හොලිවුඩයේ නවතම නිර්මාණය the invisible man
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

හොලිවුඩයේ නවතම නිර්මාණය the invisible man

හොලිවුඩයේ නවතම නිර්මාණය the invisible man

සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් වෙනත් තේමා ඔස්සේ චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලා තියෙන්නේ වැඩිපුරම හොලිවුඩ් චිත්‍රපටයි. මේ එලෙස එළිදැක්වුණ තවත් චිත්‍රපටයක් පිළිබඳ තොරතුරුයි.

සිසිලියා කාස්ගේ පෙම්වතා දරදඬු ප්‍රචණ්ඩකාරී අයෙක් අතිදක්ෂ විද්‍යාඥයකු වන ඔහු ඒඩ්‍රියන් ග්‍රිෆින් නම් වෙනවා. සිසිලියා ඒඩ්‍රියන් ඉතා අපහසුවෙන් බේරී යන්නේ සිය සොහොයුරිය, කුඩා කළ මිතුරා සහ ඔහුගේ දියණියගේ උපකාරයෙන්. පසුව ඒඩ්‍රියන් විසින් සියදිවි නසා ගෙන ඇති බවත් ඔහු සතු සුවිශාල බූදලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇයට තිළින කර ගොස් ඇති බවත් දැනගැනීමට ලැබෙනවා. අන් අය කෙසේ සිතුවත් සිසිලියාට මෙය සැක කටයුතු කාරණාවක්. ඔහුගේ මරණය වංචාවක් බවට ඇයට සැකයි.

තවද සිසිලියාගේ හිතවතුන් එකිනෙකා බිහිසුණු සිදුවීම් වලටද ගොදුරු වන විට ඇගේ එම සැකය තවත් වර්ධනය වෙනවා. අදිසි මිනිසකු තමා නතු කරගැනීමට වෙර දරන බව ඇයට පසක් වෙනවා. කිසිවෙකුට නොපෙනෙන අදිසි මිනිසෙකු පිළිබඳ ප්‍රබන්ධයක් නූතන යුගයේ පළමු වරට හමුවන්නේ විද්‍යා විද්‍යාප්‍රබන්ධ කලාවේ පියා ලෙස විරුදාවලිය ලත් ප්‍රධාන ලේඛක එච් ජී වේල්ස් (1866-1946) කාල වකවානුවේ pearson's weekly නම් සඟරාවට 1897 වසරෙ කොටස් වශයෙන් පළ කරන ලද විද්‍යා ප්‍රබන්ධ නවකතාවයි. වේල්ස් විසින් නිර්මාණය කෙරුණු අදිසි මිනිසා චරිතය 1993 සිට මේ දක්වා චිත්‍රපට චරිත කතා කාටුන් රූපවාහිනී නාට්‍යමාලා ගණනාවක් ඔස්සේ ප්‍රතිනිර්මාණයවී තිබෙනවා. මේ අදිසි මිනිසා ගේ නවතම සම්ප්‍රාප්තිය සිදු වුණේ පසුගිය පෙබරවාරි මස 28 වැනිදා සිට ලොවපුරා තිරගත වන වොනෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද the invisible man විද්‍යාප්‍රබන්ධ බියජනක චිත්‍රපට සමඟ සිදු වුණා.

 

 

 


ජේසන් බ්ලූම් සහ කයිල් ඩ්‍යු ෆ්‍රෙස්න් විසින් නිෂ්පාදනය කෙරුණු එහි එලිසබෙත් මෝස්, ඇල්ඩිස් හොජ්, ස්ට්‍රෝම් රිඩ්, හැරියට් ඩයර්, ඔලිවර් ජැක්සන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තියෙනවා.

The invisible man චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන හතක් බවටයි වාර්තා වන්නේ. IMDb දර්ශකයේ 7.6/10 හිමි කරගෙන තිබෙන එය රොට්න් ටොමැටෝස් අඩවියේ 92% ක් ලබා විචාරක පැසසුම් ලබා ගැනීමට මේ වනවිට සමත්වී තියෙනවා. එහි පොදු විචාරයට අනුව සුහුරු මෙන්ම හොඳින් රංගනයේ යෙදී ඇති ඒ සියල්ලටම වඩා බෙහෙවින් බිය උපදවන පැරණි චරිතයක නවමු පණ ගැන්වීමක් ලෙස මේ චිත්‍රපටය ඔවුන් සලකනවා. ප්‍රධාන චරිතය වන සිසිලියා කාස් අදිසි මිනිසකු ඇය ගොදුරු කර ගැනීමට මාන බලමින් ඇය වටා ගැවසෙන බව විශ්වාස කරනවා. එවැනි අදිසි මිනිසෙකු මේ මොහොතේ ඔබ අසල නොමැතිබව ඔබට හොඳටම විශ්වාසද? නරඹන්න The invisible man

 

 

by Dilki shamani

Photo Source: Internet

views

563 Views

Comments

arrow-up