සියඹලා වල බලේ

ඉදුණු සියඹලාවල රස ඒවා රස බලපු කෙනකුට අමතක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් සියඹලා භාවිතා කරන්නේ ආහාර රසගන්වන රසකාරකයක් විදිහට. මොකද ඉන් ලැබෙන ඇඹුල් රසය වෙන කිසිම දේකින් ලබාගන්න බෑ. වැඩිපුරම සියඹලා පාවිච්චි කරන්නේ ලංකාව සහ ඉන්දියාවේ කෑම වේල් වල. නමුත් ඔබ දන්නවාද සියඹලා කියන්නේ සෞඛ්‍යට හිතකර බොහොම ගුණදායි පළතුරක් බව. මේ සියඹලා වල ගුණ පිළිබඳ සටහනක්.
*තියුණු පෙනීමක් ලබා දෙනවා
ඇස් වල පෙනීම වැඩිදියුණු වෙන්න උපකාරී වෙන පෝෂණ රාශියක් සියඹලා වල අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා නිතර සියඹලා අනුභව කිරීමෙන් වයසට යාමේදී ඇතිවන ඇස්වල පෙනීමේ දුර්වලතා මගහරවා ගන්න පුළුවන්.
*වේදනාව හා දැවිල්ල සමනය කරනවා
වයසට යාමත් සමඟ අපේ අස්ථිවල පටක තුළින් වේදනාව ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් නිතරම සියඹලා අනුභව කරන කෙනෙකුට ඒ වේදනාව ඉක්මනින් අඩු කරගන්න පුලුවන්. මොකද සියඹලා සතුව ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ප්‍රතිදාහක අඩංගුව තියෙනවා. සියඹලා කියන්නේ හොඳ ප්‍රතිබැක්ටීරියාකාරක ගුණයක් තියෙන පලතුරක්. ඒ නිසා ඇතිවන යම් යම් ආසාදනයන් වලට සියඹලා බොහොම හිතකර වෙනවා.
* කෙස් වැටීම අඩු කරනවා
සියඹලා කියන්නේ හිසකෙස් වැටීම පාලනය කරන්න පුළුවන් විශ්මිත ඖෂධයක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සියඹලා කරල් කිහිපයක් අරගෙන එය මොලොක් වෙන තුරු වතුර ස්වල්පයකින් තම්බා මිරිකා ගත් යුෂ හිස් කබලේ ආලේප කර ටික වේලාවකින් පිරිසිදු ජලයෙන් සෝදා හැරීමෙන් හා සියඹලා කොළ යුෂ හිසේ ගැල්වීමෙන් හිසකෙස් වැටීම අඩු කර ගන්න පුළුවන්.
* රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා
අද සමාජයේ බහුලවම දකින්න ලැබෙන ගැටලුවක් තමයි මේ දියවැඩියා රෝගී තත්ත්වය. ඉතින් රුධිරයේ සීනි මට්ටම ස්ථායි කිරීමේ හැකියාවක් සියඹලා වලට තියෙන නිසා දියවැඩියාව පාලනය කිරීම සඳහා හොඳ ඖෂධයක් විදියට සියඹලා භාවිතා කරන්න පුළුවන්. හොඳින් ඉදුණු සියඹලා ඇට කිහිපයක් උණුසුම් වතුර එකකට එකතු කරලා දිනකට දෙවරක් විතර පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්න පුළුවන් බව සොයා ගෙන තියෙනවා.
මේ වගේ සෞඛ්‍ය ප්‍රතිඵල රාශියක් ලබා දෙන සියඹලා නිතර අනුභව කිරීමෙන් පහසුවෙන්ම සිරුරේ සෞඛ්‍ය තත්ත්වය තත්ත්වය යහපත් කර ගන්න අවස්ථාව ලැබෙනවා. සියඹලා කියන්නේ උෂ්ණාධික ආහාරයක් නොවෙයි. එය සිරුර සිසිල් කරනවා. කොහොමත් ඇඹුල් රසට කැමැත්තක් දක්වන අය අතරේ ලුණු මිරිස් දාපු සියඹලා ටෙස්ට් එක හරිම ජනප්‍රියයි.
by Dilki Shamani
Photo Source: Internet
1439 Views
Comments