කාර් කොටස් එකතු කර හදන වෙන්ටිලේටර්

2017 වසරේ ඇමෙරිකාවේ එක්තරා ජාත්‍යන්තර තරඟයකදි විශේෂ ත්‍යාගයක් දිනා ගනිමින් ලෝකයේම අවධානයට ලක් වූ ඇෆ්ගනිස්තානයේ බාලිකා රොබෝටික්ස් කණ්ඩායම මේ දිනවල සිය අවධානය කොරෝනා වයිරස් රෝගීන් වෙත යොමු කරමින් මෝටර් රථ වල කොටස් භාවිතා කරමින් දැරිය හැකි මිලකට අලෙවි කළ හැකි වෙන්ටිලේටර් උපකරණ සකස් කරමින් සිටිනවා.
එවැනි තත්ත්වයක් තිබියදී වයස අවුරුදු 14 ත් 17 ත් අතර වයස්වල පසුවන මෙම තරුණියන් පාවිච්චි කරන ලද ටොයොටා කොරොල්ලා මෝටර් රථයක මෝටරයක් සහ හොන්ඩා යතුරු පැදියක දම්වැලක් භාවිතා කර වෙන්ටිලේටර්යක මූලාකෘතිය නිර්මාණය කර තිබෙනවා.
ඔවුන් පවසන අන්දමට ප්‍රමිතිගත වෙන්ටිලේටර් නොමැති අවස්ථාවලදී ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට තාවකාලික සහනයක් ලබා දීමට ඔවුන් මෙම නිර්මාණය කරන වෙන්ටිලේටර් භාවිතා කළ හැකි බවයි .
මේ විට ගෝලීය වෙළෙඳපොළ වෙන්ටිලේටර්හිඟයක් පවතින අතර ඒවායෙහි මිල ගනන් ඇමරිකානු ඩොලර් 30,000 ත් හා 50,000 ත් අතර අගයක් ඇති හෙයින් දිළිඳු රට වලට එම මිල ගනන් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී.කෙසේ වෙතත් අත්‍යවශ්‍ය උපකරණයක් වන වෙන්ටිලේටර් උපකරණයක් ඇමරිකානු ඩොලර් හයසියයක් වැනි අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි බව එම කණ්ඩායමේ අදහසයි.
ඔවුන් පවසන අන්දමට මේ වන විටත් සියයට හැත්තෑවක් පමණ වැඩ අවසන්ව පවතින මෙම වෙන්ටිලේටර් වල ඔවුන්ට තිබෙන්නා වූ එකම අඩු පාඩුව නම් එයාර් සෙන්සර් හිඟයයි.ඔවුන් අදහස් දක්වන පරිදි මෙය නිර්මාණය කිරිමට ගත කරන කාලයට වඩා මෙම අමුද්‍රව්‍ය සොයා ගැනීමට වැඩි කාලයක් යොමු කරන්නට සිදු වෙලා තිබෙනවා .මෙහි පළමු අදියර සම්පූර්ණ වී ඇති අතර මේ වන විටත් එය රෝහලක පරික්ෂා කරන ලබනවා .එසේම ඔවුන් මේ වන විටත් දෙවෙනි අදියර වෙනුවෙන් වැඩ කරනු ලබන අතර එය අවසන් වූ විගස වෙළෙඳ පොළට නිකුත් කරන්න බලාපොරොත්තු වන බව ඔවුන් පවසනවා .
ස්ත්‍රීන් සාක්ෂරතාවය සියයට තිහක් වැනි අගයක පවතින ඇෆ්ගනිස්තානය වැනි රටක ඉංජිනේරු කර්මාන්තය මේ අයුරින් සංවර්ධනය වීම පැසසුමට කරුණක්.
by Dilki Shamani
Photo source : Internet
605 Views
Comments