ඔබට ගැලපෙන ස්වයං රැකියාව කුමක්ද? 01

ගොඩාක් දෙනෙකු මේ වනවිට නිවසේ සිට අමතර ආදායමක් ලබා ගත හැකි ක්‍රම පිළිබඳව සොයාබලනවා.
ස්වයං රැකියාවක් කිරීමට කැමැත්තක් තිබුණත් ඔබට ගැලපෙන ස්වයං රැකියාව තෝරා ගැනීමට අත්වැලක් ලෙස, කාන්තා පුරුෂ දෙපිරිසටම සුදුසු ස්වයං රැකියා කිහිපයක් ඔබ වෙතට ගෙන ඒමට සිතුනා.
උපකාරක පන්ති
ඔබ ටිකක් හොඳට අධ්‍යාපනය ලබා ඇත් නම් බය නැතුව මේ වැඩේ පටන් ගන්න පුලුවන්. පටන් ගන්න ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන් පොඩි ළමයින්ට උගන්නන්න. 5 වසර ශිෂ්‍යත්ව පංති වුවත් සුදුසුයි.
මාසෙකට සාමාන්‍ය අමතරව ගානක් ඔබට හොයාගන්න පුලුවන්. ඔබ විවාහ වී දරුවන් ඉන්න කෙනෙක් නම් මේ වැඩේ කරගන්න ටිකක් අමාරු වෙයි. ඔබ තරුණියක් නම් මේක කරගන්න පුලුවන්. බය නැතුව කරන්න.
ඡායාරූපකරණය
බාලිකා විද්‍යාලයක තිබෙන ආදිසිසුවියන්ගේ එකමුතුවක්, විද්‍යාලයේ උත්සවයක ඡායාරූප ගනිමු.
එතැනදී කාන්තාවක්ම ඡායාරූප ශිල්පිණියක විදියට ගන්න පුලුවන්නම් ඒකට ඒ අය ගොඩක් කැමති වෙයි. ඒ වගේම කුඩා දරුවකුගේ උපන්දින සාදයක් ඡායාරූපගත
කිරීමකදීත් කාන්තාවන්ට දරුවා සමග ගනුදෙනු කිරීමට හොඳට තේරෙනවා.
වෘත්තිය සේයාරූ ශිල්පීන් බොහොමයක් පිරිමි වුනත්, කාන්තාවකටත් ටිකක් හොඳින් හුරුපුරුදු වුනොත් ඡායාරූප ශිල්පය කියන්නේ හොඳම ක්ෂේත්‍රයක්. ඡායාරූප ශිල්පිනියක් වීම සාම්ප්‍රදායික කාන්තාවන්ට උරුම රූපලාවන්‍ය ශිල්පය ආදී දේට වඩා එහා ගිය එකක් වුනත්, ඡායාරූපකරණයට ආස, ඡායාරූප ගැනීමට හැකි යුවතියකට ඡායාරූප ශිල්පිනියක් වීම කියන්නේ සැබෑ කරගන්න අමාරු හීනයක් නෙමෙයි.
ග්‍රැෆික් සහ සේයාරූ සංස්කරණ කටයුතු
අන්තර්ජාලය කියන්නේ ෆේස්බුක් හා වෙනත් සමාජ ජාලා එක්ක එකතු වෙලා යාලුවෝ එක්ක කාලේ කන දෙයක්ම නෙමෙයි.
අන්තර්ජාලය හරහා මුදල් උපයන විවිධ ක්‍රමෝපායන් තියෙනවා. සමහරු කියන තරම් මාසෙකට ලක්ෂ ගණන්, කෝටි ගණන් නම් හම්බකරගන්න හැකිද කියන එක නම් ටිකක් සැකයි. ඒත් තමුන්ට යම් හැකියාවක් තියෙනවා නම්, උදාහරණ විදියට ලිපි සකස් කරන වැඩ, ග්‍රැෆික් සහ වෙබ් ඩිසයින්, ටයිප් සෙටිං ආදිය කරන්න යම් දක්ෂතාවයක් තියෙනවා නම්, අන්තර්ජාලයේ ෆ්‍රී ලාන්ස් වැඩ හරහා මුදල් උපයාගන්නට හොඳ අවස්ථාවන් ඇත.
ගෙවතු වගාව හා මල් වගාව
ලස්සන මල් තියෙන වටපිටාවක ඉන්න අපි හැමෝම ආසයි. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එකවගේ ඉඩ කඩ නැහැ. යම්තාක් දුරකට වැවුණු මල් පෝච්චියක් සෑහෙන මුදලකට අලෙවි කරන්නට පුලුවන් හොඳ වෙළඳපොලක් හදාගත්තොත්.
අද අන්තර්ජාලයෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන හරහා වගා කටයුතු පිළිබඳ දැනුම ලෙහෙසියෙන් ගන්නට පුලුවන්. මල් ඇට, කුඩා මල් පැල වගේම මල් පෝච්චි විදියටත් මල් පැල විකිණීමේ ව්‍යාපාරය කරන්න හැකියි.
තරමක විශාල ඉඩකඩක් වත්තේ තිබෙනවා නම් ගෙවතු වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. බණ්ඩක්කා ගස් පනහක් හැටක් හිටවගෙන සාත්තු කරලා, ටික කලකින් වැඩිපුර හැදුණු බණ්ඩක්කා ටික කඩේකට ගෙනිහින් දීලා කීයක් හරි ගන්න කාන්තාවන් ලැජ්ජ වෙන්න ඕනා නැහැ.
by Kaushalya De Silva
Photo Source: Internet
1114 Views
Comments