෙසක් දරනවා. නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයා එය ඔහුගේ අසමත්කම ලෙස වටහා ගන්නවා. පැරණි ග්‍රීක වීරකාව්‍ය මෙවැනි තීරණාත්මක අවස්ථා සහිත ඛේදවාචක නිරූපණයට මහත් වෙහෙසක් දැරුවා. මානව සමාජය ශෝකාන්තය වේදනාව අවබෝධ කරගැනීමට ප්‍රේක්ෂකයා යොමු කිරීම කතාවේ අභිප්‍රාය වෙනවා.
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඉතිහාසය පොලිබියස් සහ පළමු සියවසේ ලිවී මානව සමාජ මත වසංගත පැතිරී යාම දුර්වල සනීපාරක්ෂාව දේශගුණික වෙනස්කම් සහ පරිසර දූෂණය නිසා වූ බව පවසනවා. ඉතිහාසඥ තුඩීසියස් ක්‍රිස්තු පූර්ව 430දී ඇතැන්ස් පුරවරයේ පැතිර ගිය වසංගත හේතුවෙන් උණ රෝගීන් දරුණු උණ රෝගයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා වේදනාවෙන් පීඩා විඳීම නිසා ඔවුන්ගේ මතකය අමතකවූ බව විස්තර කරනවා. මේ වසංගත අභියෝගය සඳහා ඇතැන්ස් පුරවරයේ කිසිදු පෙර සූදානමක් තිබුණේ නැහැ. ස්පාර්ටාවරු පුරවරයෙන් එපිට මුරලා සිටි නිසා පුරවරය ඇතුළත සිරගත වූවන් රෝගයෙන් මහත් ව්‍යසනයකට ගොදුරු වූ බව තුඩීසියස්ගේ පෙලොපෝනිසියන් යුද වාර්තාවේ සඳහන් වෙනවා. වසංගතයේ භයානක ස්වභාවයෙන් අපේක්ෂා භංගත්වයට පත් ජනයා බියෙන් සන්තාපයෙන් ගිලිමින් හුදෙකලාවේ නින්දේදීම මියැදුණු වග මේ වාර්තාවල දක්වනවා. අවධානයකින් තොරව නිසි පරිදි මිහිදන් නොවුණු මළකුණු වලින් අධික ජනගහනය සහිත පුරවරයේ විසබීජ පැතිර යාම මංකොල්ලකෑම් නීති රීති වල් වැදීම නිසා ඇතැන්ස් පුරවරය නටබුන් වූයේ යැයි සදහන් වෙනවා. මෙසපොතේමියාවේ ක්‍රිස්තු වර්ෂ 165 දී ඉතාලියට පැමිණි සොල්දාදුවන් නාවිකයෝ මෙම මහාමාරිය වසංගතය සමඟ රෝමයට පැමිණියා.
මේ විට ලෝකය පුරා පැතිර යමින් පවතින කොරෝනා වෛරසයද මෙලෙස අතීතයේ සිදුවුනු ව්‍යසනයන් නැවත මතක් කිරීමක් වගෙයි.
by Dilki Shamani
Photo Source: Internet
826 Views
Comments