ලොව පිරිසිදුම නගර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

ලොව පිරිසිදුම නගර

ලොව පිරිසිදුම නගර

ලොව වඩාත් පිරිසිදු හරිත නගර ලෙස නිර්මාණය වී සංවර්ධනය කර ඇති මෙම නගර මිහිපිට ඇති දිව්‍ය විමන් ලෙස අනුමාන කළහැක. මේ එවැනි නගරයි.

 

ඩෙන්මාර්කයේ කෝපන්හේගන්
 


2019 වනවිට ලොව පිරිසිදු සහ හරිත නගර ලෙස ප්‍රමුඛත්වයෙන් වැජඹෙන නගර අතරින් ගෝලීය හරිත ආර්ථික දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්වලට අදාලව දෙවැනි වතාවටද හොඳම නගරය ලෙස අංක එකට පත්ව ඇත්තේ, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයයි. මෙම නගරය සඳහන් වන්නේ ලොව වඩාත්ම පරිසර හිතකාමී නගරය නමින්. ගෝලීය හරිත ආර්ථික දර්ශකයේ ප්‍රමුඛස්ථානයට ඒමට කෝපන්හේගන් නගරයට හැකිවූයේ, අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා එරට රජය විසින් සැලකිය යුතු ආයෝජනයක් කර ඇති බැවිනි.
 


නෙදර්ලන්යේ ඇම්ස්ටර්ඩෑම්
 


ලොව ඇති පරිසර හිතකාමි යන තේමාව යටතේ නිර්මාණය වු නගර අතරින් මේ නගරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයයි. නගරයේ වෙසෙන ජනතාවට වඩා පාපැදි ප්‍රමාණය වැඩි බව සඳහන් වේ. පාපැදිවලට අමතරව විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ බෙහෙවින් ප්‍රචලිතය. මෙහි නිවැසියන් බොහෝදෙනා දෛනික බලශක්ති කටයුතු උදෙසා සුර්යකෝෂ බලශක්තියෙන් ක්‍රියාත්මක වනදේ උපයෝගී කර ගනී. ඊට අමතරව සුළං බල සහ ජලරෝද බලශක්තිය උපයෝගී කරගන්නා අතර, ඉලෙක්ට්‍ර්ක් බලයෙන් ක්‍රියාත්මක වනදේ සුළං බලශක්තියට හුවමාරු කර ගැනීමටද පියවර ගෙන ඇත.

 

බ්‍රසීලයේ කුරීටිබා
 


දකුණු ඇමරිකානු කලාපයේ හරිත දර්ශකයේ ඉදිරියෙන්ම ඇති නගරය ලෙස හැඳින්වෙන්නේ බ්‍රසීලය කුරීටිබා නගරයයි. ලොව ප්‍රථම වරට ශීඝ්‍රඝාමි බස්රථ සේවාව ස්ථාපිත කළ නගරය ලෙසද මෙම නගරය සඳහන් වේ. එසේ ගමනක් පැමිණි කුරීබිටා 80 දශකය වනවිට ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියකට පරිවර්තනය විය. පරිසර හිතකාමිත්වය උදෙසා එය දිගින්-දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි.

 


සිංගප්පුරුව
 


සිංගප්පුරුව යනු ආසියාවේ සදාහරිත නගරය මෙන්ම ජීවත් වීමට වඩාත් සුදුසු ස්ථානය බව ඔබ දන්නවාද? ඉතා කුඩා භූමි ප්‍රමාණයකින් සමන්විත රාජ්‍යයක් බැවින්, භූමිය යනු සිංගප්පූරුවට අන් සියල්ලට වඩා වටිනාම-අගනාම වස්තුව වන්නේයඒ නිසා 21වැනි සියවසේ මැද වනවිට ඔවුනගේ අරමුණ වී තිබුණේ කසළින් තොර ගොඩබිම් බවට රටේ ඉතිරිව ඇති හිස්බිම් ප්‍රමාණය පත් කරවීමටය. ඒ නිසා කිසි ලෙසකින් හෝ කසළ පරිසරයට මුදා හැරීම සිදු නොවේ. 1992 දී දියත් කරන ලද ග්‍රීන් ප්ලෑන් සංකල්පය අද සිංගප්පුරුව ලබා සිටින පාරිසරික සුපිරිසිදු භාවයේ හැරවුම් ලක්ෂයයි. භූමිය වඩාත් පිරිසිදුව තබා ගැනීම සිදුවුයේ එම සංකල්පයෙන් පසුවය. පිරිසිදු ජලය මෙන්ම වාතය පවා අපවිත්‍ර නොකොට පිරිසිදුව තිබිම නිසා සිංගප්පුරුව මෙසේ ජීවත්වීමට වඩාත් සුදුසු ස්ථානය බවට පත්ව තිබේ.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

1001 Views

Comments

arrow-up