බංග්ලාදේශයේ උණබට විදුලි සංදේශ කුළුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

බංග්ලාදේශයේ උණබට විදුලි සංදේශ කුළුණ

බංග්ලාදේශයේ උණබට විදුලි සංදේශ කුළුණ

හරිතකරණය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වර්තමාන සංකල්පයකි. ඒ අනුව උණබටවලින් තැනූ ප‍්‍රථම දුරකතන කුලුන බංග්ලාදේශයේ ඩකා නුවර උත්තර ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් මත පසුගියදා ස්ථාපිත කෙරිණි. මෙම උණබට කුලුන බංග්ලාදේශ ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සයිඩ් ඉෂ්ටියාක් අහමඩ් මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසින් නිර්මාණය කර තිබේ. මෙම මුලපිරීම තුළින් සමාගම විදුලි සංදේශවල සාම්ප්‍රදායික වානේ ව්‍යුහයන් වෙනුවට විකල්ප ද්‍රව්‍ය භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.


මෙම ස්වාභාවික උණබට කුලුන 'එඩොට්කෝ‘ නම් බංග්ලාදේශ සමාගම විසින් ප්‍රචලිත කෙරිණි.මෙය පුනර්ජනනීය සම්පත් භාවිතයේ නව පියවරක් ලෙස තිරසාර හා හරිත ඉංජිනේරුකරණය සම්බන්ධව එම සමාගම තැබූ සාර්ථක පියවරක් වන අතරම උණබට භාවිතයෙන් තැනූ දුරකතන කුලුනක් සවිකළ ප‍්‍රථම සමගම වන්නේද එම සමාගමය.


උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හැඳින්විය හැක. රටේ තාක්‍ෂණික දියුණුවට ස්වභාවික සම්පත් ඵලදායී ලෙස භාවිත කළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතා වැදගත් කොට සලකන බැවින් උණබටවල ඇති ආවේණික ගුණාංග නිසා දුරකතන කුලූනු ලෙස පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන බව ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවූ බව මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා පෙන්වා දෙයි. මෙම උත්සාහයේ අරමුණ වනුයේ රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමටත් දායකවීම බව ඔහි පෙන්වාදෙයි.
 


උණබටවලට විශාල බරක් දරාගැනීමේ හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සනාථ වී ඇති අතර අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ පදම් නොකළ උණ බම්බු වලට කොන්ක්‍රීට් වල බර දරා ගැනීමේ හැකියාව ඇති අතර එහි බරට සහය දැක්වීමේ දෘඩතාව සහ ශක්තිය ඇති බවයි. එබැවින් දුරකතන කුලූනු සඳහා යෝග්‍ය බවද ඔප්පුවී තිබේ. එමෙන්ම සුළඟ වේගය පැයට කිලෝමීටර 210 ක් වුවද දරා ගැනීමේ හැකියාව උණ බට වලට ඇති බව අනාවරණය වී තිබේ. නිසි ලෙස නඩත්තු කළහොත් මෙම උණබට අවුරුදු 10 ක පමණ කාලයක් වුවද ආරක්‍ෂාකරගත හැකිවෙනවා. දින 12 කින් වැනි ඉතා කෙටි කාලයකින් පමණ මෙම උණබට කුලූනක් තැනිය හැකියි. ඒ සඳහා වැය වන්නේ වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියක්. මෙම ස්වාභාවික කුළුණට ඇන්ටනා 8 ක් දක්වා එකවර සවිකළ හැකිවීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. උණබට සාපේක්ෂව ඉතා සැහැල්ලූවීම නිසා සවිකරන ගොඩනැගිලිවලට පමණට වඩා වැඩි බර පැටවීමක් සිදු නොවේ. ඊට අමතරව දේශගුණික සහ කෘමි උවදුරුවලින් ආරක්‍ෂාකර ගැනීම සඳහා උණබටවල රසායනික ආලේපනය කිරීමේ ක‍්‍රියාවලිකයට ලක් කිරීමක් මෙහිදී සිදුකෙරේ. මෙම උණ බම්බු කුළුණ නවෝත්පාදනය සාර්ථක වුවහොත් ඒ ආශ්‍රිතව ගෘහස්ථ තාක්‍ෂණය සඳහා දිරිගැන්වීම් ලබා දෙන බවද වාර්තා වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

530 Views

Comments

arrow-up