කම්පියුටර් ගේම්ස් - ඊෆුට්බෝල් 2020
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

කම්පියුටර් ගේම්ස් - ඊෆුට්බෝල් 2020

කම්පියුටර් ගේම්ස් - ඊෆුට්බෝල් 2020

ලෝ ප්‍රකට පාපන්දු කණ්ඩායමක් තෝරා ගෙන එය මෙහෙයවා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන පරිගණක ක්‍රීඩාවක් තමයි ඊෆුට්බෝල් 2020 කියන්නේ. එහෙමත් නැත්නම් ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් කැමතිසේ එක්කර කණ්ඩායමක් සකස් කරගෙන වුණත් මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. දැනට ලෝකයේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ප්‍රධාන ක්‍රීඩා කණ්ඩායම් සියල්ලම වාගේ මෙම ක්‍රීඩාවට එකතු කර තිබෙනවා.

ඒ කණ්ඩායම් නියෝජනය කරන සුපිරි ක්‍රීඩකයන් පුහුණුකරුවන් කළමනාකරුවන් ආදී දැනට පන්දු පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටින අය මෙහි ඇතුළත් වෙනවා. ඒ අයගේ ඩිජිටල් අනුරූ ඇසුරෙන් ඊෆුට්බෝල් ක්‍රීඩාවේ යෙදිය යුතුයි. ලෝකයේ පැවැත්වෙන ප්‍රධාන පාපන්දු තරඟාවලිය ද ඒ ආකාරයෙන්ම මෙහි ඉදිරිපත් කර තියනවා. ක්‍රීඩාව ආරම්භයේ දී තමන්ට පාපන්දු ක්‍රීඩා සමාජයක් තෝරාගත හැකි වෙනවා.

 


කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන ඔවුන්ගේ හැකියාව සහ ඔවුන් සිටින සෞඛ්‍ය තත්ත්වය ගැන තොරතුරු අධ්‍යයනය කර ඔවුන් සතු හැකියාව දක්ෂතා දියුණු කර ගැනීමට සැළසුම් කළ යුතු වෙනවා. කළමනාකරුවන් වගේම පුහුණුකරුවන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව ලබාදෙන තොරතුරු අධ්‍යයනය කර සුදුස්සන් තෝරා ගතයුතු වෙනවා. ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව ක්‍රීඩා කළ යුතු ස්ථානය තීරණය කළ යුතුයි. ඒ සඳහා ක්‍රීඩකයන්ගේ කලින් ක්‍රීඩා දක්ෂතා හැකියා විමසා බැලිය හැකියි. කළමනාකරුවන් මෙන්ම පුහුණුකරුවන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ ලබාදෙන තොරතුරු අධ්‍යයනය කර සුදුස්සන් තෝරා ගත යුතු වෙනවා. ඉන්පසු ඔවුන් ලබා දෙන උපදෙස් අනුව ක්‍රීඩකයන් මේවා මෙම ක්‍රීඩාව සිදු කළ යුතුයි.

ජාත්‍යන්තර තරඟ අත්දැකීම ලබාගැනීමට පරිගණක ක්‍රීඩකයාට මෙහිදී අවස්ථාව හිමි වෙනවා. ප්‍රධාන තරගකරුට කලින් පුහුණුවීම් කරන අයුරු අයුරුත් ප්‍රතිවාදී කණ්ඩායම් අධ්‍යනය කරන අයුරු මෙන්ම අනෙක් සැලසුම් සකස් කිරීම යනාදිය ගැන අත්දැකීමක් ලබාගත හැකි වෙනවා.

ඊෆුට්බෝල් පරිගණක ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණය කටයුතු ඉතා ඉහළ මට්ටමකින් සිදු කර තියෙනවා. ලොව සුපිරි ක්‍රීඩකයන් ඔවුන්ගේ ජීවමාන හැඩරුවට සමාන වන අයුරින් නිර්මාණය කර තිබෙනවා. එසේම එම ක්‍රීඩකයන්ට ආවේණික ක්‍රීඩා විලාශයන් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම විශේෂ වෙනවා. ක්‍රීඩා තරගාවලියේ දක්නට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔල්වරසන් යනාදියත් නිසි වේලාවට නිසි උද්වේගය ඇතිව නිකුත් වන සේ ක්‍රීඩාවට එක් කර තියෙනවා. තරග විස්තර විචාරය ද ක්‍රීඩාවේ යෙදෙන ආකාරය අනුවම යමින් ඉදිරිපත් කිරීම විශේෂයි. ලොව ප්‍රකට විස්තර විචාරකයන්ගේ කටහඬ අනුකරණය භාවිතා කර තිබෙනවා. පරිගණක ක්‍රීඩාවේ යෙදෙන ෆුට්බෝල් ප්‍රේක්ෂකයන්ට ඊෆුට්බෝල් කියන්නේ හොඳ පරිගණක ක්‍රීඩාවක්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

479 Views

Comments

arrow-up