ඔබට ගැලපෙන ස්වයං රැකියාව කුමක්ද? 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ඔබට ගැලපෙන ස්වයං රැකියාව කුමක්ද? 02

ඔබට ගැලපෙන ස්වයං රැකියාව කුමක්ද? 02

මේ දිනවල උද්ගත වී ඇති තත්ත්වය මත සියලුම දෙනා තම නිවෙස් වලට වී සිටිනා විට රැකියාවට අමතර දෙයක් කරන්නට තිබුණා නම් යැයි සිතනවා ඇත.

තවමත් පරක්කුයි නෑ. ඔබට ගැලපෙනම ස්වයං රැකියාව තෝරා ගන්න..

අන්තර්ජාලය හරහා ඔන්ලයින් රැකියා

අන්තර්ජාලය කියන්නේ ෆේස්බුක් හා වෙනත් සෝෂල් මීඩියා එක්ක එක්කහු වෙලා යාලුවෝ එක්ක කාලේ කන දෙයක්ම නෙමෙයි යන්න අප මුලදීත් සදහන් කලා.

අන්තර්ජාලය හරහා මුදල් උපයන විවිධ ක්‍රම අතර ඔබගේ හැකියාවන්ට අනුව තෝරා ගැනීම සිදු කල හැකියි.

 

රස කැවිලි නිෂ්පාදනය

ලංකාවේ රසට උයන නමගිය කෝකියන් බෙහොම දෙනෙක් පිරිමි අය වුනාට බහුතරයක් නිවෙස් වල කෑම උයන්නේ ගෘහණිය.

මේ ආහාර සැකසීම කියන්නේ හැමෝම ආසා කරන දෙයක් නෙමෙයි. සමහර ගැහැණු අය කොහොමත් අලුත් කෑම වර්ග හදන්න, අලුත් දේවල් කරන්න ආසයි. ඒ වගේම කොච්චර කෑම කඩ තිබුනත් රසට ෂෝටීට්ස් එකක් කන්න කඩයක් හොයාගන්නට ටිකක් අමාරුයි.

ඉතිං මුලින් වඩේ දහය පහලොවක් හරි නියම පදමට, නියම රසට හදලා ළඟපාත කඩේකට දාන්න පුලුවන් නම් එතනින් පොඩි ගාණක් අතට ගන්න පොටක් පාදගන්න පුලුවන්. බයිට් වර්ග සෑදීම, ජෑම් සෑදීම, රසකැවිලි සෑදීම ඒ විදියට කුඩාවට ගෑණු ළමයෙක්ට වුනත් පටන් ගන්න පුලුවන් රස්සාවන්.

විකිණීම සඳහා කෑම සෑදීමේදි රසය ඉතාම වැදගත් සාධකයක්. ඇත්තටම හොඳට රහට තියෙනවා නම් ඒ රෝල්ස් එක, එලවලු රොටි එක, වඩේ එක කන්න මිනිස්සු බයික් වලින්, කාර් වලින් පවා කඩවල් හත අට පාස් කරගෙන එනවා අපි කොතෙකුත් දැකලා තියෙනවා.

හැබැයි ආහාර වර්ග නිශ්පාදනය ටිකක් ලොකුවට කරනවා නම්, ලියාපදිංචිය කිරීමට අමතක කරන්න එපා. ලියාපදිංචියේ සියලුම දේවල් නිසියාකාරව සම්පූර්ණ කරගන්න.

 

 

 


අත්කම් නිර්මාණ

ලස්සන දේට හැමෝම කැමතියි. ලස්සන දේවල් තෑගි දෙන්න, ලස්සන සිහිවටන තියාගන්න පෙම්වතුන් වගේම වැඩිහිටි බොහෝ පිරිසුත් ආශා කරනවා.

මේ ලස්සන ලස්සන අත්කම් නිර්මාණ ෆේස්බුක් වගේ දාලා පොඩියට විකුණන අයත් ඉන්නවා. එයාල පොඩියට නිර්මාණ කිහිපයක් හදාගෙන, ඒවායේ ජයාරූප එෆ් බී දානවා.

ඉන් පස්සේ ඒවා ගන්න කැමති අය යාලුවෝ අතරින්ම එකතු වෙනවා. මේවා හදන ආකාරය සමහරුන්ට නම් ඉබේම ඇඟේ තියෙනවා. කුඩා බෝනික්කන් සෑදීම, තොප්පි සකස් කිරීම, පාවහන් හා අත් බෑග්, ආදිය කුඩා වැඩමුළු සහ පාඨමාලා විදියට උගන්වන තැනුත් තියෙනවා. ඔබට එසේ ඉගැන්වීම කිරීමේ හැකියාවත් ලැබේ.


ඇඳුම් මැසීම

අලුතින් ලස්සන ඇඳුමක් ගන්නට කොළඹ සුපිරි පෙළේ ශොපින් මෝල් එකකට ගියොත් අපේ ඇස් උඩ යන ගණන් තමයි ඒ ඇඳුම් ටැග් වල තියෙන්නේ. ටිකක් අඩුවට ඇඳුම් තිබුනත් ඒවායේ රෙදි වගේම මැහුනුත් ඒ තරම් කොලිටියට නැහැ. අපිට දකින හැම ඇඳුමක්ම, ඩිසයින් එකක්ම මහන්න බැහැ. ඒත් ලස්සන ගවුමක්, බ්ලවුස් එකක්, අලුත් මාදිලියේ සායක් නිවසේදීම මහන්න පුුරුදු වුනොත් අපිට ඕනි ඇඳුම් පැළඳුම් අපිට ඕනි විදියට ඩිසයින් කරගෙන මහගන්න පුලුවනි. ටික කාලයක් පුරුදු පුහුණු වුනොත් ඉන් පස්සේ සාරි බ්ලවුස්, අලුතින් එන ෆැෂන් අනුවත් මහන්න හැකියාව ලැබෙනවා. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කාන්තාවට ගෙදර ගතකරන කාලයේ කීයක් හරි හොයාගන්න මේ මැහුම් වැඩ පාවිච්චි කරන්නත් පුලුවන්.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 

views

1918 Views

Comments

arrow-up