ගැබිනි සමයේ සංකූලතා දරුවන්ගේ සංවේදීතාවයට බලපානවා

සංවේදීතාව පුද්ගල ජීවිතයක ඉතාම වැදගත් ලක්ෂණයක්. කෙනෙකුගේ සංවේදීතාව සඳහා බලපාන්නේ ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය. එනම් සංවේදීතාවයට අදාල මොළයේ ප්‍රදේශ හොඳින් උත්තේජනය වන්නේ නම් කෙනෙකුගේ ඉහළ සංවේදීතාවයකින් යුක්ත වෙනවා. නවතම අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ ගර්භනී සමයේදී කාංසාමය තත්ත්වයන්ට ගොදුරුවූ මව්පියන්ගේ දරුවන් තුළ මේ සංවේදීතාව අපේක්ෂා කළ කල මට්ටමට වඩා පහළ මට්ටමක පවතින බවයි. මෙහිදී පරීක්ෂකයන් විසින් අවධානය දක්වා තිබුණේ දුක හිතෙන කතාවකට ඇහුම්කන්දීමේදී දරුවන් දක්වන ප්‍රතිචාරය පිළිබඳවයි. සිඟිත්තෙකුගේ මොළයේ හැඟීම් හා කථනයට අදාලව ක්‍රියා පාලනය කරන කොටස් උත්තේජනය වන්නේ කෙසේද යන්න ගැනයි ඔවුන් විමසා බැලුවේ. එහිදී පෙනී ගොස් තියෙන්නේ ගැබිනි සමයේදී අම්මට සංකූලතා පැවැතියා නම් විශේෂයෙන්ම කාංසාමය තත්ත්වයක් ඔවුන්ගේ දරුවන් තුළ හැඟීම් සහ කථනයට අදාල කොටස් උත්තේජනය සාපේක්ෂව අඩු මට්ටමකින් පැවතියා. එයින් පෙනී යන්නේ ඔවුන් සංවේදීතාවයෙන් අඩු බවයි. එසේ පවසන්නේ මෙහි වූ පින්ලන්තය Alato විශ්වවිද්‍යාලයේ ආචාර්ය Ikka Nissaila. මෙහිදී පරීක්ෂාවට ලක්කළේ පින්ලන්තයේ මවුන් 19යකගේ දත්ත රැස් කිරීමෙන්. මේ මව්වරුන් 19 දෙනාටම ගැබිනි සමයේ සංකූලතා පිළිබඳ ප්‍රශ්ණාවලියක් ලබාදුන් අතර දරුවන්ට වයස මාස දෙකක් වූ විට ඔවුන්ගේ සංවේදීතාවට අදාළ පරීක්ෂණවලට යොමු කළා. මේ දරුවන්ගෙන් අටදෙනෙකු ගැහැණු ළමුන්ද එකොළොස් දෙනෙකු පිරිමි ළමුන්. දරුවන්ගේ මොළයේ Left frontal temporal parietal cortex නම් කොටසේ ක්‍රියාකාරිත්වය පරීක්ෂණයට බඳුන් කෙරුණා.
පළමුවෙන්ම මේ සිඟිත්තන් හමුවේ පටිගත කරන ලද හඬ පට වර්ගයක් වාදනය කරනු ලැබුවා. එම හඬ පට වල වූයේ පින්ලන්ත ප්‍රකට නිළියක හා හඬ කැවීම් ශිල්පිනියකගේ හඬයි. විවිධ හැඟීම් දනවන සේ සතුට කෝපය දුක හා උදාසීන විවිධ තාලයන්ගෙන් නිකුත් වූ ශබ්ද. එසේ වුවද මෙහි ඇතුළත් ප්‍රකාශය අන්තර්ගත සමානයි. ඉදිරිපත් කළ ස්වරූපය පමණක් වෙනස්. හඬ පට වලට සවන් දෙන සිඟිත්තන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය DOT Diffuse Optical Tomography ක්‍රමවේදට නිරීක්ෂණය කළා. එවිට පෙනී ගියේ සතුට කෝපය උදාසීන හඬ පට වලට අදාල ප්‍රතිචාර දෙපිරිස අතර වෙනසක් නොවූ බවයි. එහෙත් දුකට අදාළ හඬ සවන් දීමේදී දැක්වූ ප්‍රතිචාර වල සුවිශේෂී වෙනසක් පැවතුනා. එනම් සංකූලතා පැවැති මව්වරුන්ගේ දරුවන්ගේ මේ දුකට අදාල ශබ්ද වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක් පෙන්නුම් කළා. එමගින් පෙනී ගොස් තියෙන්නේ ගැබිනි මවගේ සංකූලතා දරුවන්ගේ මොළයේ වර්ධනයට බෙහෙවින් බලපාන බවයි.
by Dilki Shamani
Photo Source: Internet
625 Views
Comments