පිපිරීමට ආසන්න බෙට්ල්ජූස් තාරකාව

රාත්‍රී අහසේ විවිධ තාරකාවන් පහසුවෙන් දැක ගත හැකි වෙනවා. ඒවා පෘථිවියට ඉහළ අහසේ විවිධ දුර ප්‍රමාණ වලින් පිහිටන අතර ඉන් නිර්මාණය කෙරෙන රාශීන් දොළහක් පමණ තිබෙනවා. වසරේ එක් එක් කාලවලදී පැහැදිලිව මේ රාශීන් දැක ගත හැකි වෙනවා. මේ දිනවල රාත්‍රී අහසේ ඉතා පැහැදිලිව හදුනාගත හැකි තාරකා රාශියක් ලෙස ඔරායන් හෙවත් දඩයක්කාරයා තාරකා රාශිය හැඳින්විය හැකියි. ඔරායන්ගේ වම් උරහිස නිරූපණය කරන බෙට්ල්ජූස් තාරකාව පිළිබඳ මේ දිනවල බොහෝ විද්‍යාඥයන්ගේ අවධානය යොමුවෙලා තියනවා. සමහර විට ඔබ අසා ඇති බෙට්ල්ජූස් තාරකාව රතු යෝධ තාරකාවක් බව. ඔබට රාත්‍රී ආස නිරීක්ෂණය කරන විට මෙම බෙට්ල්ජූස් තාරකව රතු පැහැයෙන් දිස්වනවා නිරීක්ෂණය කළ හැකියි. මේ දිනවල එම තාරකාව ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිනවා. තාරකා විද්‍යාඥයින් විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූයේ එහි දීප්ති විශාලනය පෙර පැවති තත්ත්වයට වඩා අඩුවී ඇති බවයි. ඔරායන්ගේ දකුණු දණහිස නියෝජනය කරන රිජෙල් තාරකාව හා සැසදීමෙන් එය නිරීක්ෂණය කල හැක. මේ දින වල බෙට්ල්ජූස් තාරකාව ඔරායන්ගේ තවත් තාරකාවක් වන බෙලාට්‍රික්ස් තාරකාවට වඩා මදක් දීප්තියෙන් වැඩි වුවද වෘෂබ තාරකා රාශිය පිහිටන රූපයෙන් තාරකා රාශියේ පිහිටන ඇල්ඩිබෙරාන් තාරකාවට වඩා දීප්තිය අඩුවෙන්ද දිස් වෙනවා. ඒ අනුව තාරකා විද්‍යාඥ විසින් සිදුකරගෙන දීප්ති විශාල ගණනය කිරීමට අනුව මේ දිනවල බෙට්ල්ජූස්ගේ විශාලය 1.4 ක් පමණ වෙනවා. මෙලෙස සිදුවන්නේ යම් තාරකාවක් පිපිරීමට ආසන්න වූ විට බවයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ.
එසේම ඔරායන් තාරකා රාශිය සැලකීමේදී ඔරායන්ගේ කඩු කොපුවේ පිහිටා ඇති ඔරායන් නිහාරිකාව ද තාරකා විද්‍යාඥයින් වැඩි අවධානයක් යොමු දිනා ගැනීමට සමත් වැදගත් ගැඹුරු වස්තුවක්. M42 ලෙස හැදින්වෙන මෙම ඔරායන්ගේ නිහාරිකාව ඔරායන්ගේ කඩුව නිරූපණය කරන තාරකා තුනේ මැද ඇති තාරකාවෙන් නිරූපණය කරනවා. M42 හෙවත් ඔරායන් නිහාරිකාවට ඉහළින් ඔරායන්ගේ කඩුව නිරූපණය කරන පළමු තරුවෙන් NGC 1981 යන තරු පොකුර නිරූපණය කරනවා. මෙය විවෘත තරු පොකුරු ගණයට අයත් වන ගැඹුරු ආකාශ වස්තුවක් ලෙස සැලකෙනවා. එය දීප්තිමත් තරු වලින් සමන්විත වන අංශක භාගයක පමණ විශ්කම්භයක් සහිත තරු පොකුරක්.
රාත්‍රී අහස නිරීක්ෂණය වන ගැඹුරු ආකාශ වස්තු හා විචල්‍ය තාරකාවන්ගෙන් සමන්විත ඉතා දැකුම්කළු තාරකා රාශියක් වන ඔරායන් තාරකා රාශිය තාරකා තාරකාවිද්‍යා ලෝලියකු විසින් අනිවාර්යෙන්ම නිරීක්ෂණය කළ යුතු රාශියක් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
756 Views
Comments