Uber - Postmates අත්පත් කර ගැනීම සඳහා සාකච්ඡා කරයි

නිව් යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව, uber (යූබර්) වසර නවයක්ට පමණ ප්‍රථම ආරම්භ වූ පෝස්ට්මේට්ස් නම් බෙදා හැරීමේ ආයතනයද ඩොලර් බිලියන 2.6 කට මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.
ආහාර බෙදා හැරීමේ සමාගමක් වන Grubhub අත්පත් කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ ගනුදෙනුවක් අහිමි වී සති කිහිපයකට පසුත් uber තමන්ගේම ආහාර බෙදා හැරීමේ සේවාව ශක්තිමත් කිරීම අත්හැර දමා නැහැ.ආහාර බෙදා හැරීමේ වෙළඳපොලේ විශාල, මිල අධික අත්පත් කර ගැනීම් සිදු කිරීමට uber ගත් උත්සාහයන් සමාගමෙහි මූලික වෙනසක් ඉස්මතු කිරීමට සමත් වුනා.ප්‍රවාහන සේවයක් ලෙස ආරම්භ කරන ලද uber , පසුකාලීනව Uber Eats සේවාවත් සමඟ ආහාර බෙදා හැරීම ඇතුළු නොයෙකුත් අන්දමේ බෙදා හැරීමේ සේවාවන් සමග දිගු කලක් තිස්සේ සම්බන්ධ වී පැවතුන අතර මේ දින වල පවතින වසංගතය තත්වය එකවරම ඔවුන්ගේ මූලික ව්‍යාපාර වන ප්‍රවාහන සේවාව සඳහා ඇති ඉල්ලුම අඩු වී යාමට හේතු වුන බව බීබීසී වාර්තා වල සදහන් වන අතර uber හි ආහාර බෙදා හැරීමේ ඉල්ලුම ඉතා ඉහල මට්ටමක පවති .ඒ හෙයින් Uber Eats සඳහා දීප්තිමත් ස්ථානයක් මේ දින වල ලැබී තිබෙන්නවා.
“මේ දිනවල ජනතාව බොහෝ විට නිවසටම වී කල් ගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රවාහන ව්‍යාපාරය සැලකිය යුතු ලෙස පහත වැටීමකට ලක් වී ඇති අවස්ථාවක, uber eats ව්‍යාපාරය ඉහළ යමින් තිබේ,” යැයි uber හි ප්‍රධාන විධායක නිලධාරී ඩාරා කොස්රෝෂාහි මැයි මස මුලදී සමාගමේ පළමු කාර්තුවේ ඉපැයීම් පිලිබඳව පැවති සමුළුවේදී පැවසීය. කොස්රෝෂාහි පැවසුවේ අප්‍රේල් මාසයේදී සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වන ප්‍රවාහන සේවාව 80% කින් පමණ පහත වැටී ඇති බවයි.
Postmates සමාගමේ ඉල්ලුමට අනුව බෙදා හැරීමේ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස සලකනු ලැබුවද එය එක්සත් ජනපද වෙළඳපොලේ සැලකිය යුතු මට්ටමක තරඟකාරීත්වයක් පෙන්නුම් කරනවා. විශ්ලේෂණ සමාගමක් වන second measure වලට අනුව, මැයි මාස ආරම්භයේදී එක්සත් ජනපදයේ ආහාර බෙදා හැරීමේ අලෙවියෙන් 8% ක් උපයා ඇති අතර පසුගිය අගෝස්තු මාසයේදී ඩෝර් ඩෑෂ් සමාගම අත්පත් කරගත් වාරික ප්‍රමාණය විකුණුම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රමුඛයා වන අතර එය 44% ක කොටසකි.
Postmates ඔවුන්ගේ විකල්පයන් විවෘතව තබාගෙන සිටින අතර, ගිම්හානය අවසන් වීමට පෙර සමාගම විසින් වෝල් වීදියේ ආරම්භය දැක ගත හැකි වන පරිදි මූලික මහජන ඉදිරිපත් කිරීමක් සමඟ ඉදිරියට යා හැකි බව වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව වාර්තා කරනවා.
by Dilki Shamani
source : edition.cnn.com
567 Views
Comments