සිරුරෙන් නිකුත් වෙන ඕරා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

සිරුරෙන් නිකුත් වෙන ඕරා

සිරුරෙන් නිකුත් වෙන ඕරා

ඕරා කියන්නේ අපේ සිරුර වටා ඇති වලාකුළක් වැනි ද්‍රව්‍යකින් සමන්විත රශ්මි වළල්ලක්. මෙය ශක්ති ජනකයක් වශයෙන් හදුන්වනවා. සෑම ප්‍රාණියකු මෙන්ම වස්තුවක් වටා මේ රශ්මි වළල්ල පිහිටා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනකුගේ ශරීරයේ සෙන්ටි මීටර් 40 ක ප්‍රමාණයක් වටා මේ රශ්මි වලල්ල විහිදී තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1909 දී සෙම්යොන් කීර්ලියන් නම් විද්‍යාඥ ඡායාරූප ක්ෂේත්‍රයට සම්බන්ධ පරීක්ෂණයක නිරතවෙමින් සිටියා. මෙහිදී අධි වෝල්ටීයතාවක් සහිත තහඩුවක් භාවිතා කරන අතර අහඹු සිදුවීමක් හේතුවෙන් මේ විද්‍යාඥයගේ එක් අතක් එම තහඩුව අතරට ගොස් තියෙනවා. පසුව සේයාරූ පරීක්ෂා කළ විට ඔහු දැක තියෙන්නේ තම අත සේයා පටලයේ සඳහන්වී තිබීම. ඒ සමඟම අත වටා රශ්මි ධාරාවක් සටහන්ව තියෙනවා. කීර්ලියන් නම් ඡායාරූප ක්ෂේත්‍රයේ උපත සිදුවූයේ ඒ විදිහට. ගසක අත්තක් ඇති ශාක පත්‍රයක් ඉවත් කර එම අතු කොටසේ ඒ ක්‍රමවේදයට අනුව ඡායාරූපගත කළ විට ඉවත්කර පත්‍රයද සහිතව රශ්මි ධාරා සටහන් වෙනවා. ඒ නිසා ජීවීන්ගේ සූක්ෂ්ම ශරීරය පිළිබඳ නව සොයාගැනීම් රැසකට මේ ක්‍රමවේදය මුලපුරා තියෙනවා.
 

 

 



බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ වැනි ආධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තූරවල හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලක් පිහිටුවා තියෙන්නේ මේ ඕරා නොහොත් රෂ්මි වළල්ලයි. මනස තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අපේ සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණ ගන්වා. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ඉහල තල වල සිටින අයගේ ඕරා විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාස්වර රශ්මි ධාරාවක්. මේ රශ්මි ධාරාවන් පියවි ඇසට දකින අපහසුයි. නමුත් අධි මානසික ශක්තියෙන් හෙබි ධ්‍යානලාභී සෘෂිවරුන්ට ඒවා දැකිය හැකි වෙනවා. ආදරය සෙනෙහස වැනි හැඟීම් ඉතා පියකරු රෝස පැහැයකින් මේ ධාරාවේ පෙන්නනවා. නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර රෝගී බව අඳුරු පැහැයෙන් ද සුවපත් බව කොළ පැහැයෙන්ද පෙන්නුම් කරනවා. ඕරාව රතු පැහැයෙන් දනවන්නේ ඔබ දැඩි කණස්සල්ලෙන් හෝ කෝපයෙන් පසුවන විට. එමෙන්ම සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා. ආධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින් ද පසුතැවිලි බව කළු පැහැයකින් ද පෙන්නුම් කරනවා.

කෙනෙකුගේ සිතුවිලි අනුව දිනකට කිහිප වතාවක් වතාවක්ම ඕරාවේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්.

ඕරාවේ නැත්නම් රශ්මිය වළල්ලේ සමහර අවස්ථාවල කුඩා සිදුරු හටගන්නවා. මේවා සිදුරු වන්නේ මානසික සහ කායික ශක්තියද පිරිහී යාම නිසයි. අපට දැඩි කනස්සල්ලට ශෝකයට පත් වූ අවස්ථා වල හෝ දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවල ඕරාව සිදුරු වෙනවා. එවිට බාහිර පරිසරයේ අපට නොපෙනෙන බලවේග අපේ සිරුරට ඇතුළු වීමට ඉඩකඩ ලබා ගන්නවා. සිරුර වටා ඇති ඕරාව නැත්නම් රශ්මි වළල්ල පිරිසිදු මෙන්ම ශක්තිමත්ව තබා ගැනීමට අප උනන්දු විය යුතුයි. එය අපට කළ හැක්කේ කනස්සල්ලො ඉරිසියාව බය වෛරය වැන ඍණාත්මක සිතුවිලි වලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්‍රිය වැනි ධනාත්මක සුබවාදී සිතුවලි වලින් අපේ සිත ශක්තිමත් කරගැනීමෙන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1184 Views

Comments

arrow-up