මුහුණ බද්ධ කළ කැටී ස්ට්බ්ල්ෆීල්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

මුහුණ බද්ධ කළ කැටී ස්ට්බ්ල්ෆීල්ඩ්

මුහුණ බද්ධ කළ කැටී ස්ට්බ්ල්ෆීල්ඩ්

කැටී කියන්නේ පාසලේ හිටපු ලස්සනම ගැහැණු ලමයෙක්. පිරිමි ළමුන් ගණනාවකගේම ආදරය ඇයට ලැබුණත් ඇයගේ ආදරය ලැබුණේ කෙල්වින් ස්ටීවන්ස්ට විතරයි. ඒත් දවසක් කෙල්විනගේ ජංගම දුරකථනයේ තිබුණු තමන්ගේ හොඳම මිතුරියකගේ අඩ නිරුවත් ඡායාරූප දකින කැටීට ඇස් අදහා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවෙම ගෙදර ආ කටී කාමරේට වැදිලා අඩා වැලපුනා. අවසානයේ තාත්තාගේ ලාච්චුවක තිබුණු පුංචි ශොට්ගන් පිස්තෝලයක් අරගෙන නිකට යටින් තියලා වෙඩි තියාගන්නවා. කැටිගේ ජීවිතේ හාස්කමකට බේරුණත් ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම විරූපී වෙලා තියෙනවා. සති තුනකට පස්සෙ මුහුණේ බැන්ඩේජ් ඉවත් කෙරුණා. වයස අවුරුදු දහ අටක් වුන පාසලේ ලස්සනම ගැහැණු ළමයා වුන කැටි ඒ වෙද්දි අවුරුදු 80 ක විතර පෙනුමක් තියෙන විරූපී කාන්තාවක් වෙලා.

ඇගේ දෙමව්පියන් ඇයට මුහුණක් බද්ධ කිරීම ගැන සොයා බැලුවා. ඒ වෙද්දි ඇමරිකාවේ වෛද්‍යවරු සාර්ථක මුහුණු බද්ධයන් දෙකක් කරලා තියෙනවා. මේ ගැන වෛද්‍යවරුන් කියන්නේ මුහුණක් බද්ධ කරනවට වඩා අමාරුයි ගැළපෙන මුහුණ හොයාගන්න එක. රුධිර සාම්පල ගැළපීම සාර්ථක වුණත් කවුද මුහුණක් දෙන්න කැමති වන්නේ. ඒ අනුව ඔවුන්ගේ ඊලඟ පියවර වුනේ කැටීට ගැලපෙන මුහුණක් දෙන්න කැමති කෙනෙක් හොයාගන්න එක. මියගිය කෙනෙකුගේ මුහුණක් ගන්න පුළුවන් වුණත් ඊට මියගිය කෙනාගේ ඥාතීන්ගේ කැමැත්ත ලැබෙන්න ඕන. ඒ නිසා කැටීට අවුරුදු තුනක් මුහුණ වෙනුවෙන් බලා ඉන්න සිද්ධ වුණා. අවසානයේදී එය සොයාගතා. ඒ තිස් එක් හැවිරිදි ඒඩ්‍රියා චේඩර්ගෙන්. චේඩර් මිය යන්නේ වාහන අනතුරක් සිදුවී මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා. ඇය මියගියාට පස්සේ ඇගේ සිරුරේ අවයව දන් දෙන්න ඇගේ සැමියා කැමැත්තෙන් ඉන්නවා. නමුත් මුහුණ දන් දෙන එක ගැන ඇගේ සැමියා අහලවත් නෑ. චේඩර් ගේ රුධිර සාම්පල කැටීට ගැළපෙන නිසා කැටිගේ මවුපියන් මියගිය චේඩර්ගේ සැමියා හමුවෙලා කැටි වෙනුවෙන් ඇගේ මුහුණ ඉල්ලා සිටිනවා. ඇය මිය ගියත් ඇය නිසා ලෝකයේ හතර දෙනෙක් ජීවත් වෙනවා. ඒ ඇගේ වකුගඩු දෙක සහ ඇස් දෙකෙන්. ඒ ගනන පස් දෙනෙක් වෙනවා දකින්න මම කැමතියි. ඔහු ඒ විදියට පිළිතුරු දුන්නා. එදා චේඩර්ගේ සිරුරෙන් ඇගේ මුහුණ ඉවත් කර ගැනුණා. ඒ ඔහායෝ වල පිහිටි ක්ලෙවලන්ඩ් රෝහලේදී සිදුකළ පැය දාසයක සැත්කමකට පස්සේ. තවත් පැය තිස් එකක ශල්‍යකර්මයකින් පස්සේ විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙක්ගේ අසීමිත උත්සාහයකින් පස්සේ චේඩර්ගේ මුහුණ කැටීට බද්ධ කාලා.

 

 

 


පෙනුමෙන් සුළු වෙනස්කම් තිබුනත් සැත්කම සීයට සීයක් සාර්ථක බවයි තහවුරු වෙන්නේ. දවස් හයකට පස්සෙ කැටීගේ මුහුණේ තිබුණු බැන්ඩේජ් ඉවත් කලා. දැන් ඉන්නේ කලින් හිටපු කැටි වගේත් නෙවේ. චේඩර්ගේ මුහුණත් නෙවේ. අලුත් කෙනෙක්. නමුත් ලස්සනයි. වෙඩි වැදිලා විරූපි වුණු මුහුණට වඩා ලස්සනයි. ආවේගයට මුල් වෙලා අවුරුදු 18දී ජිවිතේ කරගත් මෝඩකම ගැන කැටී තවමත් පසුතැවෙනවා.

 

 

 

by Dilki shamani

Photo Source: Internet

 

views

581 Views

Comments

arrow-up