ඒකක භාර පිළිබදව ඔබ දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ඒකක භාර පිළිබදව ඔබ දැනුවත්ද

ඒකක භාර පිළිබදව ඔබ දැනුවත්ද

ආයෝජකයින්ට ප්‍රාග්ධනයේ කොටස් විකිණීමෙන් එක් රැස්කර ගන්නා මුදල් වලින් සමන්විත සාමූහික ආයෝජන අරමුදලක් ඒකක භාරයක් ලෙස හැඳින්වෙයි. එනම් ආයෝජකයින්ගෙන් එක් රැස්කර ගන්නා මුදල් වලින් නිර්මිත ආයෝජන සංචිතයකි. ඒකක භාරයක ප්‍රධාන පාර්ශව තුනක් පවතී. එනම් ඒකකභාර සමාගම, අරමුදල් කළමනාකරණ සමාගම සහ ඒකක හිමියන්. ඒකක භාරයක භාරකාරීත්වය හිමි ආයතන ඒකකභාර සමාගම වශයෙන් හැඳින්විය හැකියි. මේවා ස්ථාවරත්වයක් සහ කීර්තියක් ඇති ස්වාධීන මූල්‍ය ආයතන වේ. සියළුම ආයෝජන සිදු කරන්නේ භාරකරු නමින් වන අතර මොහුගේ ප්‍රධාන වගකීම වන්නේ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. උදාහරණ ලෙස ලංකා බැංකුව සහ hsbc බැංකුව පෙන්වා දිය හැකියි.

ඒකකභාරයක පරිපාලනමය සහ ආයෝජන කටයුතු වල නිරත වන ආයතන අරමුදල් කළමනාකරණ සමාගම් ලෙස පෙන්වා දිය හැකියි. ඒකක භාරයක ප්‍රධාන ප්‍රවර්ධකයා ලෙස ක්‍රියා කිරීමත්, ඒකකභාර සතුන් අරමුදල් වල ඒකක මහජනතාවට අලෙවි කිරීමත් කළමනාකරුගේ ප්‍රධාන කාර්යයන් වේ. ඒකක භාරයක මුදල් ආයෝජනය කරන්නන් නැත්නම් ඒකක මිලදීගන්නන් ආයෝජකයන් ලෙස හඳුන්වයි. අරමුදල් කළමනාකරණ සමාගම සහ භාරකරු අතර ඇති කරගන්නා ගිවිසුම ඒකක භාරකාර ඔප්පුව ලෙස හැඳින්වෙන අතර මෙහි භාරකරු කළමනාකරු සහ ආයෝජකයන් යන පාර්ශව වල නෛතික අයිතිවාසිකම් සහ වගකීම් විස්තර කරයි.

 

 

 


ඒකක භාරයක ආයෝජනය කිරීමෙන් සුළු ආයෝජකයෙකුට ලැබෙන ප්‍රතිලාභ ගණනාවකි. විවිධාංගීකරණය වී ඇති ආයෝජනයක් තුළ මුදල් යොදවන බැවින් ආයෝජකයන්ගේ අවදානම අඩු වීම, සුළු ආයෝජනයකින් විශාල ආයෝජනයක් අවශ්‍ය මහා පරිමාණ ව්‍යාපාර වල ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලැබීම, ආයෝජන කළමනාකරණයට වෘත්තීය කළමනාකරුවන්ගේ සේවය ලබාගත හැකිවීම, ආයෝජන ඕනෑම විටෙක ආපසු මුදල් බවට පත්කර ගැනීමේ අවකාශ ලැබීම, බදු සහන ලැබීම, ඒකකභාර ආපසු ඒකක බාරයට අලෙවි කල හැකි වීම එම ප්‍රතිලාභ අතරින් කැපී පෙනේ. ඒකක භාර වර්ග විවෘතාන්ත ඒකකභාර සහ අවෘතාන්ත ඒකක භාර ලෙස වර්ග කර දැක්විය හැකි අතර එම අවෘතාන්ත ඒකක භාර ඒකක ආයෝජන භාර සහ අවෘතාන්ත අරමුදල් ලෙස වර්ග කර දැක්විය හැකියි. වත්කම් වර්ග සමූහයක කරන ලද ආයෝජන වල එකතුව ආයෝජන කළඹක් ලෙස හඳුන්වයි. මෙමඟින් ආයෝජනයේ අවදානම අඩු කර ගැනීමට හැකි වන අතර කොටස් බැංකු තැන්පතු ණයකර භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර යනාදියෙහි කරනු ලබන ආයෝජනයයි.

මූලික නිකුතුවක් මගින් ඒකක අලෙවි කොට මුදල් රැස්කර ගත් පසුව අළුතින් ඒකක විකිණීමත් නිකුත් කළ ඒකක නිදහස් කිරීමත් කළ හැකි ඒකකභාර විවෘතාන්ත ඒකක භාර ලෙස හඳුන්වයි. මූලික නිකුතුවෙන් පසුව නව ඒකක විකිණීම සහ නිකුත් ඒකක නිදහස් කිරීම කළ නොහැකි ඒකක භාර අවෘතාන්ත ඒකක භාර ලෙස හඳුන්වයි. ආරම්භයේදී තීරණය කරනලද නිශ්චිත කාලයකට පමණක් පවතින ඒකක භාරයක් ඒකක ආයෝජන අරමුදලක් ලෙස හඳුන්වයි. පරිණත කාලයක් නොමැති වන්නා වූ අවෘතාන්ත ඒකකභාර අවෘතාන්ත අරමුදල් ලෙස හඳුන්වනු ලබයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

3102 Views

Comments

arrow-up