ලිතියම් අයන බැටරි ලංකාවේ හදන විද්‍යාඥයන්

අපි එදිනෙදා භාවිතා කරන ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ට්‍රික් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කරන බව ඔබ දන්නවා. නමුත් ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන්. එලෙස භාවිතා කරන කෘත්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගනිමින් ලිතියම් අයන බැටරි නිෂ්පාදනයට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී ඇති බව වාර්තා වේ.
වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස එය සිදු කිරීමට හැකි හැකිවූ බව පර්‍යේෂණයේ ප්‍රධානී මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතා පෙන්වා දෙනවා. ලිතියම් අයන බැටරි සඳහා ලංකාවේ ස්වභාවික මිනිරන් භාවිතා කිරීමේදී එහි සාඵල්‍යතාවය වැඩි වුවත් ගැටලුව වී තිබී ඇත්තේ ස්වාභාවික මිනිරන් වල අපද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගු වීමයි. ඒ සඳහා විසඳුම් සෙවීමට සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස මිනිරන් වල අඩංගු අපද්‍රව්‍ය 99.99% කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
වර්තමානයේ ලංකාවේ ස්වාභාවික මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වල අඩංගු අපද්‍රව්‍ය පිරිපහදු කර වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි බව මෙම පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. මෙලෙස දේශීය ස්වාභාවික මිනිරන් භාවිතා කිරීමෙන් විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට හැකිවෙනවා. එබැවින් නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.
ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් මෙම පර්‍යේෂකයන් පිරිස බලාපොරොත්තු වෙනවා.
එහි ආරම්භයක් ලෙස මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් ඔවුන් නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. මීට අමතරව දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තිබෙනවා. එමගින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි යැයි විජයසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
by Dilki Shamani
Photo source : Internet
805 Views
Comments