විද්‍යාත්මක හේතු - 02

ඔන්න අදත් අපි අපේ දුවා දරුවන්ට වැදගත් වන විද්‍යාත්මක හේතු කිහිපයක් පැහැදිලි කරන්නට අරගෙන ආවා. ඔයාලගේ දැනුමට තවත් වටිනා කියන තොරතුරු කිහිපයක්ම තියෙනවා. අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න හරිද?
FACT 01 :
තෙල් වලින් ඇවිළුනු ගින්නක් නිවීමට ජලය යොදා නොගත යුතුයි. ඒ තෙල්වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා, තෙල් ගින්න මත ජලය දැමූ විට තෙල් ජලය මත පාවී පැතිර යාවි. එයින් ගින්න තව තවත් වැඩි වනවා.
FACT 02 :
ක්‍රියා කරවන ලද විදුලි පංකාවක් ඉදිරියේ හිටගෙන සිටිනා ඔබට සිසිලසක් දැනෙන්නේ, හමන සුළං වලින් ඔබගේ දහඩිය ඉතා ඉක්මනින් වාෂ්ප වන නිසා. එසෙත් නැතිනම් ශරීරයෙන් තාපය ඉක්මනින්ම පිටවීම මගින් සිසිලසක් දැනේ.
FACT 03 :
පැහැදිලි අහස ඇති රැයකට පසු උදා වෙන උදය වඩාත් සිසිල් ගතියක් දැනෙන්නේ රාත්‍රී අහස පැහැදිලිව ඇති විට පොළොවේ තාපය හොඳින් වාෂ්ප වීම නිසා පසුදින උදය වැඩි සීතල ගතියක් ඇතිවේ.
FACT 04 :
සිමෙන්ති දැමූ පොළොවකට දිනකට පමණ පසු ජලය ඉසින්නේ සිමෙන්ති බදාමය සවි වන්නේ ජලය එක් වීම තුළින් නිසා ( සජලනය )
FACT 05 :
කැටපෝලයකින් ගලක් විසි කිරීමේදී එහි රබර් පටිය වඩාත් වැඩිපුර ඇදීමෙන් පසු අතහැරිය විට ගල වඩාත් ඈතට විසි වේ. මෙහිදී රබර් පටිය ඇදීම වැඩි වන විට එහි අධිකව විභව ශක්තියක් ඇති වෙනවා.
FACT 06 :
තැනිතලා බිමක බරක් කරමත ඔසවාගෙන යාමට වඩා කන්දක ඉහළට නැගීම අපහසුයි. එසේ සිදුවන්නේ කන්දක ඉහළට බර ඔසවාගෙන යනවිට ගුරුත්වයට විරුද්ධ කාර්යයක් තළ යුතු බැවින් එය අපහසු කාර්යයක් වීමයි.
FACT 07 :
මිනිසාගේ රුධිරය රතු පාට වීමට හේතුව, හිමොග්ලොබින් නැමැති වර්ණකය නිසාවෙනි.
FACT 08 :
රෝගකාරක විෂබීජ ශරීරයට ඇතුළු වූ සෑම විටකම රෝග නොවැළදේ. එයට හේතුව අපගේ සිරුර රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිකරණය හේතුවෙනි.
FACT 09 :
උක් ගසේ කඳ පැණි රසයි. උක් ගසෙහි පත්‍ර වල නිපදවෙන ආහාර සුක්රෝස් සීනි ලෙස එහි කදෙහි ගබඩා කර ඇති නිසාවෙනි.
FACT 10 :
බොහෝ ශාක පත්‍ර කොළ පාට නමුත් හතු එසේත් නැත්නම් බිම්මල් සුදු පාට වෙනවා. ඒ සාමාන්‍යයෙන් ශාක පත්‍ර කොළ පැහැගැන්වෙන්නේ හරිතප්‍රද නිසා. බිම්මල් වල මේ හරිතප්‍රද නොමැති නිසා එහි වර්ණකය සුදු පාට වේ.
3475 Views
Comments