වෛද්‍ය විද්‍යාවේ ශ්‍රේෂ්ඨ අනාවරණ පිළිබඳව ඔබ දැනුවත්ද

නූතන වෛද්‍ය විද්‍යාව බොහෝ අංශ වලින් පොහොසත් බව ඔබ දන්නා කරුණක්. එම පොහොසත් භාවය එක් රැයකින් ලබාගත් දෙයක් නම් නොවේ. විශාල පිරිසකගේ මහන්සිය හා කැපවීම මත ගොඩ නැඟුණු නූතන වෛද්‍ය විද්‍යාව බොහෝ රෝගීන් සුවපත් කරන්නට සමත් වී ඇති බව සතුටට කරුණකි. එම වෛද්‍ය විද්‍යාවේ ශ්‍රේෂ්ඨ අනාවරණ පිළිබඳව පහතින් දැනුවත් වෙමු.
ලොව ප්‍රථම මහා විච්ඡේද විද්‍යාඥයා බෙල්ජියම් ජාතික ඇන්ඩ්‍රියස් වෙසාලියස් වේ. ඔහු 1540 වර්ෂයේ දී ලියූ මිනිස් සිරුරේ ව්‍යුහය නම් ග්‍රන්ථය වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියකි. රුධිර ධාවනය පිළිබඳව කරුණු අනාවරණය කළේ ඉංග්‍රීසි ජාතික විලියම් හාවේ විසිනි. ඔහු 1628 වර්ෂයේ දී තම අනාවරණයන් මහා ග්‍රන්ථයකින් ලොවට ඉදිරිපත් කළේය. කිරිබදු ද්‍රව්‍ය නරක් නොවී තබා ගැනීමේ පාස්චරීකරණය ලොවට අනාවරණය කළේ 1866 වර්ෂයේදී ලුවී පාස්චර් නම් ප්‍රංශ විද්‍යාඥයා විසිනි. ඔහු 1885 වසරේ දී රභස රෝගයට එන්නතක් ද නිපදවූයේය. මිනිස් ශරීරයේ ඇතුළත තත්ත්වයන් දැකගත හැකි එක්ස්කිරණ ක්‍රමය අනාවරණය කළේ 1895 වර්ෂයේදී විල්හෙල්ම් රොන්ජන් නම් ජර්මන් ජාතික විද්‍යාඥයා විසිනි. තවද මනා සාත්තුව හා පිරිසිදු ජීවන වාතාවරනය න දෙකින් රෝගීන් බොහෝ දෙනෙකුට සුවය ලබා දිය හැකි බව ලොවට තහවුරු කර 1853 වර්ෂයේ දී එම ගුණාංග සහිත සාත්තු සේවයක් හඳුන්වා දුන්නේ ෆ්ලොරන්ස් නයිටිංගේල් නම් ඉංග්‍රීසි කාන්තාව විසිනි. ශල්‍යකර්මවලදී නිර්වින්දක ඖෂධ ප්‍රථම වරට භාවිතා කළේ 1842 වසරේ දී crawford long නම් ඇමරිකන් වෛද්‍යවරයාය. ශල්‍යකර්මවලදී පුති නාශනය හෙවත් විෂබීජ මර්දනය මුල්වරට භාවිතාකලේ න සියවසේ ඉංග්‍රීසි ජාතික වෛද්‍ය ඇම්බ්‍රොස් නම් වෛද්‍යවරයාය. බැක්ටීරියා නම් රෝගකාරක සූක්ෂම ජීවී විශේෂය ගැන සොයා ගත්තේ 1683 වර්ෂයේදී ඇන්ටනී නම් ඕලන්ද විද්‍යාඥයා විසිනි. බටහිර වෛද්‍ය විද්‍යාවේ විදුහුරු ඖෂධ මුල්වරට භාවිතා කළේ ක්‍රිස්තු පූර්ව 400 සියවසේදී රීක වෛද්‍ය හිපොක්‍රටීස් විසිනි. වෛද්‍ය නලාව හෙවත් ස්ටෙතස්කෝප් නම් උපකරණය නිපදවන ලද්දේ 1816 වර්ෂයේ දී ප්‍රංශ වෛද්‍ය රෙනී ලෙනක් විසිනි. මුඛයේ තබා උණ මනින උෂ්ණත්ව මානය හෙවත් තර්මොමීටරය නිපදවන ලද්දේ ජෝසෆ් නම් ඉතාලි වෛද්‍යවරයා විසිනි. වර්ෂය ප්‍රකට නැති අතර 17 වන සියවසේ යැයි පැවසේ. ශීතාද රෝගය දෙහි යුෂවලින් වැළැක්විය හැකි බව හා සුව කළ හැකි බව අනාවරණය කළේ වර්ෂ 1747 දී එම ප්‍රතිකාරය නාවිකයන් විෂයෙහි භාවිතා කළ ඉංග්‍රීසි වෛද්‍ය James lindy විසිනි. වසූරිය රෝගය වැළැක්වීමට එන්නතක් නිපද වූයේ 1796 වසරේදී ඉංග්‍රීසි වෛද්‍ය එඩ්වඩ් ජෙනර් විසිනි. ක්ෂය රෝගය සඳහා මුලින්ම ප්‍රතිකාරයක් සොයා ගත්තේ වර්ෂ 1883 දී ජර්මන් වෛද්‍ය රොබට් කොක් විසිනි. ආබාධිත හෘදය වෙනුවට හෘද පාරරෝපණය හඳුන්වා දුන්නේ 1967 වසරේ දී ණු අප්‍රිකානු සල්ලි වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාර්ඩ් විසිනි. කොලරාව හා මහමාරිය හටගන්වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව තොරතුරු සොයා ගත්තේ වර්ෂ 1880 දී වෛද්‍ය රොබට් කොක් විසිනි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1043 Views
Comments