කාන්තාවන්ගේ මුහුණේ හැඩය අනුව කියවෙන දේ

ගැහැනු පිරිමි ඕනෙම කෙනෙකුගේ මුහුණ බලලා ඒ කෙනා කොයි වගේද කියන එක කියන්න පුළුවන් කියලා අපි දන්නවා. නමුත් පැරණි ජපන් ක්‍රමයකට අනුව ගැහැණු ළමයෙකුගේ මුහුණේ හැඩය අනුව හෙළිවන රහස් ගැන ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ සටහනක්.
දිගු හැඩ මුහුණු
මුහුණ කෙට්ටු දිග කෙනෙක් නම් කෙනෙක් නම් ඔවුන් බොහෝ විට හිතුවක්කාර ගති පැවැතුම්තුම් ඇති පිරිසක්. ඒ වගේ මුහුණක් ඇති ගැහැනුන් තමන් ගැන ඉතාම ආඩම්බරයි. බොහෝවිට සමාජයේ ආකර්ෂණය දිනාගන්න කටයුතු කරනවා.
පළල් මුහුණ
පළල් මුහුණක් සහිත කාන්තාවන් ඉතාම බුද්ධිමත් අය බවත් පැවසෙනවා. ඒ වගේම ඔවුන් ආකර්ෂණීය සහ ධෛර්යමත් අතර සැමියාට ගොඩක් ආදරෙයි. හැබැයි ඔවුන් ලෙහෙසියෙන් කෝප වෙනවා දකින්න පුලුවන්. ඒ වගේම වැරදි වලට සමාව දීම නම් ඉතාම අඩු තද ගතියක හිතක් ඇති ගැහැනුන් විදිහට ඔවුන්ව සලකනවා. තමන් ගැන වගේම සාධාරණත්වය ගැන ලොකු විශ්වාසයක් තියෙන පිරිසක් විදිහට මේ අයව හඳුන්වන්න පුළුවන්.
ත්‍රිකෝණ හැඩ මුහුණ
ත්‍රිකෝණ හැඩයේ මුහුණක් හිමි කාන්තාවන් බොහෝ විට කෙට්ටු ශරීරයකට උරුමකම් කියනවා. ඔවුන් දෙමව්පියන්ගේ ආදරය මැද හැදී වැඩෙනවා. සැමියාගෙන් ඔවුන්ගේ පවුලේ අයගෙන් ආදරයට ලක් වෙලා ඉතාම ප්‍රීතිමත්ව ජීවිතේ ගත කරනවා. ඔවුන් ඉතාම නිර්මාණශීලී නව නිර්මාණ කරන්න ඉතාම දක්ෂයි. ඉතාම කාරුණික වගේම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න හරිම කැමතියි.
හතරැස් හැඩයේ මුහුණු
මේ කියන්නෙ දිගෙන් වැඩි එහෙත් හතරැස් හැඩයක් ගන්නා මුහුණු ගැන. ඔවුන් පාලනය කිරීම ඉතාම අපහසුයි. හරිම තද ගති පැවතුම් තියෙන ගැහැනුන් විදිහට මේ කාන්තාවන් සැලකෙනවා. හැම දෙයක්ම ඉතාම දක්ෂ ලෙස කරන්න ඔවුන් සමත් වෙනවා. කිසියම් මෙහෙයුමක් ලබාදුන් සාර්ථකත්වය ලබා මිස අත්හරින්නේ නැති නිසාම ඔවුන් එවැනි දේට ඉතාම සුදුසුයි.
ඕවල හැඩයේ මුහුණු
බිත්තර හැඩයේ මුහුණු ඇති කතුන් බොහෝ විට රූමතියන් වෙනවා. ශරීරය ඉතාම සුකුමාල සහ පැහැපත් වෙන මෙවැනි භාර්යාවෝ බොහෝවිට සැමියාට හිතවත්ව ජීවත් වෙනවා. නමුත් ඔවුන්ගේ සැබෑ අදහස් දැනගන්න ඉතාම අමාරු නිසා විශ්වාස කිරීම අපහසු බව චීන ශාස්ත්‍රයට අනුව කියවෙනවා. ඔවුන් ඉතාම දක්ෂයි. ඕනෑම ප්‍රශ්නයක් කිසිම හානියක් නැතුව සමබරව විසඳ ගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.
මේ අනුව කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන බාහිර ස්වරූපය අනුව විමර්ශනය කරලා බලන්න පුලුවන් ක්‍රමයක් විතරයි. මේ ක්‍රමය කොතරම් දුරට සාර්ථකද කියන එක ඔබම විමර්ශනය කරලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
766 Views
Comments