දිය යට කළ සඳගමනේ පෙරහුරු

දීර්ඝ කාලයක් පුරා ලොව පුරා විවිධ රටවල් සඳ පිළිබඳව විවිධ පර්යේෂණ සිදුකරමින් පවතිනවා. මීළඟ සඳ ගමනය සඳහා භාවිත කිරීමට සැරසෙන නවතම ගගනගාමී ඇඳුම් කට්ටලය ජලය යටදී පරීක්ෂා කිරීමේ අවස්ථාවක් නාසා ආයතනය පසුගියදා ක්‍රියාත්මක කළේය. ටෙක්සාස් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය්දී මෙම පරීක්ෂණය පැවැත්විණි. එම මධ්‍යස්ථානය සඳ මත පවතින පරිසරය අනුව සකසා ඇති කොටස් කිහිපයකින් සමන්විතය. නාසා හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භූමියේ හූස්ටන් හි විශාල ජනේල රහිත ගොඩනැගිල්ලක මෙම තටාකය පිහිටා ඇත. එය අඩි 40 ක් පමණ ගැඹුරකින් යුක්ත වන අතර ඔලිම්පික් ප්‍රමාණයේ තටාක කිහිපයක් පිරවීමට ප්‍රමාණවත් තරම් ජලය එහි රඳවා තබාගැනීමට හැකියාව ඇත. මතුපිටට යටින්, ජලයෙහි නිල් පැහැයෙන් වැසී ඇති අතර එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනුරුවකි.
ගුරුවාකර්ෂණය අඩු තත්වයක් යටතේ, කෘතිම තටාකයක මීටර් කිහිපයක් පහළ පතුලෙහිදී,මෙම පෙරහුරුව පැවතිණි. සඳ ගල් අහුලාගෙන එක් ස්ථානයකින් තව ස්ථානයකට යාම, ඇමෙරිකාවේ ධජය සිටුවීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවීමට ගගනගාමීන්ට අවස්ථාව සැලසිනි.මිනිසා පළමුවරට සඳ මතට පා තබා වසර 50කට ආසන්න කාලයක් ගත වී ඇත. මිනිසුන් සඳමතට යෑමේ කටයුත්ත සඳහා නායා ආයතනය ගෙන යන 'ආටෙමිස්' ක්‍රියාන්විතයට අනුව, 2024දී මීළඟ සඳගමනය සඳහා මෙම පරීක්ෂණ පැවැත්වේ.
"මේ පෙරහුරුවෙන් අපිට දැනගන්න පුලුවන්, අනාගත ආටෙමිස් ක්‍රියාන්විත සහ පුහුණුවීම්වලදී අවශ්‍ය කරන මෙවලම්, සංවර්ධනය කරගත යුතු දෘඩාංග, භාවිත කළ යුතු හොඳම උපාංග මොනවාද යන්න. ඒ වගේම සඳගමනයට අවශ්‍ය කරන උපකරණ යොදාගැනීමෙන් ලබන ප්‍රතිචාරය ගැනත් අපි සැලකිලිමත් වෙනවා" යැයි එම පර්යේෂණ කණ්ඩායම පවසති. මෙහිදී එම කණ්ඩායම් විසින් සලකා බැලිය යුතු හා ක්‍රියාත්මක කළ යුතු මූලධර්ම රාශියක් ඇත. එනම් කාර්ය මණ්ඩලය ඉණිමඟක් ආරක්ෂිතව නැගිටින ආකාරය, මිටියක් ආරක්ෂිතව ගසාගෙන යන්නේ කෙසේද යන්න පුහුණු විය යුතුයි.
පසුගිය වසර 20 තුළ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම හා නඩත්තු කිරීම වැනි ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයෙන් අභ්‍යවකාශ ගමන් සඳහා ගගනගාමීන් සූදානම් කිරීම පිළිබඳ නාසා ආයතනයට පුළුල් අත්දැකීම් ඇති අතර සඳ මෙහෙයුම් සඳහා සූදානම් වීමේදී ඔවුන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙයි. පරීක්ෂණ දිගටම කරගෙන යද්දී, කණ්ඩායම සම්පූර්ණ චන්ද්‍ර අභ්‍යවකාශ ගමන් කාල නියමයන් සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අතර, පරීක්ෂණයේ විෂය පථය පුළුල් කිරීමට අපේක්ෂා කරයි.ඒ අනුව මෙම අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල අඟහරු වෙත මිනිසුන් යැවීම සදහා ද භාවිතා කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.
by Dilki Shamani
Photo source : Internet
800 Views
Comments