ළිං කැපීමට සුබ දිශා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

ළිං කැපීමට සුබ දිශා

ළිං කැපීමට සුබ දිශා

ළිඳක් කියන්නේ නිවසට වාසනාව ගෙන දෙන අංගයක්. අතීතයේ සිට ජලය සුභ සුබ ලක්ෂණයක් ලෙස සැලකෙන්නේ මේ නිසාමයි. සුබ කටයුත්තකට යාමට පෙර මල් දැමූ ජලය වීදුරුවක් පානයට දෙන්නේ ඒ විශ්වාසය නිසයි. නිවසක ළිඳ පිහිටා තිබෙන ස්ථානය අනුව නිවැසියන්ට සුබ අසුබ පල ගෙන දෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

උලුවහු නිවැරදිව තැබීමකින් පසුව නිවසේ වාසය කරන සියලු දෙනාටම වතුර ලබා ගන්නා ළිඳ සුබ දිශාවකින් කපා ගැනීම වැදගත් කාරණයක් වෙනවා.ළිඳ අසුභ දිශාවකින් කපා ගෙන තිබෙනවා නම් එය ඔබ විසින්ම ඔබට කරගත් අකුසලයක් වගෙයි. ළිඳ හෑරීම සඳහා සුබ දිශාවන් හතරක් තියෙනවා. උතුරු දිශාව ඊසාන දිශාව නැගෙනහිර දිසාව බස්නාහිර දිසාව යන දිශා හතරටම හෑරීම සුබයි. ඉතිරි දිශාවන් වලට ළිං හැරීම අසුබ වෙනවා. මුදුන් යට ලීයේ කොන්දෙක දෙපැත්තේ බිත්ති උඩ යට ලී දෙකේ කොන් හතරද නිවසේ හතර කොනේ ඇති බිත්ති මුළුද ළිඳට අසුවන සේ ළිං කැපිම අසුබ ලෙස සලකනවා.

ඉඩමේ හරි මැද ළිඳ ඇතිනම් එය අශුභයි. ඉන් ධන හානි සිදුවෙනවා.

උතුරු දිසාවේ ළිං කැපීම සුබයි. සැපසම්පත් සතුට ඉන් ඇති වෙනවා.

ගිනිකොණදිග ළිඳ කැපීම අසුබයි. පුත්‍ර හානි ඇති වෙනවා.

දකුණු දිසාවේ ළිඳ කැපීම අසුබයි. ඉන් ස්ත්‍රීන් හානි ගෙන දෙනවා.

නිරිත දිශාවේ ළිඳ කැපීම අසුබයි. මෙයින් මරණය සිදුවෙනවා.

බස්නාහිර දිශාවේ ළිඳ කැපීම සුබයි. ඉන් සම්පත් ලැබෙනවා.

වයඹ දිශාවේ ළිඳ කැපීම අසුබයි. සතුරු පීඩා කරනවා.

නැගෙනහිර දිශාවේ ළිඳ කැපීම සුබයි. ඉන් ඉසුරු ලැබෙනවා.

ඊසාන දිශාවේ ළිඳ කැපීම සුබයි. මෙයින් සැප සම්පත් ලැබෙනවා.


ඔබේ නිවෙසට අවශ්‍ය ළිඳ කැපීම ආරම්භ කිරීමට සුභ සුබ නැකතක් අවශ්‍ය වෙනවා. එසේ නැකතට ළිඳ කැපීම සිදු නොකිරීමෙන් ළිඳේ වතුර රඳා නොපැවතීම සිදුවෙනවා. එහෙමත් නැත්නම් වතුර පාවිච්චි කිරීමට නොහැකි වන සේ අමිහිරි රසයෙන් යුක්ත වෙනවා. එබැවින් පළමුවෙන්ම ජෝතිෂ මැනවින් දත් උගත් කෙනෙකු ලවා නැකතක් සාදා ගෙන ඒ අනුව ළිඳ කැපීම ආරම්භ කිරීම සුදුසුයි. එවිට ළිඳේ වතුර මිහිරි රසයෙන් යුක්ත නොවී තද නියං කාලයටත් වතුර ඔරොත්තු දෙනවා.

නිවසේ එකතු වන කුණු කසළ දමන ස්ථානය නැත්නම් කුණු වල බස්නාහිරට කපන්න. ප්‍රේත පාදයට අසුවන නිසා ඉඩම කෙළවරක කුණු වල කපන්න. වැසිකිලි තැනිය යුත්තේ නිවසේ නිරිත දිගට. අනෙකුත් ස්ථානවලට වඩා නිරිතදිග වැසිකිලිය තැබීම නිවසට සුබදායකයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

5527 Views

Comments

arrow-up