ලොව කළඹන ISIS

1999 ආරම්භ වූයේ යැයි සැළකෙන ලෝකය පුරා ලේ සොයමින් යන ISIS සංවිධානය ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ත්‍රස්තවාදී කණ්ඩායම් අතින් ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස එල්ටීටීඊ සංවිධානය කාලයක් පුරා නම් දරා සිටියත් මේ වන විට ලෝකයේ බහුතරයක් රටවලට අභියෝගයක් වී ඇත්තේ ISIS සංවිධානයයි.
සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් ලේ ඉව අල්ලන මේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානය හැඳින්වීමට ISIS යන නාමය යොදා ගතද මීට අමතරව විවිධ නාමයන්ගෙන් ඔවුන් හඳුන්වනවා.
islamic state of iraq and syria
මේ සංවිධානය මුල්වරට ඉරාකයේ භාවිතා කළ අතර වර්තමානයේ දී පවා ඔවුන් ප්‍රචලිතව සිටින්නේ මේ නමින්. සිරියාවේ තම සංවිධානය යොදා ගැනීමෙන් ඔවුන් අදහස් කළේ සිරියාව තුළ තමන්ට පවතින බලය ලෝක ප්‍රජාවට ඒත්තු ගැන්වීමටයි.
Islamic state of iraq and Levant
මුල්වරට ඉරාකයේ හා සිරියාවේ නම යොදාගනිමින් තම සංවිධානය හඳුන්වා දුන් ඔවුන් විසින් පසුව Levant යොදා ගැනීමෙන් පෙන්නුම් කරනු ලැබූවේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ ප්‍රදේශයි.
Islamic state
ISIS සංවිධානය අභිප්‍රාය වූයේ තමන්ට ආවේණික ඉස්ලාම් ප්‍රජාවක් ගොඩනැංවීමයි. නමුත් පසුකාලීනව එය තමන්ට අවාසිදායක වේ යැයි සිතූ ඔවුන් සංවිධානයට අවශ්‍ය වන්නේ සමස්තය වෙනුවෙන් සුපිරිසිදු ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම බව අදහස් කිරීමට මේ නම යොදා යොදාගෙන තිබුණා.
තම පාලන ප්‍රදේශ වල සිටින අන්‍යාගමිකයන් මෙන්ම ඔවුන්ගේ මතවාදයට එකඟ නොවන පිරිස් වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් පලවා හරිමින් ජනතාව ඝාතනය කරමින් ලෝකයම භීතියට පත් කරමින් මේ සංවිධානය පැතිර යනවා. මෙසේ පැමිණි ISIS සංවිධානයේ ඉතිහාසය විමසීමේදී ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරන ලද 2003 වසර දක්වා අතීතයට දිව යනවා. අල්කයිඩා සංවිධානය ඔවුන්ට අවස්ථාවක් ලද සැනින් තම කඳවුරු ශක්තිමත් කළ අතර සීමාවට ඔබ්බෙන් තිබූ ජෝර්දානයට ප්‍රහාර එල්ල කරන්න කටයුතු කළා. මේ වන විට ඇමරිකාව විසින් අල්කයිඩා දඩයම ආරම්භ කරනු ලැබ තිබූ අතර අත්අඩංගුවට පත් වූ අල්කයිඩා විශාල ප්‍රමාණයක් භාරයට ගෙන ඇමරිකානුවන් විසින් පවත්වාගෙන යනු ලැබූ සිරකඳවුරු වලට යැව්වා. මේ සිරකඳවුරු හඳුන්වනු ලැබුවේ බුකා නමින්.
කෙසේ වෙතත් 2011 අරාබි වසන්තයක් සමගින් ඇතිවූ ඇති වූ සිරියානු කැරලිකරුවන් ගේ ප්‍රචණ්ඩකාරී බව තුරුම්පුවක් කරගත් අල්කයිඩා සංවිධානකරුවන් තම අදහස් වලට ගරු කරන්නන් සමග එක්වී ඔවුන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ආරම්භ කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස සංවිධානය නම මූලිකවම වෙනස් කරන්නට උත්සාහ ගත්තා. නමුත් මේ හේතුවෙන් අල්කයිඩා මූලස්ථානය සිරියාව සමග උරණව ISIS සංවිධානයෙන් වෙන්වුනා.
මේ අතර සිරියානු ගැටුම් උග්‍ර වීමේදී ඉරාක ප්‍රදේශ වලට අමතරව සිරියාවේ නගර ගණනාවක් යටත් කර ගැනීමට ISIS සංවිධානය සමත් වුණා. ලොව පුරා තම මත දරන්නන් ඒකරාශී කරගැනීම සඳහා ඔවුන් භාවිතා කරන ප්‍රචලිතම මාධ්‍යය වන්නේ සමාජ ජාල ජාලයයි. මේ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලොව පුරා සිටින මුස්ලිම් ජාතිකයන් තුල ඉස්ලාම් අධිරාජ්‍යයක සිහින ඇති කරවීමටයි.
ISIS සංවිධානය අතීතයේ කවර ලෙසකින් ව්‍යාප්තව භීෂණ ලෙස කටයුතු කළත් ඔවුන්ට එරෙහිව යුදමය තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින ඇමරිකාව මෙන්ම රුසියාවත් ඔවුන්ට විරුද්ධව සටන් කරමින් සිටිනවා. අද වන විට ලෝකයේ රටවල් දහයකට වැඩි ප්‍රමාණයක් ISIS සංවිධානය සමග සටන් වදිනවා. ලෝකයටම භීතියක් වෙමින් ලොව පුරා හඹායන ISIS සුළඟ මැඩලීමට මුළු මහත් ලෝකයේම ජනතාව එකට අත්වැල් බැඳගත යුතුව තිබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
619 Views
Comments