කාන්තා ඔබ පවත්වා ගෙන යා යුතුම ඔබගේ පෞරුෂත්වය

වර්තමාන සමාජය තුළ කාන්තාවට සමාන තැනක් හිමිවිය යුතුයි යන ආකල්පයක් සමඟම ඔවුනට සමාජයේ විශේෂ තැනක් ලැබී ඇත. ඒ අනුව විවිධ ආයතනවල විවිධ නිලතල දරමින් වර්තමාන කාන්තාව සමාජයට ඉතාමත් දැඩි මෙහෙවරක් ඉටු කරයි. මේ සියල්ලටම කාන්තාවකගේ පෞරුෂත්වය බලපාන බව ඔබ දන්නවාද.
බාහිර පෙනුම පමණක් ආකර්ෂණීය කරගැනීමෙන් කාන්තාවකගේ පෞරුෂත්වය ඇති නොවේ. බාහිර පෙනුම තුළින් යම් තාක් දුරට අනෙකාගේ ආකර්ෂණය දිනා ගැනීමට කාන්තාවකට හැකි වුවද තවත් බොහෝ දෑ එක් වීමෙන් අනතුරුව ඇයගේ පෞර්ෂත්වය ගොඩ නැගෙනු ඇත. නිවැරදි සන්නිවේදනය ද කාන්තාවකගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමේ දී වැදගත් වන අතර එමෙන්ම මුදු කුසලතා වර්ධනය කර ගැනීමද වැදගත්. දැනුම පමණක් නොව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමටද, අන් අයගේ අදහස් වලට ගරු කිරීමට ද, අනෙක් අයට අවස්ථා ලබාදීමට ද හැකියාවක් තිබේනම් කාන්තාවකට ඇයගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබේ. තවත් වැදගත් අංගයකි චිත්තවේග කළමනාකරණය. කාන්තාවක් අධික ලෙස කේන්ති ගන්නා කෙනෙක් ද, එවැනි අවස්ථාවලදී ඇයගේ මුවින් පිටවන්නේ කුමන ආකාරයේ දේවල්ද යන්න මත ඇයගේ පෞරුෂත්වයට හානියක් සිදුවිය හැක. කාන්තාවක් සැමවිටම ඉවසීමට පුරුදු විය යුතු අතර අධික කේන්තිය වේදනාව සහ සතුට වැනි හැඟීම් තුළ දී තමන්ව කළමනාකරණය කර ගැනීමට හුරු පුරුදු විය යුතුයි. විශේෂයෙන්ම කාන්තාවකගේ පිරිසිදුකම, පිළිවෙළ, ආහාර ගන්නා විදිය මේ සියල්ලම ඉතාමත් වැදගත්. උදාහරණ වශයෙන් තරුණියකගේ මුදල් පසුම්බියේ පවතින පිළිවෙල, කාමරයේ පිළිවෙල, රැකියාව කරන තැන තමන්ගේ මේසය තියාගෙන ඉන්න ආකාරය යනාදී සියල්ලෙන්ම ඇයගේ පෞරුෂත්වය පෙන්නුම් කරයි.
ඒ සියල්ලත් සමගම තරුණියකගෙ දැනුම ඇයගේ පෞරුෂයට බලපාන තවත් ප්‍රධානම කාරණයක්. සමාජය පිළිබඳ දැනුම, ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව අවබෝධය, රැකියාවක් කරන අයෙක් නම් ආයතනයට අවශ්‍ය පරිදි ආයතනික දැනුම, නව තාක්ෂණය පිළිබඳ දැනුම, සාමාන්‍ය දැනුම මේ සියල්ලෙන් සම්පූර්ණ චරිතයක් විය යුතුයි. එසේ නොමැති නම් ඇයගේ පෞරුෂත්වය ගිලිහී යන්නට පුළුවනි. කන්තාවකගෙ චරිත ස්වභාවය ද ඇයගේ පෞරුෂයට බලපාන අතර ශ්‍රී ලංකාව යනු කිසියම් සංස්කෘතික රාමුවක් සහිත රටක් නිසාවෙන් කාන්තාව ඊට අනුකූලව හැඩ ගැසීම ඉතාමත් වැදගත්. කාන්තාවක් ආගමික ස්ථානයකට ගිහින් හැසිරෙන ආකාරය, වැඩිහිටියන් ඉදිරියේ හැසිරෙන ආකාරය, ආයතනයක හැසිරෙන ආකාරය යනාදී සියල්ලම ඇයගේ පෞරුෂත්වයට බලපෑමක් එල්ල කරයි. මෙලෙස තරුණියක් වශයෙන් ඔබත් සමාජයේ ජීවත්වන විට ගොඩනඟාගත යුතු දේවල් පිළිබඳව අවධානය යොමු කරමින් ජීවත් වන්නට උත්සාහ දරන්නේ නම් ඔබටත් මනා පෞරුෂත්වයකින් යුතු smart තරුණියක් වීමට නිරන්තරයෙන්ම හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
941 Views
Comments