මායාවක් වන් ජීවිතයකට හිමිකම් කියූ මායා ඇන්ජලෝ

ඇත්තෙන්ම ඇය මායාවක්. සියලුම දෙනාගේ සිත් ඇදගන්නට සමත්වූ මායාකාරියක්. නමින් මායා ඇන්ජලෝ නම් වූ ඇය කිවිඳියක්, ගායිකාවක්, ගත් කතුවරියක්, සිනමා ශිල්පිනියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක්, නාට්‍යවේදිනියක් සහ රූපවාහිනි ශිල්පිනියක් ලෙස ජීවිතය දිනා ගත්තාය.
ඇයගේ ජීවිත ගමන මල් ඇතිරිල්ලකින් ආ ගමනක් නම් නොවේ. ඇගෙ ජීවිතය බෙහෙවින් කටුක වූත් දුෂ්කර වූත් ජීවිතයකි. වයස අවුරුදු අටේදී එක් දිනයක ඇය සිය මවගේ පෙම්වතා අතින් කෙලෙසීමට ලක් වූවාය. පසුව ඔහු සිරභාරයට ගැනුණද නිදහස් වී පැමිණි පසුව දැඩි කෝපයෙන් යුතු දැරියගේ මාමාවරුන් අතින් මිය ගියේය. එය පුංචි මායාට දැඩි මානසික කම්පනයක් වූ අතර එයින් වසර 5ක් ගතවන තෙක් කිසිදු හෝ වචනයක් කිසිදු කෙනෙක් සමග ඇය කථා නොකළාය. නමුත් වාසනාවකට මෙන් සිය ගුරුවරියගේ බලකිරීම මත වසර 5කට පසුව ඇය විසින් කතා කිරීමට පටන්ගත්තාය. ඉන්පසුව සිය ජීවිතයෙන් සමුගන්නා තෙක්ම ඇය අනුන් වෙනුවෙන් කතා කරන්නටද අමතක නොකළාය. ගෞරව උපාධි විශාල සංඛ්‍යාවකට හිමිකම් කියූ මායා සම්මානලාභී ඇමරිකානු ජනතා වීරවරියක වශයෙන් ද කාගේ කාගේත් ප්‍රසාදයට ලක් වූ කාන්තාවකි. ඇගේ ළමා කාලය එතරම් සුන්දර වූවක් නොවෙයි. විටෙක මවගේ තුරුල්ලේ ද තවත් විටෙක පියාගේ තුරුල්ලේ ද හැදී වැඩෙන්නට ඇයට සිදු වූවා ය. අධික දුප්පත් කම නිසාවෙන් කුඩා කල සිටම කපු වතු වල සේවය කිරීමට ද ඇයට සිදුවිය. ඇයට වයස අවුරුදු දාහතරේදී සැන් ෆ්රැන්සිස්කෝ හි කේබල් කාර් හසුරුවන ප්‍රථම කාන්තාව වූ ඇය ඒ වෙනුවෙන් සම්මානයට ද පාත්‍ර වීම විශේෂත්වයකි. කෙසේවෙතත් වයස අවුරුදු දාහත වනවිට තම පෙම්වතාගෙන් ඇයට පුතෙකු ලැබුණු අතර එතැන් පටන් එම දරුවා උස් මහත් කරන්නට විවිධ රැකියා වල නියැළෙන්නට ද ඇයට සිදුවිය. කෝකියෙක්, රාත්‍රී සමාජ ශාලා නාට්‍යාංගනාවක්, ලිංගික ශ්‍රමිකයෙක් වැනි රැකියාවල පවා ඇයට නියැළෙන්නට සිදුවූයේ ජීවිතය එපා කරවමින්. පසුව 1951දී Tosh anjalo නමැත්තා සමඟ ඇය විවාහ විය. අනතුරුව 1959 දී ජෝන් ඔලිවර් නමැති නවකතාකරු සිදුකල බලකිරීම මත ලේඛන රැකියාවකට නිව්යෝක් වෙත පැමිණීම ඇයගේ ජීවිතයේ සිදු වූ විශාල හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකියි. ඇයගේ මුල්ම කෘතිය වූ I know why the caged bird sings සඳහා ඇමරිකාවේ ජාතික සම්මානය ද හිමි විය. තවද Just give a good drink of water fore I die නමැති කෘතියට ද පුලිස්ටාර් ත්‍යාගයක් හිමි විය. ස්වයංචරිතාපදාන හතක් ඇතුළු විශිෂ්ට කෘති රැසක, රූපවාහිනී වැඩසටහන් රැසක දායිකාව වූ ඇය සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සිවිල් මෙහෙවර ඉතාමත් විශිෂ්ට ගණයේ ලා සැලකිය යුතුයි.
ඇත්තෙන්ම ඇය ඇයගේ ජීවිත කාලය තුළ අන් අයට දැක්වූ ආදරය කියා නිම කළ නොහැකි තරම්ය. ඇයට කිසිදිනෙක සැබෑ ආදරයක් හමු නොවුවද 2014 වර්ෂයේ දී අවසන් සුසුම් හෙලන විට අන් අයගේ සිතේ ඇය පිළිබඳව සියුම් හෝ ඉඩකඩක් වෙන් කර ගැනීමට ඇය සමත් වූවා කීවොත් නිවැරදියි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
726 Views
Comments