Smart උපකරණ නිසා නොහිතන විදියට හැදෙන පිළිකා

අද භාවිත කරන තාක්ෂණික උපකරණ අත්‍යවශ්‍යම දේවල් විදියට මිනිස්සු වැඩි වශයෙන් පරිහරණය කරන්න පෙලඹිලා ඉන්නවා. ජංගම දුරකථනය, පරිගණකය, රූපවාහිනිය සහ එම දුරකථන සහ පරිගණක භාවිතයේදී යොදාගන්නා ශ්‍රවණ රැහැන් ආධාරකයන් ඒ අතර ප්‍රධාන වෙනවා. මෙම උපකරණ භාවිත කළ ද වැඩිදෙනාට ඉන් සිදුවන හානි පිළිබඳ නිසි අවබෝධයක් නැත. ඇතැම්විට මේ තුළින් ඉතා භයානක රෝග කාරක අවස්ථා සඳහා යොමුවිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.
මේ භාණ්ඩ මගින් විද්‍යුත් චුම්භක ධාරා මොළයේ හා ස්නායු පද්ධතියේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ලෙම පාහේ ඒ දේ සිදුවෙනවා. විද්‍යුත් චුම්බක ධාරා මගින් මිනිසාගේ මොළේ න්‍යාය පද්ධතියේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බව හෙළිවී තිබෙනවා. අපි නිතරම ජංගම දුරකථනයේ එල්බගෙන ඉන්න නිසා එමඟින් පිළිකාවලට අමතරව ස්නායු පද්ධතියේත් වෙනම බලපෑමක් සිදුවෙනවා. විශේෂයෙන්ම නිතර හිසරදය ඇතිවීම, යමකට අවධානය අඩුවීම, ඉවසීම අඩුවීම, නිදිමත වෙනස්වීම, මානසික ආතතිය ඉහළ යාම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්.
සමහරු ජංගම දුරකථනය නිදාගන්නා විටදීද තමා ආසන්නයේ තබාගෙන ඉන්නෙ. ඇඳ මත හෝ කොට්ටෙ යට තබාගන්නෙ. එය නොකළ යුතු දෙයක්. එමඟින් විද්‍යුත් චුම්බක තරංග පිටවෙනවා අපේ ශරීරයට. විශේෂයෙන් ජංගම දුරකථනයෙ විද්‍යුත් තරංග දුරකථනය භාවිත කිරීමෙන් පසුව නැවත ඇමතුමක් එනවිට හෝ කෙටි පණිවිඩයක් එන විට එය ග්‍රහණය වන වෙලාවට විද්‍යුත් තරංග ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා දුරකථන ළඟ තබාගෙන ඒ මොහොතේ කතා කරන අවස්ථාවට අවදානම වැඩියි.
ඒ වගේම ජංගම දුරකථනයත් සමග අප භාවිත කරන හෑන්ඩ් ෆ්‍රී එමඟිනුත් ශරීරයට ඇතිවන බලපෑම වැඩියි. එමගිනුත් චුම්බක ක්ෂේත්‍රයක් නිපදවෙනවා. ඒ තුළිනුත් පිළිකා හැදීමේ අවදානම වැඩියි. නමුත් අලුත් තාක්ෂණේ තියෙනවා Hand Free එකට විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ ඇති උපකරණයක්. එය භාවිත කිරීමෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. නැතහොත් සාමාන්‍ය පාවිච්චියේදී අවදානම වැඩියි.
හෙඩ් සෙට් පාවිච්චි කිරීමෙනුත් අධික තරංග හා ශබ්දය නිසා ඇසීම අඩුවීම, ප්‍රතිචාර දැක්වීමේ වේගය හා මතකය අඩුවීම නිසා හිසට ආසන්නයට විශාල චුම්බක නිසා මතකයට හානි ඇති කරනවා. වැඩිදෙනෙක් අද ව්‍යායාම් කිරීමට යද්දී පවා හෙඩ් සෙට් පාවිච්චි කරනවා. ඉස්සර බොහෝදෙනෙක් Hand Free එකෙන් ගීත ඇහුවා. දැන් පාවිච්චි කරන Head Set. එමගිනුත් අධි විද්‍යුත් තරංග සංඛ්‍යාවක් නිකුත් කෙරෙනවා. එය කෙළින්ම කනටයි බලපාන්නෙ. ඒ තුළින් පිළිකා ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වැඩිපුර මේ දේවල් ළඟට නොගැනීම වැදගත්.
by Dilki Shamani
Photo source : Internet
732 Views
Comments