අලු මතින් නැගිටින ජෙලිෆිෂ්

ගැඹුරු මුහුදේ වෙසෙන ජෙලිෆිෂ් ගැන බොහෝ දෙනා දැන සිටින්නේ විසකුරු සත්ත්ව විශේෂයක් විදියට. මොකද ජෙලිෆිෂ් බොහෝ විශේෂ අධික විෂ සහිත බවින් යුක්ත වෙන බව සොයා ගෙන තියෙනවා. නමුත් ඉතා ඵලදායි සෛලිය පරිවර්තන යාන්ත්‍රණයක් මේ සතුන් සතු බව මෑතකදී සොයාගෙන තියෙනවා. විවිධ වර්ග වලට අයත් ජෙලිෆිෂ් සතුන් මුහුදු පතුල යට දකින්න ලැබෙන අතර ඔවුන් වැඩි හරියක් මධ්‍යධරණී මුහුදේ දකින්න ලැබෙනවා.
ජෙලිෆිෂ් ජීවිතය ආරම්භ කරන්නේ කීටයන් විදියට. කුඩා සුරුට්ටු හැඩති ජීවීන් ජලය හරහා සර්පිලාකාරව පරිවර්තනයක් හෝ එයට සම්බන්ධ වීමට සුදුසු යමක් සොයමින් සිටිනවා. එය ස්ථිර වූ පසු දිම කිහිපයකින් කුඩා මුහුදු පොලිප්ස් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේ පොලිප්ස් වල ජන පද නිර්මාණය වෙලා තියෙන්නෙ ක්ලෝන විදිහට. සමහර වර්ග වල පොලිප්ස් විශාල පඳුරු වගේ සකස් කරනවා. පොලිප්ස් වලින් එලියට එන ළදරු ජෙලිෆිෂ් ජීවීන. ජෙලිෆිෂ්ලගේ ජීවිතේ ආරම්භය අසාමාන්‍ය එකක් නෙවෙයි. ජෙලිෆිෂ්ගේ ජීවිතයේ දෙවන අදියර තමයි මෙඩූසා අවධිය. ඔබ දන්නවද මේ මෙඩූසා අවධියේ ඉන්න ජෙලිෆිෂ් කෙනෙක් මිය ගොස් සාගරය පතුලේ දිරාපත් වී යනවා. නමුත් විශ්මිත ලෙස එහි සෛල නැවත එකතු වෙලා අලුත් පොලිප්ස් කෙනෙක් බවට පත්වෙනවා. මේ පොලිප්ස්ලාගෙන් ආයෙමත් නැවත නව ජෙලිෆිෂ්ලා මතුවෙනවා.
ලොවපුරා විවිධ පරීක්ෂකයන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන අතර ටස්මේනියාවේ වෙසෙන ජෙලිෆිෂ් පරීක්ෂකවරයෙකු වන වෛද්‍ය ලීසා ජීන් ගර්ෂ්වින් පවසන්නේ එය විස්මය ජනක සොයා ගැනීමක් කියලා. තමන්ගේම අළු වලින් නැගී සිට අමරණීය වෙන්න ජෙලිෆිෂ් ලට පුළුවන්.
1979 සිට කියෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබොටො ජලජමය සතුන් පිළිබඳ අධ්‍යයන වල නියැලුනා. එහිදී රතු පැහැ ජෙලිෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අවධානය වැඩිපුර යොමු වුනා. එක් දිනක් ප්ලාවාංග සහිත දැලක රතු පැහැති කුඩා ජෙලිෆිෂ් කෙනෙක් හිටියා. උගේ ශරීරයේ කටු ඇණි තිබුණා. ඒ නිසා ඔහු දුක හිතී එම කොටු ගලවා ඉවත් කළා. ඔහුගේ අපේක්ෂාව වුණේ මේ සතා නැවත යථා තත්ත්වයට පත්කර පිහිනා යාමට සැළැස්වීමයි. එසේ කිරීමට නොහැකි වුණා. නමුත් ඌ ඉතාම ඉක්මනින් තරුණ උනා. මේ කුඩා මුහුදු සතා යොදා ගන්නේ සදාකාලික ජීවය පිළිබඳ යම් රහසක් දැයි ඔහු විශ්වාස කළා. මේ පිළිබඳ තව දුරටත් පරීක්ෂණ පැවැත්වූ මහාචාර්යවරයාට අනාවරණය වුණේ මේ ජෙලිෆිෂ් කුඩා අවදියේදී අනතුරක් වූ අවස්ථාවක මුහුදු පත්ලට ගමන් කරන බවයි. එහිදී තම බිළිඳු අවදියට යළි රූපාන්තරණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක් බවට පත්වීම ඉන්පසු මේ සතා යළි නව ජෙලිෆිෂ් කෙනෙක් බවට පත්වෙනවා. වැඩුණු සතෙක් බිලිඳුකු බවට රූපාන්තරණය වීමට මාස දෙකක පමණ කාලයක් ගත වෙන බවයි.
by Dilki Shamani
Photo Source: Internet
987 Views
Comments