ඕස්ට්‍රේලියාවෙන් මතුවූ මාරාන්තික දිලීරය

ලෝකයම විවිධ විෂ සහිත දේවල් වලින් පිරී පවතින බව නොරහසක්. කාලයත් සමග සැඟවී තියෙන මේ දේවල් තවත් කාලෙකදි එළියට එනවා. මේ කතා කරන්න සූදානම් වන්නේ ලොව විෂම දිලීර වර්ග වලින් එකක් පිළිබඳව.
ෆයර් කොරල් කියන්නේ ලෝකයේ මෙතෙක් හමුවී ඇති මාරාන්තික දිලීර වර්ග වලින් එකක්. එය පළමු වතාවට ඕස්ට්‍රේලියාවෙන් හමුවී තියෙන බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. උග්‍ර විෂ සහිත රතු පැහැති මේ දිලීර වර්ගය ෆයර් කොරල් නමින් හඳුන්වන අතර මෙම දිලීරය මේ තාක් දැකගත හැකිව තිබුණේ ජපානයේ සහ කොරියාවේ පමණයි. ආසියාවේ වෙනත් ප්‍රදේශයක තිබුන මේ දිලීර වර්ගය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමවීමත් සමග එහි ව්‍යාප්තිය ගැන අවධානය යොමු කළ යුතු බව බොහෝ පරීක්ෂකයන් පවසා සිටියා.
මෙම දිලීර වර්ගය ආහාරයට ගතහොත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රිය වීමෙන් මොළයට හානි වන සිදු වන බව සොයා ගෙන තියෙනවා. පාරම්පරික ඖෂධ ලෙස ලබාගන්නා වෙනත් දිලීර වර්ගයක් ( හතු) යැයි සිතා මෙම දිලීර විශේෂයෙන් පානයක් සකස් කර පානය කිරීමෙන් මිය ගිය පුද්ගලයන් ගැන ජපානය නිසා දකුණු කොරියාවෙන් පසුගිය දිනෙක වාර්තවී තියෙනවා.
ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් ප්‍රකාශ කරන පරිදි මේ දිලීර වර්ග ඇල්ලීමෙන් පමණක් ශරීරය ඉදිමීම දැවිල්ල හා වෙනත් චර්ම රෝග වලට ගොදුරු වීමේ බොහෝ ඉඩකඩක් තියෙනවා. පරීක්ෂකයන් හඳුනාගෙන තියෙන සිය ගණනක් විෂ සහිත හතු වර්ග අතර පුද්ගලයකුගේ සම තුළින් ශරීරයට විෂ ඇතුලු වන එකම හතු විශේෂය වන්නේ ෆයර් කොරල් නම් මෙම හතු විශේෂයයි. එලෙස ප්‍රකාශ කරන්නේ ආචාර්ය මැට් බැරට්. කෑන්ස් නගරය ආසන්නයේ පිහිටා ඇති වැසි වනාන්තරයක තිබුණු මෙය ප්‍රදේශවාසීහු ඡායාරූප ගත කර ඇති අතර එම ඡායාරූපය මගින් අදාල දිලීර වර්ගය හඳුනාගෙන තියෙනවා.
චීනය තායිලන්තය සහ පැපුවා නිව්ගිනියාවේ මෙය දිලීර වර්ගය දුටු බව වාර්තා වී තිබෙන බව එම මහාචාර්යවරයා ප්‍රකාශ කර තියෙනවා. වසර දහස් ගණනකට පෙර මෙම දිලීර බීජ සුළඟ මගින් පැතිරී ඇතැයි ඔහු සැක පළ කරනවා. විශේෂයෙන්ම බිම්මල් සොයා යන විශාල පිරිසක් ඕස්ට්‍රේලියාව තුල දකින්න ලැබෙන්නේ නැති බවත් ඒ නිසා මේ වෙනස්කම් සොයාගත හැකි වුණේ නැති බවත් ඔවුන් පවසනවා. මෙම දිලීරය ඇතුළු මින් පෙර නොදුටු දිලීර වර්ග විස්සක් පසුගිය මාස හය තුල ඕස්ට්‍රේලියාවෙන් සොයා ගැනීමට හැකි වූ බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනවා.
by Dilki Shamani
Photo Source: Internet
879 Views
Comments