මහ මුහුදෙන් එන පානීය ජලය

නවීන තාක්ෂණය කොතනින් කෙලවර වේවිද? කවදා හරි ඔබට හිතිලා තියෙනවද? මේ තාක්ෂණික දියුණුව මිනිස් වර්ගයාඅද වන විට මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු වලට විසදුම් රැසක් ඉදිරිපත් කරාවි. ලෝක ජනගහණය දිනෙන් දිනම වර්ධනය වන නිසා නාගරීකරණය දිනෙන් දිනම ඉහළ යනවා. මීට සාපේක්ෂව ජලය ඉල්ලුමත් ඉහළ යාම වළක්වන්න බැහැ. ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දැනටමත් පිරිසිදු පානීය ජල සොයා සොයා ගැනීම උග්‍ර ගැටළුවක් වෙලා තියෙනවා. මෙයට විසඳුමක් සෙවීමේදී ඊට සුදුසුම විසඳුම තියෙන්නේ සාගරයේ. ලෝකයේ ඇති සම්පූර්ණ ජලයෙන් අපට භාවිතා කළ හැකි පිරිසිදු ජලය පවතින්නේ සියයට එකක් විතරයි. කොටසක් අයිස් ලෙස පවතින අතර 97.5%ම පවතින්නේ ලුණු මිශ්‍රිත සාගර ජලය ලෙස. යම් හෙයකින් සාගර ජලය පහසුවෙන් පිරිසිදු ජලය බවට හැරවිය හැකි නම් ඉන් මානව ජල අවශ්‍යතාවය සහ මුලින්ම විසදා ගත හැකි වෙනවා.
දැනට ලවණ ජලය පිරිසිදු කිරීම සඳහා භාවිතා වන සාම්ප්‍රදායික ක්‍රම සඳහා වැයවන මුදල ඉතාම අධිකයි. ඊශ්‍රාලය සෞදි අරාබිය වැනි රටවල් මහා පරිමාණයෙන් මෙය සිදු කළත් ජලය පිරිසිදු කිරීම සඳහා වැයවන බලශක්තිය අධික වීම එහි බහුල භාවිතයට සීමාවන් පනවනු ලබනවා. මේ ගැටළුවට පිළිතුරු සැපයීම සඳහා පර්යේෂකයන් විසින් සූර්ය තාපයේ බලයෙන් මුහුදු ජලය පිරිසිදු කිරීමේ ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා. සංකේන්ද්‍රිත සූර්ය බලය නැත්නම් concentrated solar power අනාගතයේ මහා පරිමාණ භාවිතයට පැමිණෙනු ඇතැයි සැලකෙනවා. මේ වගේ ක්‍රමයකදී සිදුවන්නේ විශාල ප්‍රදේශයකට වැටෙන හිරු එලිය එක තැනකට කේන්ද්‍ර ගත කරලා එහි ලැබෙන තාපයෙන් ජල වාෂ්ප නිපදවා ටර්බයින කරකැවීමෙන් ලැබෙන ශක්තියෙන් ජලය පිරිසිදු කරවීම සඳහා යොදාගැනීම සිදුකල හැක. සංකේන්ද්‍රිත ප්‍රකාශ විද්‍යුත් කෝෂ concentrated potovoltaic cell කියන්නෙත් මේ වගේ තාක්ෂණයක්. එහිදී සූර්ය කෝෂ නිර්මාණය කරලා තියෙන්නේ කුඩා උත්තල අවකාච ගණනාවකින්. ඒවායේ සංකේන්ද්‍රය කරන හිරු එළිය සාමාන්‍ය ලෙස විදුලිය නිපදවන අතර සූර්ය කෝෂ තලයේ දිගේ විහිදුණු ජලය ගලා යන කේශික ජාලයක් හරහා ජල වාෂ්ප නිපදවා ඒ හරහා විදුලිය නිපදවා ගන්නවා. මේ ශක්තිය ඉන්පසු යොමු කෙරෙන්නේ ප්‍රති ආස්‍රැතිය වැනි ක්‍රම හරහා ජලය පිරිසිදු කිරීමටයි. මේ තාක්ෂණයන් වැඩිදුරටත් දියුණු වීම සමග ඒවායේ මිල විශාල ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. තවත් වසර විස්සක් විතර ගතවෙනකොට ලොව පුරා මුහුදු ජලයෙන් නිපදවූ වතුර බීමට ගන්න පුළුවන් වේ යැයි වැඩි දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඇත්තටම ඒක එහෙම වුනොත් මුලු ලෝකයේම තියෙන උග්‍ර පානීය ජල ගැටළුවට සාර්ථක විසඳුමක් ලැබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
862 Views
Comments