චීනයෙන් වීඩියෝ ගේම් වලට සීමා

වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහිවීම ‘ඉන්ටර්නෙට් ගේමින් ඩිසෝඩර්’ හෙවත් අන්තර්ජාල ක්‍රීඩා ආබාධය යනුවෙන් හැඳින්වෙන අතර පසුගිය වසරේ ජූනි මාසයේදී එය නිල වශයෙන් පිළිගත් රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික රෝග වර්ගීකරණයට ඇතුළත් විය. අධ්‍යාපනය ලබන වයසේ පසුවෙන අන්තර්ජාල ක්‍රීඩාවල නිරතවන්නෙක් අධ්‍යාපන කටයුතු පසෙක දමා ක්‍රීඩාවල නිරත වන්නේ නම් සහ වැඩිහිටියෙක් පවුල් ජීවිතය හා සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු අතපසු කර ක්‍රීඩා කරන්නේ නම් එය අන්තර්ජාල ක්‍රීඩා ආබාධය වැලඳී ඇතැයි පෙන්වන සාධකයකි.
වීඩියෝ ක්‍රීඩා සඳහා ලොව ලොකුම වෙළෙඳපොළ වන්නේ ද චීනයයි. දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා චීනය අපූරු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබේ. චීන රජය විසින් පනවා ඇති වීඩියෝ ක්‍රීඩා ඇඳිරි නීතිය හැම අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සමාගමක් විසින්ම පිළිපැදිය යුතුය. ලෝකයේ වීඩියෝ ක්‍රීඩා දැවැන්තයා වන ටෙන්සෙන්ට් සමාගමට ද මෙම ඇඳිරි නීතිය අදාළ වේ. එම නව නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු කිසිවෙකුට රාත්‍රී 10ත් උදෑසන අටත් අතර කාලයේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල යෙදීම තහනම් ය. සතියේ දිනවල ක්‍රීඩා සඳහා අවසර ලැබී තිබෙන්නේ විනාඩි 90ක කාලයකට ය. සති අන්තවලදී සහ රජයේ නිවාඩු දිනවලදී, ඒ කාලය දවසකට පැය තුනකි. කුඩා දරුවන් අන්තර්ජාල ක්‍රීඩා සඳහා කරන ගෙවීම් ද සීමා කර ඇත. අවුරුදු අටත්, 16ත් අතර වයස්වල පසුවෙන දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩා සඳහා මාසයකට ගෙවිය හැකි උපරිමය යුවාන් 200ක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000 ගණනකි. 16 සිට 18 දක්වා වයස්වල පසුවෙන්නන්ට ගෙවිය හැකි උපරිමය රුපියල් 10,000 ගණනකි.
අන්තර්ජාල අවකාශය ඉතිරිකරගැනීම සහ කුඩා දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉහත පියවර ගත් බවයි. චීන පාලනාධිකාරිය මෙම වැඩපිළිවෙළ යථාර්ථවාදී එකක් වීම පිණිස අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර වීඩියෝ ක්‍රීඩා සඳහා සැබෑ නමින් ලියාපදිංචි විය හැකි අයුරින් චීන පොලිසිය සමඟ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව කිසියම් ක්‍රීඩකයෙකුගේ නම බලා ඔහුගේ අනන්‍යතාව රජයේ දත්ත බැංකුවෙන් හඳුනාගැනීමේ හැකියාව ලැබේ. පසුගිය වසරේ අගෝස්තුවේදී ද නව ඔන්ලයින් ක්‍රීඩා ලියාපදිංචිය සීමා කරන්නට චීන රජය කටයුතු කළේ යොවුන් වියේ පසුවෙන්නන් හා දරුවන්ගේ ඇස් පෙනීමේ දුබලතා හේතුවෙනි. 2018 චීන විශ්වවිද්‍යාලයකින් කළ පර්යේෂණයක් අනුව මෙවැනි ක්‍රීඩා සඳහා වැඩි වශයෙන් ඇබ්බැහි වන්නේ පිරිමින් බව අනුමාන කර තියෙනවා. කොහොම නමුත් මේ අලුත් නීතිය නම් බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තියෙනවා.
By : Dilki Shamani
Photo Source : Internet
726 Views
Comments