පොල් වතුරේ ගුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

පොල් වතුරේ ගුණ

පොල් වතුරේ ගුණ

පොල් වතුර පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ මෙන්ම පුදගලයෙකුගේ හොඳ සෞඛ්‍ය තත්වය වර්ධනයටත් බෙහෙවින්ම බලපානවා. පොල් වලින් ගන්නා පොල් කිරි , පොල් තෙල් මෙන්ම පොල් වතුරත් යන සියල්ලම අපගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා.

එසේම ඒවා මිනිස් ශරීරයට ඉතා ගුණදායකද වනවා. සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට බොහෝ දෙනා පොල් ගෙඩිය බිඳ එහි වතුර පානය කිරීමට ප්‍රියතාවයක් දක්වනවා. ඒ එය ඉතා රසවත් නිසාවෙනි.

කිසිදු රසකාරකයක්, වර්ණකයක් අන්තර්ගත නොවන පෝෂ්‍ය කොටස් උපරිමයෙන්ම ඇති සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වඩා යෝග්‍ය ස්වාභාවික පානයක් ලෙස පොල් වතුර සැලකෙනවා.

අද අපි ඔබත් මමත් මෙලෙස පානය කරන පොල් වතුරෙහි ගුණාත්මක භාවය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්නට සූදානම්.

පොල් වතුරෙහි විටමින් හා ඛනිජ ලවණ බොහෝමයක් අඩංගුයි. මැග්නීසියම් , පොටෑසියම් , විටමින් A හා විටමින් C අන්තර්ගතයි.


> ඔක්සිකාරක ආතතිය අවම කරයි.

ශරීරයේ ඔක්සිකාරක ආතතිය මගින් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන අතර පොල් වතුරෙන් එම ඔක්සිකාරක ආතතිය අවම කිරීමට දායකත්වය ලබා දෙනවා.

> පාචනය මැඩලීමට උපකාරී වනවා.

පොල් වතුරෙහි අන්තර්ගත වන සෝඩියම් , පොටෑසියම් හා විටමින් A , C වැනි ඉලෙක්ට්‍රොටයිට පාචනය හෝ අතීසාරය මැඩලීමට උපකාරී වන අතර එවැනි රෝගී අවස්ථාවකදී එවැනි රෝගියෙකුට සුදුසුම දියරය පොල් වතුරයි.

> ආහාර ජීරණ පද්ධතිය වැඩි දියුණු කරවීම.

පොල් වතුර ආහාර ජීරණය පහසු කරවන පානයක් වනවා. එසේම ජීරණ පද්ධතිය වැඩි දියුණු කරවීමටත් උපකාරී වනවා. පුදගලයෙකු විජලනය වූ විටදී පොල් වතුර ලබා දිය හැකි අතර හැකි සෑම අවස්ථාවකම පොල් වතුර පානය මගින් ඔබට ආහාර ජීරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු වනවා ඇත.

> අධි රුධිර පීඩනය පාලනය කිරීම.

පොල් වතුර පානයෙන් අධි රුධිර පීඩනය පාලනය කර ගත හැකි වෙනවා. එයට එහි අන්තර්ගත වූ මැග්නීසියම් හොඳ ප්‍රභවයක්. මැග්නීසියම් වලට ඉන්සියුලීන් සංවේදිතාව වැඩි දියුණු කිරීමේ හැකියාවද ඇත.

> වකුගඩු ගල් ඉවත් කිරීමට මෙන්ම ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව.

පොල් වතුර පානයෙන් ශරීරයෙහි ඇති විෂ ඉවත් කිරීමෙන් වකුගඩු වල ඇති ගල් ඉවත් කරගැනීමට පහසු වනවා.

> ගර්භණී සමයේ කාන්තාවන්ට.

ගර්භණී කාන්තාවන්ට ඇතිවන උදෑසන වමනයට සහනයක් ලබා දීම මෙන්ම එහි අඩංගු ස්වාභාවික ගුණාංග වලින් මුත්‍රා ආසාදන , මල බද්ධය වැනි පොදු ගැටළු අවම කර ගත හැකියි. එහෙත් ගර්භණී කාන්තාවකට පමණට වඩා පොල් වතුර පානය එතරම්ම සුදුසු නොවන අතර මධ්‍යස්ථව පානය කිරීම කළ යුතු බව මතක තබා ගන්න.

 


> කිරිදෙන මවුවරුන්ට.

ගර්භණී කාන්තාවන්ට වගේම කිරිදෙන මවුවරුන්ටත් පොල් වතුර සුදුසුයි. එහි ඇති ප්‍රති දිලීර හා ප්‍රති බැක්ටීරියා වලින් අළුත උපන් බිළිදා බොහෝමයක් ආසාදන වලින් ආරක්ෂා කරගත හැකි වනවා. මවගේ මෙන්ම දරුවාගේත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා ඉහළ නැංවීමට පොල් වතුරට විශිෂ්ඨ හැකියාවක් ඇත.

ගර්භණී කාන්තාවන්ට පොල් වතුර මධ්‍යස්ථ ලෙස පානය කිරීම සිදු කළ යුතු වුවද කිරි දෙන මවක් හැකි සෑම අවස්ථාවකදීම පොල් වතුර පානය කිරීම සුදුසු වනවා.

> බර අඩු කර ගැනීම.

බර පාලනය සඳහා පොල් වතුර නිර්දේශිත පානයක් වනවා. එහි ඇති පෝෂක අන්තර්ගතය මගින් ඔබව නීරෝගීව තබා ගන්නා අතරම සමබර ජීවන රටාවක් ගත කිරීමටද උපකාරී වනවා.

මිනිසෙකුට දිනකට පොල් වතුර මිලිලීටර් 250 ක් පමණ පරිභෝජනය කළ හැකි අතරම, එහි ජලය 94 % ක් මෙන්ම සරල සීනි 0 % ක් මෙන්ම හොඳ කාබොහයිඩ්ඩ්‍රේට් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. පොල් වතුරෙහි කැලරි ප්‍රමාණයද ඉතාමත්ම අඩු මට්ටමක පවතිනවා.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1238 Views

Comments

arrow-up