ගූගල් සමාගමේ ස්කයිබෙන්ඩර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

ගූගල් සමාගමේ ස්කයිබෙන්ඩර්

ගූගල් සමාගමේ ස්කයිබෙන්ඩර්

කලින් ලිපියක දැනුවත් වුනේ ගූගල් ලූන් ප්‍රොජෙක්ට් එක ඔස්සේ ගූගල් සමාගම අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන ආකාරය පිළිබඳවයි. මේ සූදානම් වන්නේ තවත් එවැනිම ක්‍රමවේදයක් පිළිබඳව දැනුවත් කරන්න. අද වැඩි දෙනෙක් රැහැන් රහිත හෙවත් wireless ක්‍රමයට අන්තර්ජාල සම්බන්ධතා ලබාගත්තද අන්තර්ජාලය ගොඩනැඟී තිබෙන්නේ වයර්ලස් සම්බන්ධතා සමූහයකින් නොවෙයි. එහි හුවමාරු කෙරෙන්නේ කේබල් හරහායි. ඉදිරියේදී අන්තර්ජාල පහසුකම් ලබාදීම සදහා දියුණු තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීමට ලොව පුරා ලොවපුරා සියලුම ලොව පුරා සියළුම සමාගම් කටයුතු කරමින් සිටිනවා. ගූගල් සමාගම විසින් ද අධිවේගී අන්තර්ජාල සබඳතා ලබා දිය හැකි ඩ්‍රෝන යාත්‍රා ව්‍යාපෘතියක් මෙම විසින් රහසේම ආරම්භ කරල තියෙනවා. එය ස්කයිබෙන්ඩර් නමින් හඳුන්වනවා. ඉහළ අහසේ සරන ගගන යානා පරිවර්තකයක් සේ යොදාගෙන පොළෝ මධ්‍යස්ථාන හා අන්තර්ජාල ග්‍රාහකයන් සම්බන්ධ කිරීම අලුත් තාක්ෂණයක් නොඋනත් මෙහි යොදා ගන්නා උපාය සහමුලින්ම වෙනස්. මෙමගින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ඩ්‍රෝන යාත්‍රා යොදාගෙන මිලිමීටර තරංග තාක්ශණය ඇසුරින් ගුවනේ සිට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීම සිදු වෙනවා. අධි සංඛ්‍යාත තරංග යොදාගත් විට දැනට තිබෙන 4GLTE පද්ධති වලින් ලබාදෙන මෙන් 740 වාරයක් වැඩි වේගයකින් අන්තර් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්න පුළුවන් බව වාර්තා වෙනවා. එනම් තත්පරයකට ගිගා බයිට් එකක වේගයකින්. මෙම වේගයට අයත් සම්බන්ධතාවය අයත් වන්නේ 5G අන්තර්ජාලය සබදතා යටතට.
 

 

 


ස්කයිබෙන්ඩර් ව්‍යාපෘතියේ විශේෂම අංගය වෙනුවෙන් යොදාගන්නා ඩ්‍රෝන යාත්‍රා නිෂ්පාදනය කර ගැනීමයි. මෙහිදී ඇමරිකාවේ ටයිටන් ඒරෝස්පේස් නම් ආයතනය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගගන යාත්‍රා නිෂ්පාදනය කරන සමාගමක්. ඉහළ අහසේ ගමන් කරන මීටර් පනහක් පමණ දිගැති සූර්ය කෝෂ පැනල සහිත තටු ඇති ගුවන්යානා නිපදවීමේ තාක්ෂණය ටයිටන් ස්පේස් සමාගම සතුව තියෙනවා. මෙවැනි යානා තනා සාර්ථකව අත්හදා බලා තියෙනවා. එම සමාගම ගූගල් සමාගම විසින් මිලදී ගෙන ඇල්ෆබට් සමාගම හා එක්කර තියෙනවා. දැන් එහි නිපදවනු ලබන යානා අත්හදා බැලීමට ඇමරිකානු රජයේ අවසර ගූගල් සමාගමට ලැබී තියෙනවා. එම සමාගම අත්පත් කරගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම කාර්යභාරය වුණා. මෙම යානා පොළොවට කලාතුරකින් පැමිණෙමින් නිරන්තරයෙන්ම මහද්වීප වලට ඉහලින් ගමන්කරනවා. එසේ ඒවා මගින් පොළවට නිරන්තරයෙන් අන්තර්ජාල පහසුකම ලබාදී තියෙනවා. මේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම තුළින් තුලින් ලොව පුරා අන්තර්ජාලය සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

603 Views

Comments

arrow-up