නයිල් ගඟේ මාළුන්ගෙත් මයික්‍රෝ ප්ලාස්ටික්

ලෝකයේ දිගම ගඟේ මාළුන්ගෙන් හතරෙන් තුනක්ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාරයට ගන්නා බව වාර්තා වන පුවතක් පසුගියදා අනාවරණය වුනා. නයිල් ගඟේ ඇති ප්ලාස්ටික් දූෂණය පිළිබඳ sky news විසින් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර ඇති අතර මාළුන්ගේ බඩවැල් තුල ඇති ප්ලාස්ටික් පිළිබඳව ඔවුන් වැඩිපුර අවධානය යොමු කර තිබෙනවා. sky news විසින් නයිල් ගඟේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳව ප්‍රථම විද්‍යාත්මක පරීක්ෂණය සිදුකර ඇති අතර විශ්ලේෂණය කරන ලද මසුන්ගෙන් අතරෙන් තුනකගේ පමණ සිරුරු වල microplastic අඩංගු බව සොයාගෙන තියෙනවා. මෙම පර්‍යේෂණය ඉතා රහසිගතව සිදුකල බව වාර්තා වන්නේ මිඋට සම්බන්ධ විද්‍යාඥයන් අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ඇතැම් බලධාරීන් සූදානම් වන නිසයි. මෙම පර්යේෂණ මෙහෙයවනු ලැබූ ඩෙන්මාර්කය පදනම් කරගත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් වන අතර ඔහුගේ සොයාගැනීම් සමාලෝචනය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහිදී මිනිස් ආහාර දාමයට microplastic ඇතුල්වීමේ හැකියාව ගැන කනස්සල්ලට සහ භීතියට පත්වන බව ප්‍රකාශ කර තිබෙනවා. මිරිදිය ගංගාවල ඇති ප්ලාස්ටික් දූෂණයෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන්හි හදිසි අවශ්‍යතාවද මේ සමග ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තවද මෙම දූෂිත මසුන් සිය ජීවනෝපාය කරගෙන මසුන් මත යැපෙන මිලියන ගණනක් සහ මිලියන සංඛ්‍යාත ජනතාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම මූලික පර්යේෂණ ඊජිප්තුවේ විද්‍යාගාරවල රහසිගතව සිදු කරන ලදී. ඊට හේතු වූයේ අතීතයේ දී බලධාරීන් නයිල් ගඟ ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වූ අතර නයිල් ගංගාවේ පිරිසිදුකම ගැන ප්‍රසිද්ධියේ කතා කළ පුද්ගලයන් සිරගත කිරීමයි. පර්යේෂණයට සම්බන්ධ සියලු දෙනා සිය නිර්නාමික භාව ඉල්ලා සිටි අතර ඔවුන්ට එරෙහි ප්‍රතිවිපාක වලට බියෙන් මූලික අධ්‍යනය සිදු කළේ කවුදැයි හඳුන්වා නොදෙන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.
ලෝකයේ සාගර වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් පැවැත්ම පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කළද ගංගා වලට ඒවා බලපාන ආකාරය පිළිබඳ සිදුකර ඇති අධ්‍යනයන් සීමා සහිත බව වාර්තා වෙනවා. සමස්ත අප්‍රිකානු මහද්වීපයේ මිරිදිය මත්ස්‍යයන්ට ප්ලාස්ටික් හරහා ජලය දූෂණය වීම පිළිබඳ බලපෑම පිළිබඳ කිසියම් පර්යේෂණයක් සිදු කළ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙනවා. ඇස්තමේන්තු ගත කර ඇති පරිදි මිලියන 250 ක ජනතාවක් යැපෙන ලෝකයේ දිගම ගංගාව අප්‍රිකානු මහද්වීපයේ රටවල් 11ක් පුරා හරහා ගලා යනවා. ඒ අනුව මෙලෙස මිරිදිය මත්ස්‍යන්ට සහ ඉන් ආහාර දාමයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වීම පිළිබඳ මිනිසුන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඉන් ඉදිරියේදී එල්ල විය හැකි බලවත් සෞඛ්‍ය තර්ජනයන් පිළිබඳ පිළියම් සෙවීම වඩා වැදගත් වෙනවා.
by Dilki Shamani
source : news.sky.com
558 Views
Comments