පෙනීම දෙන කෘත්‍රිමව නිපදවන ඇස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

පෙනීම දෙන කෘත්‍රිමව නිපදවන ඇස්

පෙනීම දෙන කෘත්‍රිමව නිපදවන ඇස්

පුද්ගලයෙකුට තමන්ගේ දෑස් මොනතරම් වටිනවද? නොසිතූ වෙලාවක අපේ ඇසක් අහිමි වුනොත් ඉවත් කරන්න සිදු වුණොත් එය අපට මොනතරම් කායික මානසික පීඩාවක් ද? යම් හෙයකින් අපේ ඇස් ඉවත් කරන්න සිදු වුණොත් අවසානයේදී අපට ඉතිරිවෙන්නෙ එක ඇහැයි. අනික ඇසේ තිබෙන්නේ කුහරයක්. ඇස් ඉවත්කර සති 6න් පසු එම ඇස් කුහරයේ වෛද්‍යවරයා විසින් කෘත්‍රිම ප්ලාස්ටික් ඇසක් රඳවනවා. එහෙමත් නැත්නම් කෘතිම ඇසක් මිලදී ගන්න කියනවා. ඉතිරි පිහිටි ඇස හා සංසන්දනය කර බැලූ විට මෙය මුහුණට ගැලපෙන්නෙ නැහැ. පැහැය වෙනස්. ප්‍රමාණයෙන් වෙනස්. සමහරවිට කුහරේ කෘත්‍රිම ඇස රැඳෙන්නේ නෑ.

යම් අවස්ථාවක කෘත්‍රීම ඇසක් මිලදී ගැනීමට ගියොත් එය ව්‍යාජ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. කෘත්‍රිම ඇසක් සෑදීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. එය අක්ෂිය කුහරය පිළිබඳ විශාල පරාසයක් තුළ විහිදී යනවා. එවැනි කටයුතු විශිෂ්ට ආකාරයෙන් සම්පාදනය කරන ආයතන ලෝකයේ පවතින්නේ සීමිත ප්‍රමාණයක්. එම ආයතන කෘත්‍රිම ඇසක් සෑදීමට විශාල මුදලක් අය කරනවා. එසේ ගුණාත්මක තත්ත්වය කෘත්‍රිම ඇස් නිපදවන ආයතන ලංකාවේ තිබෙනවා. කෘත්‍රිම ඇසක් පැලදි පුද්ගලයකු ලෙස හදුනාගත නොහැකි ලෙස කෘත්‍රිම ඇස් නිර්මාණය කිරීමට මෙම ආයතන සමත් වෙනවා.

 


එය ස්වභාවික ඇසේ ප්‍රමාණය වර්ණ සංකලනය ත්‍රිමාණ පෙනුම චලනය පිහිටි ඇසට සමාන වෙනවා. දිගු කාලයක් පැලදීමට අවශ්‍ය ලෙස වරින් වර ඔපදමා ගැනීමක් සිදු කරගත හැකි වෙනවා. අක්ෂි පිලිකා හදිසි අනතුරු නිසා කුඩා දරුවන්ගේ ඇස් ඉවත් කිරීම බහුලව දකින්න ලැබෙනවා. කුඩා දරුවන් පළඳින කෘත්‍රිම ඇස නිතරම පිහිටි ඇසේ ප්‍රමාණයට සමානව සැසඳිය යුතු වෙනවා. එසේ නොවීමෙන් දරුවාගේ මුහුණේ වර්ධනය නිසි අයුරින් සිදු වන්නේ නැහැ. දරුවාගේ වර්ධනයත් සමග සාදන කෘත්‍රිම ඇස විශාල ගත යුතු වෙනවා. අර්ධ ලෙස ඇසක් පිහිටි වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ඇස් කුහරය නොවැඩුණු දරුවන් කෘත්‍රිම ඇස් භාවිතය දැකගත හැකි වෙනවා. උපතින්ම ඇස් කුහරය නොවැඩුණු දරුවන්ගේ යම් යම් ශාරීරික ව්‍යාකූලතා දැකගත හැකි වෙනවා. හදවතේ සිදුරු පිහිටීම නාසය විකෘතිව පිහිටීම උඩු තුළ දෙකට බෙදී තිබීම වගේ ව්‍යාකූලතා. එම ව්‍යාකූලතා නිවැරදි කර ගැනීමට නිසි වයස එළඹෙන තුරු සිටිය යුතුයි. මේ වගේ දරුවන්ගේ ඇස් කුහර විශාල කිරීම ශල්‍යකර්ම මඟින් සිදු කරන්න අපහසුයි. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී විශේෂ භෞතික චිකිත්සක ක්‍රම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙලෙස කෘත්‍රිමව නිපදවන ඇස් වල නිසි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන සුදුසු ස්ථානයකින් ඒවා භාවිතයට ගැනීමට හැමවිටම විටම එවැනි ආබාධ තියෙන පුද්ගලයන් සිහි තබා ගත යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1008 Views

Comments

arrow-up